ඔබේ සහකරු ඔබව මගහරිනවා නම් කුමක් කළ යුතුද?

May 18, 2021
3,355
Is your partner avoiding you?
ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබව මගහරිනවාද? ඔබේ සහකරු ඔබගේ ඇමතුම් නොසලකා හරිනවාද? සබඳතාවයේ මුල් කාලයේදී රාත්‍රි දුරකථන සංවාද, සිපගැනීම් සහ වැළඳගැනීම්, සම්බන්ධතාවය ගැන නිවසට බොරු කීම යන සියල්ලෙන්ම සතුටක් දැනුන මුත් කාලයත් සමග සහකරු ඔබව මගහරින්නේ නම්, ඔහු හෝ ඇය සමඟ ඒ ගැන වචනයක් හෝ කතා කිරීමෙන් යම් වැරදි වටහාගැනීමක් සිදුවී ඇතිදැයි දැනගෙන එය නිවැරදි කර ගන්න පුලුවන්. අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ආදරණීය කෙනෙක් ඔබව නොසලකා හරින විට ඔබ කුමක් කළ යුතු දැයි කියන්නම්...

ඔහු හෝ ඇය මාව නොසලකා හරිනවාද?
හදිසියේම ඔබේ සහකරු සමඟ යම්කිසි ප්‍රශ්නයක් ඇති වූ විට සෑම දෙයක්ම හරි නැතැයි ඔබට හැඟෙන විට සහ ඔබේ සහකරු ඔබව නොසලකා හරින විට ඔබේ සම්බන්ධතාවය වෙනුවෙන් යමක් කිරීමට කාලය පැමිණ ඇති බව ඔබට වැටහෙනවා. ඔබේ සහකරු ඔබව නොසලකා හැරීමට උත්සාහ කරන බව පෙන්වන සලකුණු මෙන්න මේවායි..
- ඔබගේ ඇමතුම්වලට පිළිතුරු නොදෙන අතර ඔබට නැවත ඇමතීමක් නොකිරීම
- ඔහු මිතුරන් සමඟ වැඩි කාලයක් ගත කිරීම
- ඔහු ඔබේ මග හැරුණු ඇමතුම් වලට නැවත ඇමතීම හෝ ඔබට කෙටි පණිවිඩයක්වත් එවන්නේ නැති නම්
- ඔබ හමුවීමට අකමැති නම්
- ඔබව ඔහුගේ හෝ ඇයගේ අනාගත සැලසුම් වලට ඇතුළත් කරන්නේ නැති නම්

ඔබේ සහකරු ඔබව මග හැරියහොත් කුමක් කළ යුතුද?
ඔබේ සහකරු ඔබව මඟහරිමින් නොසලකා හරින බව ඔබට විශ්වාස නම්, ඔබ පියවරක් ගත යුතුයි. ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරන්න යන්න එපා, ඕනෑවට වඩා හිතන්න යන්නත් එපා, ඔබේ සම්බන්ධතාවයේ ගැටළුව ඇතැම් විට සුළු එකක් විය හැකියි. ඔබ ගැටළුව හඳුනාගත් පසු, එය ඔබේ සහකරුගේ අවධානයට යොමු කිරීමට කාලය මෙයයි.

සන්නිවේදනය කරන්න
සන්නිවේදනය, කැපවීම, විශ්වාසය සහ ආදරය යනු සාර්ථක සම්බන්ධතාවයක ලක්ෂණයි. ඔබේ සම්බන්ධතාවයේ මෙම ගුණාංගවලින් එකක් හෝ නැති වී ගිහින් නම් ඒ සබඳතාවය කඩා වැටෙනවා. ආදරය යනු සියුම් නූලක් වගෙයි. විවෘත සන්නිවේදනය තමයි බැඳීම ශක්තිමත්ව තබා ගැනීමට තියෙන හොඳම ක්‍රමය. ඔබේ සහකරු ආදරයෙන් අඩු වන බවට ඔබ සිතන්නේ නම්, ගොස් ඔහු සමඟ කතා කරන්න. ඔහුව පෞද්ගලිකව හමු වී, ඔබව නොසලකා හරින්නේ ඇයි කියා ඔහුගෙන් අසන්න. දුරකථනයෙන්, කෙටි පණිවිඩ හරහා හෝ කතාබස් හරහා දේවල් සාකච්ඡා කිරීමෙන් වළකින්න.

පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි
ඔබට පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් සැකයට නිසි පිළිතුරු ලබා නොගෙන ඔබ නොයන බව ඔහුට කියන්න. ඔබේ සහකරුගේ හැඟීම් රිදවන යමක් නොකියන්න. ඔබේ සහකරු පීඩනයකින් සිටිනවා විය හැකියි. ඔහු මානසික අවපීඩනයට පත්විය හැකියි, නැතහොත් ඔහු ඔබට යමක් පැවසීමට පසුබට වෙනවා ඇති. ඔහුගේ හැසිරීමට මූලික හේතුව සොයා ගන්න. ජීවිතය නැවත වරක් දෙදෙනාටම ගොඩ නගා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මතක තබා ගන්න ඔබ බලහත්කාරයෙන් ඔහු හෝ ඇය සමග සිටිය යුතු නැති අතර පැහැදිලි කිරීමෙන් පසුව සම්බන්ධතාවය ගැන සලකා බලන්න.

ටිකක් ඉඩ දෙන්න
සමහර විට අපිට අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමට අපහසුයි. ඔබේ සහකරුට යම් ඉඩක් දෙන්න. දින කිහිපයක් ඔහුව නිදහස් කරන්න. ඔහු හොඳින් සිටින විට, ඔහු ඔබ වෙත නැවත පැමිණෙනු ඇත. මේ අතරතුර තනිවම කාලය ගත කරන්න. ඔබේ සහකරුට තනිවම කාලය ගත කිරීමට ඉඩ දෙන්න. එවිට ඔහුට තත්ත්වය වඩාත් හොඳින් තේරුම් ගැනීමට කාලය ලැබෙනවා. ඔබේ සහකරු සමග තර්ක කරන්න යන්න එපා. "ඔයා වෙනස් වෙලා" වැනි දේවල් කියන්න එපා. ඉවසිලිවන්තව කටයුතු කර ආදරය දියුණු වේදැයි බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,857
   55

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,169
   34

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි
These signs may be saying that you have cholesterol
   41,168
   15

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed