දඟකාර පොඩ්ඩාගේ නාසය තුළින් රුධිර ගැලීමකදී කළ යුත්තේ කුමක්ද?

December 3, 2019
11,407
What you should do if your child’s nose is bleeding
දඟකරන වයසේ ඉන්න පොඩ්ඩාගේ නාසය තුළින් රැධිරය ගැලීමේදී මවක් වශයෙන් ඔයාට කොයිතරම් නම් බියක් දැනෙන්න ඇති ද? නාසයෙන් ලේ එන එක සාමාන්‍යයි කියලා ඔයා දැනගෙන හිටියත් එය බලාගෙන ඉන්න බැරි තරම් වේදනාවක්. අද හැඩකාරී අපි ඔයාට නාසය තුළින් රුධිර ගැලීමකදී කළ යුත්තේ කුමක්ද යන්න මේ ලිපියෙන් කියලා දෙනවා. දරුවන් දුව පැන සෙල්ලම් කරන විට නොයෙකුත් ආකාරයේ අනතුරු වලට ලක් වෙනවා. විශේෂයෙන්ම පෙර පාසල් වියේ දරුවන් මෙන්ම වයස අවුරුදු දොළහ දහතුන වයසේ පසුවන දරුවන් තැනක් නොතකා ක්‍රීඩා කරන්නට උත්සාහ ගන්නවා. දරුවන්ට සිදුවන අනතුරු පිළිබඳව දෙමාපියන්ට යම් අවබෝධයක්‌ තිබිම අනිවාර්යයි.

01. පළමුව සන්සුන් වන්න

02. ඔගේ දරුවා පුටුවක හෝ උකුල මත කෙළින් වාඩි කර හිස පොඩ්ඩක් ඉදිරියට නැඹුරු කරන්න

03. දරුවාට ඔලුව පිටුපසට හේත්තු වීමට ඉඩ නොදෙන්න. මෙය උගුර පිටුපසින් රුධිරය ගලායාමට හේතු විය හැකි අතර වමනය හා කැස්ස ඇතිවීමට ඉඩ තිබෙනවා



04. දරුවාගේ නාස්පොල්ලට පහලින් ඇති මෘදු ප්‍රදේශය ටිෂූ එකක් හෝ ලේන්සුවක් ආධාරයෙන් යන්තමින් තද කර හුස්ම ගැනීමට අපහසුවක් නොවන ලෙස මිනිත්තු 10ක් පමණ අල්ලාගෙන ඉන්න. ඔයා ඉක්මණින් නැවැත්වුවහොත්, ලේ ගැලීම නැවත ආරම්භ විය හැකියි





05. ඔයාගේ දරුවා ටික වේලාවක් විවේකීයව තබන්න

06. ලේ යෑම නැවතුනු පසුවත් ටික වෙලාවක් යනකම් සොටුසූරන්න, නාසය කසන්න, නාසය පොඩි කරන්න දෙන්න එපා


වෛද්‍යවරයෙකු ඇමතිය යුත්තේ කුමන අවස්ථා වලදීද?

01. නාසයේ ලේ ගැලීම නිතර නිතර සිදුවෙනවා නම්

02. දරුවා නාසයේ යමක් දමා ඇති විට 

03. සුළු තුවාල වලින් අධික රුධිර වහනයක් හෝ විදුරුමස් වැනි වෙනත් ස්ථානයකින් රුධිර වහනයක් ඇති විට 

04. මෑතකදී නව ඖෂධ ගැනීම ආරම්භ කර ඇත් නම්

නාසයෙන් ලේ ගැලීමකදී හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කිරීමට හේතු වන අවස්ථා :

01. අධික ලෙස ලේ ගැලීම, කැරකිල්ල ක්ලාන්තය වැනි තත්ත්ව ඇති නම්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1469 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:28:16 PM
Script:/article/1469/what-you-should-do-if-your-child-s-nose-is-bleeding.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:28:16 PM
Script:/article/1469/what-you-should-do-if-your-child-s-nose-is-bleeding.html