ගර්භනී අවදියේදී ඔබේ අදහසත් දෙන්නෙක්ට හරියන්න කන්නද?

January 19, 2017
5,535
A Food Guide for Pregnant Women
ඔබ මවක් වීමට යන බව දැන ගත් ගමන් පවුලේ හැමෝම වෙනදට වඩා වැඩි අවදානයක් ඔබ කෙරෙහි දක්වනු ලබනවා. ඔබට කන බොන විදිහ, අදින පළදින විදිහ, යන එන විදිහ පවා වෙනස් කර ගන්න වෙනවා ගෙදර අයගේ වැඩි අවදානය නිසා. මේ කාලයේදී ඔබට උදෑසන ඇතිවන තාවයන් වගේම වෙනත් හේතුන් නිසා කෑම බීම ගන්න එක ටිකක් අපහසු කාර්යක් විය හැකියි. මේ වෙලාවට ගෙදර ඉන්න වැඩිහිටි අය ඔබට මේ කාලය දෙන්නෙක්ට හරියන්න කන්න ඕනේ බව කියාවි. නමුත් ඒ කීම අහල දෙන්නෙක්ට හරියන්න කන්න යන එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි. හැබැයි මේකත් අමතක කරන්න එපා ගෙදර අය ඔබ ගැන වැඩි අවදානයක් දක්වන්නේ ඔබට වගේම ඉපදෙන්න ඉන්න දරුවටත් ඔවුන් ගොඩක් ආදරය කරන නිසා. මේ හින්ද ඔවුන්ගේත් හිත රිදවන්නේ නැතුව ඔබගේ ගර්භනී කාලයට ගැලපෙන හොද සෞඛ්‍ය පුරුදු ටික පරිස්සමින් තොර ගන්න.

සාමාන්යෙන් වෛද්‍ය වරුන් ප්‍රකාශ කරන්නේ ගර්භනී භාවයේ මුල් සති 20-24 ත් අතර කාලය තුල ආහාරයට ගත යුත්තේ ගර්භනී වීමට පෙර ලබා ගත් ආහාර ප්‍රමාණයම වන බවයි.මෙලෙස ප්‍රකාශ කරන්නේ සති 20 වන විටත් කළලයේ බර 700g තරම් සුළු බර ප්‍රමාණයක් නිසා මෙම බරට සැහෙන්න සුළු අහර ප්‍රමාණයක් ප්‍රමාණවත් වන නිසයි.

නමුත් ඉන් අනතුරුව වෛද්‍යවරු දවසකට කැලරි 200 ක් තරම් සුළු ප්‍රමාණයකින් අහර ගැනීම වැඩි කරන ලෙස පවසනවා. කෙසේ වෙතත් ගර්බනි අවදියේදී අඩුවෙන් ආහාර ගැනීමට වඩා වැඩියෙන් ආහාර ගැනීම ගැටළු ඇති කරවනවා.මෙය ගර්භනී කාලයෙන් පසුව මව ස්ථුල වීමට සෘජු ලෙසම බලපානු ලබනවා. ගර්භනී අවදියේදී නොව ඊට පෙර කාලයේදී කාන්තාවක් නිසි ලෙස ආහාර නොගැනීම නිසා මවගේ බර අඩු නම් දරුවගේද බර අඩු වීමට හැකියාවක් පවතිනවා. එම නිසා වඩා වැදගත් වන්නේ ගර්භනී කාලයේදී පමණක් නොව ගර්භනී වීමට පෙර සිටම හොද ආහාර පුරුදු රටාවකට හුරු වෙමින් හොද පෝෂණ තත්වයක් පවත්වා ගැනීමයි,

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,857
   55

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,168
   34

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි
These signs may be saying that you have cholesterol
   41,168
   15

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed