ලිංගිකත්වය පිළිබඳව ඔයාගේ දරුවන් සමඟ කතා කල යුත්තේ කුමන වයසේදී ද?

September 6, 2020
28,079
In which age you should talk about sex with children
දරුවන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීම දෙමවුපියන්ට අපහසුතාවයට පත් කරවන කාරණයක්. විශේෂඥයින්ගේ අදහස් වලට අනුව, ලිංගිකත්වය, වැඩිවියට පැමිණීම හා ස්ත්‍රී පුරුෂ භාවය ගැන දරුවන් සමඟ කුමන කාලයේදී කතා කල යුතු ද යන වග දෙමාපියන් හැටියට දැනගමු..

දරුවන් හැම දෙයක් ගැනම දැන ගන්න කැමතියි. විශේෂයෙන් කුඩා දරුවන් තමාගේ මව හෝ සමීපතමයෙකු ගැබ්ගෙන සිටියදී, ඔවුන් නිතර මවගෙන් අහන ප්‍රශ්න කීපයක් තිබෙනවා. “බබා අම්මගේ බඩට ඇතුල් වූණේ කොහොමද?” සහ “බබා එළියට එන්නේ කොහොමද?” වගේ ප්‍රශ්ණ.

ඉතින් ඔයාගේ දරුවා සමඟ ලිංගික කාරණා ගැන කතා කරන විටත් ඔයාට අමුතු චකිතයක් සහ නොසන්සුන් බවක් දැනීම සාමාන්‍ය දෙයක් වුණත් ඒ වෙලාවට අවංක වන්න. නමුත් ඕනෑවට වඩා පැවසීමට යන්න එපා.  

විශේෂඥයන් එකඟ වන්නේ ලිංගිකත්වය කියන්නේ ළමයින් සැමවිටම ඉගෙන ගත යුතු දෙයක් බවයි. එදිනෙදා සාකච්ඡාවලට ලිංගිකත්වය එකතු කර ගැනීම, කාලයත් සමඟ තොරතුරු වැඩි දියුණු කිරීම සහ නිශ්චිත වයස්වලට අදාළ ඇතැම් සංකල්ප හඳුන්වා දීම කරන්න ඕනේ කියලා ඔවුන් නිර්දේශ කරනවා. ඒක ඔබේ මනසේ තබාගෙන, ලිංගිකත්වය පිළිබඳව ළමයින් සමඟ කතා කරන්න. ඒක කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් ඔබට කියන්නම්...

උපතේ සිට වයස අවුරුදු 2 දක්වා ලිංගිකත්වය ගැන දරුවන් සමඟ කතා කරන්නේ කොහොමද?
ලිංගිකත්වය ගැන දරුවන් සමග කතා කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්න ඕනේ දරුවන් වාචිකව කතා කිරීමට පෙර සිටමයි. ස්නානය කරන වේලාවට ලිංගික අවයව සදහා හුරුබුහුටි නම් භාවිතා කරන්න. ශිෂේණය, යෝනිය, සහ තනපුඩු කියන්නේ සෑම කුඩා දරුවෙකුම දැනගත යුතු වචන කිහිපයක්. සෞඛ්‍ය ගැටලු සන්නිවේදනය කිරීමේදී  දරුවන්ට මෙවැනි වචන අවශ්‍යයි. වයස අවුරුදු 2 ට ආසන්නව, ඔයාගේ දරුවා ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීමේ ප්‍රවණතාවයක් තිබෙනවා නම් ඒක සාමාන්‍ය දෙයක්.

වයස අවුරුදු 2 සිට 5 දක්වා ළමයින් ලිංගිකත්වය ගැන කතා කරන්නේ කොහොමද?

මෙම වයස් කාණ්ඩය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙන්නේ, ස්පර්ෂ කිරීම් වල සිමා මායිම් ගැන ඔවුන් දැනුවත් වීම සහ වෙනත් පුද්ගලයින්ගේ ස්පර්ශයන් හොඳද නරකද යන්න දරුවන් තේරුම් ගැනීමටයි. 

ළමයින්ට හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය ගැන කියා දුන්නාම දරුවාට තමන්ගේ ශරීරය ආරක්ෂිතව තබා ගැනීමට ඒක උපකාරී වෙනවා. අන් අයට කිසි විටෙකත් ඔයාගේ ලිංගේන්ද්‍රයන් ස්පර්ශ කිරීමට ඉඩ දෙන්න එපා කියලා දරුවාට පැහැදිලි කරන්න. එහෙම දෙයක් වෙලා තියනවා නම් දරුවන් බය වීම නිසා එවැනි සිදුවීම් රහසක් ලෙස තබාගෙන සිටියත් දරුවාගේ හැසිරීම් වලින් ඔයා ඒක තේරුම් ගන්න ඕනේ.

