අපි හැමෝම හරිම අසයිනේ හරි විදිහට ශරීර බර පවත්වා ගන්න. අධික ස්ථුලතාවය කියන්නේ ලොකු ලෙඩ ගොඩකට හේතුවක්. ඉතින් අපි හැමෝම උත්සහ කරන්න ඕනේ නියමිත ශරීර බර පවත්වා ගන්න. හරි විදිහට ආහාර ගන්නවා වගේම ව්‍යායාමත් මේ වෙනුවෙන් අත්‍යවශ්‍යයි. හැබැයි අපි ගොඩක් දෙනා විවිධ හේතු ඉදිරිපත් කරමින් ව්‍යායාම කිරීමෙන් බැහැර වෙනවා. ව්‍යායාම කිරීම නිසා ශරීර බර අඩු වෙලා ශරීරය නිරෝගී කරගන්න පුළුවන් වගේම මේ කාරණාත් වෙනවා.
01. හිසරදය, විශාදය මානසික ආතතිය අඩු වෙලා හොඳ සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙනවා.
02. දවසේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න ලොකු ශරීර ශක්තියක් ලැබෙනවා.
03. මානසික ඒකාග්‍රතාවය දියුණු වෙනවා.
04. හаද රෝග වලක්වාගමින් හаදයේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගන්නවා.
05. හොඳින් නිදා ගන්න පුළුවන් වෙනවා.
06. වයසට යන වේගය පාලනය වෙනවා.
07. ඔබේ මහලු කාලය ශක්තිමත්ව ගත කරන්න පුළුවන් වෙනවා.
08. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා.
09. ශරීර ස්වභාවය ලස්සන කරලා, ඔබේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා.
10. ශරීරයේ රුධිර සංසරණය හොඳින් සිද්ද වෙනවා.
11. ශක්තිමත්, ක්‍රියාශීලි ලිංගික ජිවිතයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා.
12. මත්පැන් සහ දුම්වැටි සඳහා වෙන ඇබ්බැහිවීම් පාලනය කරන්න පුළුවන් වෙනවා.
13. ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වෙනවා.
14. මලබද්දය අඩු වෙනවා.
ඉතින් එක එක හේතු කිය කිය කම්මැලි වෙන්නේ නැතුව දැන් ඉඳන්ම හොඳින් ව්‍යායාම කරන්න. හොඳ ප්‍රතිපල ලැබෙන්නේ ඔබටම තමයි.