හිරු එළිය විටමිනය හෙවත් විටමින් D ඇයි මෙතරම් වැදගත්?

February 16, 2022
7,723
Why is vitamin D so important?
බොහෝ දෙනා සම අඳුරු පැහැවනවාට බියෙන් හිරු එළියට නිරාවරණය වන්නෙ නැහැ.. නමුත් ඔබ දන්නවාද එමගින් ඔබගේ සිරැරට අත්‍යවශ්‍ය‍ය විටමිනයක් වන විටමින් D ඌනතාවයක් ඇතිවිය හැකි බව. බොහෝ දෙනා විටමින් D මගින් ඔබගේ සිරැරට අත්වන ප්‍රතිලාභ සහ එය නොලැබීමෙන් ඇතිවන අහිතකර ප්‍රථිඵල පිළිබඳව එතරම් තැකීමක් කරන්නේ නැහැ.. නමුත් විටමින් D මගින් සිරැරට අත්වන ප්‍රතිලාභ රාශියක් තිබෙනවා.

විටමින් D මගින් ඔබට අත්වන විශ්මිත ප්‍රතිලාභ 6ක්

1. සිරැරේ ප්‍රතිශක්තිය වැඩි කිරීම

උණ, සෙම්ප්‍රතික්ශාව වැනි රෝග සඳහා පහසුවෙන් ගොදුරු වන්නේ ප්‍රමාණවත් තරම් කාලයක් හිරු එළියේ ගත නොකිරීම හේතුවෙනුයි. අධ්‍යනවලින් හෙළිව ඇති ආකාරයට විටමින් D සුළු මාත්‍රාවක් ගැනීම පවා රෝගවලින් අඩකට ගොදුරු වීම වළක්වාලනවා. එමනිසා දිනකට විනාඩි 10ක් පමන කාලයකවත් හිරු එළියට නිරාවරණය වීම වැදගත් වනවා.

2. අස්ථි ශක්තිමත් කිරීම

ඔබගේ ආහාර වේලේහි ප්‍රමාණවත් තරම් කැල්සියම් අන්තර්ගත නොවුණ විට ඔබගේ සිරැරේ ක්‍රියාකා‍රිත්වයට අවශ්‍ය කැල්සියම් ඔබගේ අස්ථි මගින් ලබාගැනීමට සිදුවන අතර එය අස්ථි වි‍යුහයට බලපෑම් එල්ල කරනවා. නමුත් ඔබ ප්‍රමාණවත් පරිදි විටමින් D මාත්‍රාවක් ලබාගන්නේ නම් එමගින් ඔබගේ ආහාරවල ඇති කැල්සියම් අවශෝෂණය කරගැනීමට සහය වගේම ඔබේ අස්ථි නිරෝගීව හා ශක්තිමත්ව පවතින බවත් එමගින් සහතික වනවා..

3. පිළිකා රෝගවලින් ආරක්ෂාව සැලසීම

සූර්‍යලෝකයට වැඩි වශයෙන් නිරාවරණය වීමෙන් චර්ම පිළිකා ඇතිවනවා යැයි පැවසුණත් සූර්‍යාලෝකයට අඩුවෙන් නිරාවරණය වීමද පිළිකා ඇතිවීමේ අවධනාම ඉහළ නංවනවා. හිරු එළියට හොඳින් නිරාවරණය වන කාන්තාවන්ගේ සිරැරේ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට එය උපකාර වන බවට පර්‍යේෂණයන් මගින් මේවන විට සනාථව තිබෙනවා.

4. හුස්ම ගැනීමේ ගැටළු වලින් ආරක්ෂාව

ශ්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයන්ට උණුසුම් දේශගුණයක් සහ හොඳ වාතාශ්‍රයක් සහිත පෙදෙස් වඩාත් උචිත බව පැවසෙනවා. එමෙන්ම හිරු එළියට නිරාවරණය වීමෙන් ප්‍රමාණවත් විටමින් D ප්‍රමාණයක් ලබාගැනීම හුස්මගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා.

5. මාංශ පේශි වර්ධනය

ඔබ හිරු එළියට නිරාවරණය වූ විට ඔබගේ සම මගින් විටමින් D සිරැරට අවශෝෂනය කරගනු ලබන අතර විටමින් D, steroid හෝමෝනයක් ලෙස සිරැරට අවශෝෂනය වනවා. ප්‍රමාණවත් පරිදි විටමින් D ලැබීම සිරැරේ මාංශ පේශීන් නිසි පරිදි වර්ධනය කෙරෙහි වැදගත් වනවා.

6. මනෝභාවය ඉහළ නැංවීම සහ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරිම

සිරැරේ විටමින් D ප්‍රමාණවත් පරීදි තිබීම මගින් ඔබට වඩා හොඳ මනෝභාවයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අතර වැඩිහිටි වියේදී මනා බුද්ධියකින් යුතුව කටයුතු කිරීමට එය සහය වනවා.. විශේෂයෙන් විටමින් D මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිකිරීමට සහය වන විටමිනයක් ලෙසයි සැලකෙන්නේ.

ඔබට විටමින් D ලබාගත හැකි ලාභදායීම සහ පහසුම ක්‍රමය වන්නේ හිරු එළියට නිරාවරණය වීමයි. නමුත් අධික ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් අහිතකර බලපෑම් එල්ලවිය හැකි බැවින් ඒ පිළිබඳවද සැළකිලිමත් විය යුතුයි.. හිරු එළියට අමතරව විටමින් D ලබාගත හැකි ප්‍රභවයන් ලෙස කොඩ් ලිවර් ඔයිල්, තෙල් සහිත මාළු, බෙල්ලන්, බිත්තර කහමද, නිවිති, කේල් වැනි දෑ හැඳින්විය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2129 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:46:20 PM
Script:/article/2129/why-is-vitamin-d-so-important.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:46:20 PM
Script:/article/2129/why-is-vitamin-d-so-important.html