මෙම වයසේදී, ළමයින් එකිනෙකාගේ ශරීර ගැන ඉතා කුතුහලයෙන් සිටිනවා. ඒනිසා දරුවන් සමග පවුලේ නීති රීති සහ සාරධර්ම ගැන නිතරම කතා කරන්න. නිරුවතින් සිටීම නරක පුරුද්දක් බව පැහැදිලිව කියන්න. ඒ වගේම ලිංගික අවයව ශරීරයේ විශේෂ කොටස් වන අතර ඒවා බාහිර අය විසින් ස්පර්ශ කරන්න එද්දී ඒකට ඉඩ දෙන්න එපා කියලා පහදා දෙන්න. 

වයස අවුරුදු 6 සිට 8 දක්වා ළමයින් සමග ලිංගිකත්වය ගැන කතා කරන්නේ කොහොමද?

මේ තමයි හොඳම කාලය. වයස අවුරුදු අට වන විට බොහෝ දරුවන් ඔවුන්ගේ ශරීර ගවේෂණය කිරීමට පටන් ගන්නවා. මේ වයසේ ළමයින්ට ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කිරීමේ පරාසය ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ. දරුවන්ට නිසි සනීපාරක්ෂාව ගැන කියා දීමටත් අමතක කරන්න එපා. මෙම වයසේදී, ලිංගික අපයෝජනය ගැන ළමයින්ට වඩාත් පැහැදිලි කර දෙන්න ඔබට පුළුවන්. ළමයින් එම අවාසනාවන්ත යථාර්ථය ගැන දැන ගැනීම වැදගත්. එහෙම දැනුවත් වුණාම තමන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට හෝ අපයෝජනයට ලක්වන මිතුරෙකුට උපකාර කිරීමට ද දරුවාට හැකියාව ඇති වෙනවා. 

වයස අවුරුදු 9 සිට 12 දක්වා ළමයින් සමග ලිංගිකත්වය ගැන කතා කරන්නේ කොහොමද?

මෙම වයසේදී දරුවන් මානසික හා සමාජීය වෙනස්කම් වලින් පිරෙන කාලයක්, විශේෂයෙන් ගැහැනු ළමයින්ට ශරීර ගැටළු සමඟ පොරබදන්නට වෙන්න පුළුවන්. ඒ නිසා තම දරුවන්ට හැඟෙන ආකාරය සහ ඔවුන් කල්පනා කරන්නේ කුමක් ද යන්න පරීක්ෂා කර බැලීමට සෑම අම්මා කෙනෙක්ම උත්සහ කරන්න ඕනේ. මේ වයසේදී දරුවන්ගේ ශරීරය වෙනස් වෙන්න ගන්නවා. ඒ වගේම මේ කාලයේදී අනෙක් පාර්ශවයන් කෙරෙහි ඇල්මක් ඇති වෙනවා. ඒ නිසා දරුවා ඩිජිටල් උපාංග භාවිතා කිරීමේදී ඔබ විසින් නීති පැනවීම සහ සාරධර්ම මත එම නීති සහ ඔවුන්ගේ මනස ගොඩනැඟීම ද කළ යුතුයි.

ඔයාගේ යෞවන දරුවා සමඟ ලිංගිකත්වය ගැන කතා කරන්නේ කෙසේද?
ඔයාගේ දරුවන් සමඟ ලිංගිකත්වය ගැන කතා කිරීමේදී ඔයා සැම මොහොතකම විවෘතව සිටින්න ඕනේ. දරුවන්ට ඔයා සමඟ කතා කිරීමට සහ ප්‍රශ්න ඇසීමට වඩාත් පහසුවක් දැනෙන්න ඕනේ. නමුත් ඔයා මේ දක්වා ලිංගික කාරණා සම්බන්ධයෙන් නිහඬව සිටියා නම් මුලින්ම ඔයා වෙනස් වෙන්න. දරුවා සමග මිත්‍රත්වයෙන් පිරි සබඳතාවයක් ගොඩනගා ගැනීම ඔබ සතු වගකීමක්. එවිට දරුවාට ඔහුගේ හෝ ඇයගේ අත්දැකීම් ඔයා සමග බෙදා ගැනීමට හැකි වීම නිසා දරුවන්ට මහත් සහනයක් ඇති වෙනවා. සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක් සඳහා නිරන්තර සංවාද ඉතා වැදගත්. 

අවසානයේදී නව යෞවනයන් සම්බන්ධයෙන් ගත්තාම, දරුවන්ට අවදානම් දේවල් ගැන තක්සේරු කිරීමට සහ හොඳ තීරණ ගැනීමට දරුවාව දිරිගැන්වීමට ඔබ කටයුතු කල යුතුයි. නිරන්තරයෙන් ඔවුන් සමඟ සංවාදයේ යෙදීම, ඔබේ අදහස් සහ ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීම මෙයට ඇති එකම යතුරයි. නියම වයස්වලදී නිවැරදි මාතෘකා සාකච්ඡා කරමින් ඔයා ඔයාගේ දරුවා ඒ සඳහා සූදානම් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1815 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:00:06 PM
Script:/article/1815/in-which-age-you-should-talk-about-sex-with-children.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:00:06 PM
Script:/article/1815/in-which-age-you-should-talk-about-sex-with-children.html