දරුවන්ට ලබාදිය හැකි සෞඛ්‍යයට හිතකර පාන වර්ග

July 7, 2021
20,485
Healthy drinks for kids
කොරෝනා වසංගතය නිසා නිවසටම කොටුවී සිටින පොඩිත්තන් නිතර නිතර තිබහයි අම්මි කියද්දී මොනවද බොන්න දෙන්නේ කියන ගැටළුව ඔබටත් ඇති.. ඇත්තටම මොනවද කුඩා දරුවන්ට ලබාදිය හැකි ඔවුන්ගේ සෞඛ්‍යයට හානිදායක නොවන බීම වර්ග..

දරුවාගේ ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා ජලය හෝ දියර වර්ග පානය ඉතාමත් වැදගත් වනවා.. එමෙන්ම ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමෙන් දරුවාගෙ ශරීරය විජලනය නොවී පවත්වා ගැනීමටත් නිතර ප්‍රබෝධයෙන් සිටීමටත් උපකාරි වනවා. විශේෂඥයන්ට අනුව දරුවන් සඳහා සුදුසුම බීම වර්ග වන්නේ පිරිසිදු ජලය සහ කිරි යි.

ජලය සහ කිරි පානය මගින් දරුවාට අත්වන ප්‍රතිලාභ

ජලය
කුඩා දරුවන් ඉතා ක්‍රියාශීලී අතර නිතර ඔවුන්ගේ සිරැරේ ජලය පෙණහලු, සම, මල හා මුත්‍රා මගින් පිටකරනු ලබනවා.. එමනිසා එසේ පිටවන ජලය වෙනුවට නිතර පිරිසිදු පානිය ජලය දරුවාට ලබාදීම ඉතාමත් වැදගත් වනවා. විශේෂයෙන් වර්තමානයේ බොහෝ දෙනා නල ජලය බීමට හුරුව තිබෙන එහි අන්තර්ගත ෆ්ලෝරයිඩ් මගින් දරුවාගේ දත් ආරක්ශා වීම සිදුවනවා. එමනිසා ජලය යනු දරුවාට ලබාදිය යුතු අත්‍යවශ්‍ය පානයකි.

කිරි
දරුවන් ජීවිතය ආරම්භ කරන්නේම මවගේ තණ පුඩුවේ එල්ලි මවුකිරි පානය කරමිනි.. එමගින් ඔවුන්වෙත ස්වභාවික ප්‍රතිශක්තිය සහ පෝශණය ලැබෙනවා.. එමනිසා ඉතා කුඩා වියේ පසුවන දරුවන්ට අත්‍යවශ්‍ය පානයක් ලෙස මවුකිරි හැඳින්විය හැකි අතර මවු කිරි ලබාදිය නොහැකි යම් වෛද්‍ය උපදෙස් මත අතිරේක ළදරු කිරි වට්ටෝරුවක් ලබාදිය යුතුයි. එමෙන්ම කිරි වර්ග ලබාදීමේදි පහත කරුණු පිළිබදවත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වනවා.

- මාස 6ක් වනතෙක් මවුකිරි පමණක් ලබාදිය යුතු අතර මාස 6න් පසුව ක්‍රමක්‍රමයෙන් ඝණ ආහාර හුරුකල යුතුයි.
- අවුරුදු 1න් පසු දරුවන්ට එළකිරි ලබාදීමට හැකියි.
- එළකිරි මගින් නොළැබෙන පෝශ්‍ය පදාර්ථ ලබාදීම සඳහා දරුවාගේ ආහාර වේලට කුකුළු මස්, වෙනත් මස් වර්ග, බිත්තර, යෝගට්, චීස් වැනි ආහාර ලබාදීමත් ඉතා වැදගත් වනවා.
- අවුරුදු දෙක දක්වා දරුවන්ට සම්පූර්ණ යොදය සහිත කිරි ලබාදීමයි වඩාත් වැදගත් වනන්නෙ.. කිරිවල ප්‍රධාන වශයෙන් දරුවාගේ පෝෂණයට අත්‍යවශ්‍ය කැල්සියම් සහ ප්‍රෝටීන් අඩංගු වනවා.
- අවුරුදු 2ට පෙර දරුවාට එළුකිරි, පොල්කිරි, ආමන්ඩ් කිරි ආදිය ලබාදීමෙන් වැළකිය යුතුයි.
- වෛද්‍ය නිර්දේශය නොමැතිව අවුරුදු 2ට පෙර දරුවන්ට සෝයා කිරි ලබා නොදිය යුතුයි..


