ඔයා ළඟත් මේ ලක්ෂණ තියෙනවා නම් ඔයා ඇත්තටම හොඳ පෙම්වතියක්

August 17, 2017
21,105
6 Important Qualities Of A Good Girlfriend
ආදරේ කරන්න, ආදරවන්තියක් වෙන්න අපි කොයි කවුරුත් කැමතියි. හැබැයි ආදරේ කරනවා කියන එක ඒ තරම් සරලව හිතන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ආදරේ සුන්දරයි කිව්වට ඒ සුන්දරත්වය නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්න නම් දෙන්නගෙම ආකල්ප, හැසිරීම්, අපි ඒ සම්බන්දෙට දෙන වටිනාකම වගේ ගොඩක් දේවල් බලපානවා. ඒ වගේම තමයි හොඳ පෙම්වතියක් වෙන්න නම් අපි ළඟ තියෙන්න ඕන වැදගත් ලක්ෂණ ගොඩාක් තියෙනවා. කියවලා බලන්න මොනවද ඒ කියලා සහ ඔයා ළඟත් මේ දේවල් තියෙනවද කියලා.

1. අතීතයට සමු දෙන්න

ඔයා අනවශ්‍ය විදියට නිතරම අතීතය හාර හාර අවුස්සන කෙනෙක් නම් ඉතින් ඒ සම්බන්ධතාවයේ තියෙන්නේ ප්‍රශ්න විතරයි. සම්බන්දතාවය පටන් ගනිද්දී ඔහුගේ අතීතය ගැන හොයල බලන එක ගොඩක් වැදගත්. එත් ඒ ගැන හොයලා දැන ගත්තට පස්සෙත් ඔයා සැරෙන් සැරේට එයාට කරදර කර කර අතීතය ගැන අහන එක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. හොඳ පෙම්වතියක් නම් මුල් තැන දෙන්නේ වර්තමානයට සහ ඔයාලා දෙන්නගේ අනාගතයට විතරයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතය නිවැරදිව ගොඩනගා ගන්න උත්සාහ කරන එකයි වැදගත්.

2. ආදරේ කියන්නේ ආදරේට මිසක් අයිතිකර ගැනීම නෙවෙයි

ආදර සම්බන්ධයකින් අපි අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය, සෙනෙහස, රැකවරණය වගේ දේවල්. ඒත් ඔයා ඒ දේවල් වෙනුවට එයාව පාලනය කරන්න, එයාට අයිතිවාසිකම් කියන්න නම් උත්සාහ කරන්නේ ඔයා අතින් මුලින් කිව්ව දේවල් මඟහැරෙනවා. එයාව අයිති කර ගන්න දඟලනවට වඩා එයාට උපරිමෙන් ආදරය කරනවා නම්, සෙනෙහස දෙනවා නම් එයා හැමදාමත් ඔයාගේ ළඟ රැඳෙනවා. එයාව අයිති කර ගන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ.

3. සතුට

සතුට කියන්නේ අපි ළඟ තියෙන ධනය කියලනේ කියන්නේ. එහෙම කියන්නේ ඒක ඒ තරම්ම වටිනා නිසා. හොඳ පෙම්වතියක් නම් හැම විටම ඔයාලා දෙන්න අතරේ සතුට කියන දේ රඳවා ගන්න උත්සහ කරනවා. ඒ වගේම ඔය දෙන්නා අතරේ තියෙන ප්‍රශ්න, මත ගැටුම් වැඩි වෙද්දී සතුට කියන දේ අපි අතරින් ගිලිහිලා යනවා කියන එක තේරුම් අරන් වැඩ කරන්න. ප්‍රශ්න ඇති වෙන්න තියෙන අවස්ථා හැකි තරම් අවම කරගෙන සතුට රැකගෙන බැඳීම් ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරන්න. සතුටින් ඉන්න කියලා විශේෂ දේවල් කරන්න ඕන නැහැ. එකිනෙකා ළඟ ඉන්න හැම වෙලාවකම සතුටින් ඉන්න උත්සහ කරා නම් ඇති.

4. ප්‍රශ්න දුර දිග යවන්නේ නැහැ

ප්‍රශ්න කියන දේවල් නම් ඉතින් අපි හැමෝටම අඩුවක් නැතුව හැමදාමත් තියෙන දෙයක්නේ. ආදරේ කරද්දීත් ඉතින් ප්‍රශ්න වල අඩුවක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. මෙහෙම ඇති වෙන ප්‍රශ්න තව වැඩි කර ගන්නේ නැතුව විසඳගන්න ඔයා උත්සාහ කරනවා නම් ඇත්තටම ඔයා බුද්ධිමත් පෙම්වතියක් කියලා කියන්න පුළුවන්.

5. එයා ගැන නිතරම හොයල බලන්න

ඔහු යන්නේ කොහෙද, ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියන එක හොයල බලන එක ඇත්තටම වැදගත්. එක අතකින් ඒක ඔයාගේ වගකීමක්. හැබැයි හොයලා බලනවා කියන්නේ සැක කරනවා කියන එක නෙවෙයි. සමහර අය ඉතින් හොයලා බලන්නේ කිසිම වැඩකට නැති බොරු හේතු, මනස්ගාත හිතේ තියාගෙනනේ. එත් ඔයා එයාව සැක කරනවා කියලා එයාට තේරුනොත් ඔයාලා අතරේ ප්‍රශ්න ඇති වෙන්න ඒක ප්‍රධානම හේතුවක් වෙනවා. අවංකවම ඔයා එයා ගැන හොයලා බලනවා නම්, වද වෙනවා නම් ඇත්තටම ඔයා හොඳ පෙම්වතියක්.

6. ඔහුව වෙනස් කරන්න උත්සාහ ගන්නේ නැහැ

ආදරය කියන්නේ මොකද්ද කියන එක වගේම පෙම්වතා ගැනත් හොඳින් තේරුම් ගත්ත කෙනෙක් කිසිම වෙලාවක එයාව වෙනස් කරන්න යන්නනේ නැහැ. අපි ඉන්න විදියට, අඳින පළඳින, කතා බහ කරන විදියට තවත් කවුරුත් බලපෑම් කරනවට වත් ඒවා වෙනස් කරන්න උත්සාහ කරනවටවත් අපි කැමති නැහැනේ. මොකද ඒක තමයි අපේ අනන්‍යතාවය. ඔහුගේ පැත්තෙනුත් අන්න ඒ විදියටම හිතනවා නම් ඔයා එයාව වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔයා එහෙම කරන්න උත්සාහ කරනවා නම් ඒක ඔයා එයාගේ අනන්‍යතාවයට කරන ලොකු හානියක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 376 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:44 PM
Script:/article/376/6-important-qualities-of-a-good-girlfriend.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:44 PM
Script:/article/376/6-important-qualities-of-a-good-girlfriend.html