පෙම්වතිය කේන්ති ගස්සා ආදරේ දිනා ගන්නා පෙම්වතෙක් කවදාවත් අත හරින්න එපා

June 24, 2019
6,745
Do not leave a boyfriend who makes you angry to win love
පිරිමි පර්ශවයගේ ලේසියෙන්ම අවධානය දිනා ගන්න ක්‍රමයක් තමයි යුවතියකගේ ඇති ආඩම්බරකම කියන්නේ. පෙම්වතාව ගණන් ගන්නේ නැහැ වගේ ඉන්න ගැහැණු ළමයි හරි දක්ෂයි. ඊට පිළිතුරක් ලෙස පෙම්වතා අනුගමනය කරන්නේ පෙම්වතියව කේන්ති ගස්සලා යුවතිය තුල ඊර්ෂ්‍යාවක් ඇති කරලා තමන් වෙත වශී කර ගන්න උත්සහ කරන එක. අද හැඩකාරී අපි, පෙම්වතා ඔයාගෙන් ආදරය ලබා ගන්න යොදන අපූරු උපක්‍රම ටිකක් ගැන කියන්නයි යන්නේ. පිරිමි කියන්නේ බොහෝ දේවල් ගැන වැඩිය කතා බහ කරන්න කැමති පිරිසක් නොවෙයි. නමුත් ඔවුන් ක්‍රියාවෙන් ඔයාට තියෙන ආදරේ පෙන්නුම් කරනවා. 

හමු වීම් මඟ හැරීම

පෙම්වතිය හමු වීමට කොතරම් අවශ්‍යතාවයක් තිබුනත්, බොහෝ පෙම්වතුන් පෙම්වතියව හමු වීමට නොහැකි බව හඟවනවා. ඇතැම් විට ඇයව හමු වීමට දිනයක් වෙන් කර ගත්තත් එය අමතක වුවා සේ හැසිරෙනවා. පෙම්වතුන් මෙමගින් ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නේ පෙම්වතිය හමු වීම තමාට එතරම් වැදගත් කාර්යයක් නොවන බවයි. පෙම්වතිය තුල ඊරිසියාවක් ඇති කිරීමේ අරමුණින්, ඔයාව මඟ හරින්නට පටන් ගත්තත් පෙම්වතාටත් පාළුවක් දැනෙනවා. මෙයට විසඳුමක් ලෙස ඔහු මිතුරන් සමඟ ගෙවන කාල සීමාව වැඩි කරනවා. නමුත් ඔහු තුළ ඔයා ගැන ඇති ආදරයේ කිසි අඩුවක් වෙලා නැහැ.

පරණ පෙම්වතියව භාවිතා කිරීම

ඔයාගේ පෙම්වතා මේ වෙනකොටත් ඔහුගේ පරණ පෙම්වතියට ආදරේ කරන එක නතර කරලයි තියෙන්නේ. නමුත් ඔහු ඔයා තුල ඊරිසියාවක් ඇති කිරීමේ අදහසින් පරණ පෙම්වතියව භාවිතා කරනවා. සමහර වෙලාවට ඔයා එක්ක පරණ පෙම්වතිය සමඟ ගෙවූ කාලයෙදී කල කී දේවල් ගැන කියවනවා. ඔහු ෆේස්බුක් හරහා ඇය ගැන හොයනවා. නමුත් මේ හැමදෙයක්ම කරන්නේ ඔබ ඉන්න තැන. ඔහු එලෙස හැසිරෙන්නේ ඔයා ඔහුට කොච්චර ආදරෙයිද කියලා දැන ගන්න. ඔහුගේ අරමුණ ඔයා තුල ඊර්ෂ්‍යාවක් ඇති කිරීමයි.

කාන්තාවකගේ ගුණ වර්ණනා කිරීම

පෙම්වතිය තුල ඊරිසියාවක් ඇති කිරීම වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරයි. ඔහු කිසි දිනක හඳුනන්නේ නැති, හදිසියේ ලඟින් යන කවුරුන් හෝ කාන්තාවක් ගැන හදිස්සියේම ඔයාට කියනවා. එහෙම නැත්තම් ඔහුගේ කාර්යාලයේ සිටින කවුරුන් හෝ යුවතියක් ගැන කියනවා. මෙලෙස ඔයාගේ ආකර්ෂණය දිනා ගෙන තවත් ඔයාට ලං වෙන්න උත්සහ දරන උපක්‍රමයක්. වෙනස් ක්‍රම භාවිතා කර ආදරය මැනීමත් ඇත්තටම පුදුමාකාරයි. කෙසේ වෙතත්  ඔයා තුල ඊරිසියාවක් ඇති කිරීම තමයි ඔහුගේ අරමුණ.

කාන්තාවන්ට පමණට වඩා ආචාරශීලි ලෙස සැලකීම

සමහර පෙම්වතුන්, තම පෙම්වතියගේ සිතෙහි ඊර්ෂ්‍යාවක් ඇති කිරීම සඳහා මෙම අපූරු උපක්‍රමයත් භාවිතා කරනවා. මෙවැනි අවස්තාවක ඊට ප්‍රතිවිරුද්ධව මුකුත් නොකිව්වත්, පෙම්වතියට දුකක් දැනෙනවා. තවත් අයෙකුට ආචාරශීලි ලෙස සැලකීම වරදක් නොවන නිසා ඇයට එය විරුද්ධ වන්නත් බැහැ. නමුත් එම හැසිරීමේ ඇති වෙනස නිසා ඇය සිත තුලින් නම් කලබලයට පත් වෙනවා.

ඔයාගේ ආදරයත් මේ වගේ හේතුන් නිසා උමතුවෙන් වගේද? ඔයාගේ සැබෑ සහකරු ඔයාට මුණ ගැසිලා. කවදාවත් ඔහුව අත හරින්න එපා. ඔහු ඔයාව රිද්දන්නේ නැහැ. ඔහුට ඔයාගෙන් අවශ්‍ය වන්නේ ආදරය විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1360 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:31:21 AM
Script:/article/1360/do-not-leave-a-boyfriend-who-makes-you-angry-to-win-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:31:21 AM
Script:/article/1360/do-not-leave-a-boyfriend-who-makes-you-angry-to-win-love.html