මුල් මස 6 තුළ ඔබ දරුවාට මව් කිරි පමණක් ලබා දිය යුත්තේ මෙන්න මේ නිසයි

April 15, 2018
5,308
This is why child should feed only breast milk in first 6 months
උපතෙන් මුල් මාස 6 පමණ වන තෙක් දරුවාට අවශ්‍ය සියලුම පෝෂණ අවශ්‍යතාවයන් මව් කිරි වලින් ලැබෙනවා. ඒ නිසා මාස 6ක් ගත වන තුරු දරුවාට සුදුසුම ආහාරය වන්නේ මව් කිරි. ඒ වගේම දරුවාට එය ඉතා හොඳින් ජීර්ණය කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඉතා පහසුවෙන් ජීර්ණය වන නිසා සියලුම පෝෂ්‍ය පදාර්ථ, ඉතා වැඩි ප්‍රමාණයක් දරුවාගේ සිරුරට උරා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම එය දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් මනා පිටුවහලක් වනවා. එමෙන්ම අනෙක් දියර වර්ග හා ආහාර දරුවාට ජීර්ණය කර ගැනීමේ අපසුතාව නිසා මුල් මාස 6,7 තුළ දරුවාට මව් කිරි පමණක්ම ලබා දිය යුතුයි.

දරුවාගේ වර්ධනයට අවශ්‍ය ශක්තිය, අත්‍යාවශ්‍ය මේද අම්ල හා ප්‍රෝටීන් වර්ග රාශියක් මව් කිරි වල අඩංගු වනවා. එම පෝෂ්‍ය පදාර්ථ දරුවාගේ මොළය, ඇස් පෙනීම, අස්ථි ශක්තිමත් කිරීමට ඉවහල් වෙනවා. මව් කිරි වල වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන්නේ කිරි මෝරු කියන ප්‍රෝටීන් වර්ගය. මේ ප්‍රෝටීන් වර්ග සියල්ලක්ම දරුවාට විවිධ ආසාදන වලින් මිදීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ වගේම මව් කිරි වල සුදු රුධිරානු ඇතුළු දරුවාට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය කරන ප්‍රතිදේහ අඩංගු වෙනවා.

මේ විදියට මව් කිරි දරුවාට වැදගත් වන අතරම එයින් මවටද ඉතාමත් හිතකර ප්‍රතිලාභ රාශියක් ලැබෙනවා. විශේෂයෙන් එය දරුවා සහ මව අතර දැඩි සම්බන්ධතාවයක් ඇති කරන්න හේතු වෙනවා. ඒ වගේම එය මවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර දෙන්න ඉවහල් වෙනවා. මවගේ ගර්භාෂය නැවත යතා තත්ත්වයට පත් කරන්න එය හේතු වන අතරම මවට නිරක්තිය වැනි තත්ත්වයක් ඇති වීමට තිබෙන අවදානමත් අවම කරනවා.

මීට අමතරව මවට වැළඳීමට හැකි බිම්භකෝෂ පිළිකා, පියයුරු පිළිකා අවදානමෙනුත් මිදෙන්න මව් කිරි දීම ඉවහල් වෙනවා. මුල් මාස කිහිපය තුළ මව නැවතත් ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ යම් ප්‍රමාණයකින් අවම කිරීමටත් පුළුවන්. මේ නිසා තමයි මව් කිරි දීම දරුවාටත් මවටත් ඒ තරම් වැදගත්.

මව් කිරි වලින් දරුවෙකුට ලැබෙන පෝෂණය වෙනත් කසිම සත්ත්ව කිරි වර්ගයකින් ලබා ගන්න බැහැ. ඒ තරමට මව් කිරි ඉහල පෝෂණයකින් යුක්තයි. මුල් මාස 6 තෙක් දරුවට අවශ්‍ය සියලුම පෝෂණයන් මේ මඟින් ලැබෙන නිසා අනිවාර්යෙන් මව් කිරි හැර වෙනත් කිරි වර්ග දරුවාට ලබා දීමට උත්සාහ කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 773 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:12 AM
Script:/article/773/this-is-why-child-should-feed-only-breast-milk-in-first-6-months.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:13 AM
Script:/article/773/this-is-why-child-should-feed-only-breast-milk-in-first-6-months.html