දරුවාට ප්‍රමාණයකින් යුතුව සහ ලබාදීමෙන් වැළකි සිටිය යුතු බීම වර්ග

පළතුරු යුෂ
- ඉතා කුඩා වියේ බිළිදුන්ට පළතුරු යුෂ ලබා නොදෙන්න.. එමගින් ඔවුන්ගේ මවුකිරි සහ අතිරේක කිරි සඳහා වන රුචිය අඩු වනවා.
- කුඩා ලමුන්ට ඇසුරුම්කරන ලද පළතුරු යුෂ ලබාදීම ඔවුන්ගේ දත් දිරායාම කෙරෙහි බලපානු ලබනවා. එමනිසා නිවසේ සකසන ලද නැවුම් පළතුරු යුෂ ලබාදීමට සැලකිලිමත් වන්න.
- තරමක් වයසින් වැඩුණු දරුවන් සඳහා සීනි එක් නොකරන ලද නැවුම් පලතුරු යුෂ ලබාදෙන්න.
- දරුවන් සඳහා දිනකට 125mL ප්‍රමාණවත් වනවා.

පැණිරස බීම
සිසිල් බීම, කෝඩියල්, විටමින් එක්කරන ලද ජලය, ශක්තිජනක පාන වැනි දෑ හි අධික සීනි සංයුතියක් අඩංගු වන අතර එමගින් දරුවන්ට කුඩා වියේදී දියවැඩියාව සහ ස්ථූලතාවයට පත් වීම වැනි අවධානම් තත්ත්ව ඇති වනවා.

කැෆේන් අඩංගු බීම වර්ග
තේ, කෝපි, කෝලා සහ ඇතැම් ශක්තිජනක පාන වර්ග වල කැෆේන් අන්ත‍ර්ගත වනවා. වැඩිහිටියන් හා සසඳන විට මෙම පාන වර්ගයන් හි අඩංගු කැෆේන් මාත්‍රාව තරමක් ඉහළ නිසා එමගින් දරුවන්ගේ නින්දට බාධා ඇතිවිය හැකි අතර අධි ක්‍රියාශීලී ලක්ෂණ පෙන්වීමටද ඉඩ තිබෙනවා.

බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණය පිළිබදව ඔබ දැනුවත්ද
සිසිල් බීමවල අන්තර්ගත සම්මත සීනි ප්‍රමාණය ග්‍රෑම් 40 සිට ග්‍රෑම් 45 දක්වා වනවා. එය තේ හැඳි 10ත් 11ත් අතර ප්‍රමාණයක්.. ක්‍රිඩා අතරතුර පානය කරන බිම වර්ගවල තේ හැඳි 7 සිට 9 දක්වා අඩංගු වනවා..එසේම ඇසුරුම් කරන ලද පළතුරු යුෂ මිලි ලීටර් 250ක සීනි තේ හැඳි 6.5 ක් පමණ සහ විටමින් එක්කරන ලද ජලය මිලි ලීටර 250ක සීනි තේ හැඳි 3ක් පමණ අඩංගු වනවා. මෙවැනි බීම වර්ග ඉතා ආම්ලික වන අතර කෘතිම රසකාරක අඩංගු බැවින් දරුවන්ගේ දත් දිරායාම සහ එනමලයට හානි පමුණුවනවා.

දරුවාගේ දෛනික දියර අවශ්‍යතාව නිසිපරිදි සපුරාලීම ඉතාමත් වැදගත් වන අතර වෙළදපොලේ ඇති කෘතිම පාන වර්ග ලබාදීමට පෙර එහි අන්තර්ගත රසකාරක සහ සීනි ප්‍රමාණය පිළිබදව සැලකිලිමත් වීමත් ඉතාමත් වැදගත් වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,592
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,014
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,499
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   71,005
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed