ගර්භනී සමයේ ලිංගික සම්බන්ධතා පැවැත්වීම මවටත්, දරුවාටත් බලපෑම් කරන්නේ මෙහෙමයි

June 2, 2018
23,417
How intercourse during pregnancy effects to the baby and mother
ගර්භනී සමයේ ලිංගික ක්‍රියාකාරකම් පැවැත්වීම ගැන ගොඩාක් ගර්භනී මව්වරුන් තුළ විවිධාකාර වූ ප්‍රශ්න රාශියක් තියෙනවා. මොකද මේ කාලේදී හැම මවක්ම තමන්ට වඩා තමන්ගේ දරුවා ගැන හිතනවා ඒ නිසා හැම දේකින්ම ආරක්ෂා වෙන්න හිතනවා. ඒ අතර ලිංගික සම්බන්ධතාවන් පවා අතෑරලා දානවා. නමුත් ගර්භනී සමය කියන්නේ කාන්තාවන්ට වැඩි වශයෙන් ලිංගික හැඟීම් ඇති වෙන කාලසීමාවක්.

හෝමෝන වල සිදුවන වෙනස් වීම් නිසා තමයි මේ විදියට කාන්තාවන්ට වැඩිපුර ලිංගික හැඟීම් ඇති වෙන්නේ. ඒත් මේ කාලේදී ලිංගික සම්බන්ධතා පැවැත්වීම අනාරක්ෂිතයි  හිතන ගොඩාක් දෙනෙක් එයින් ඈත් වෙනවා. මොකද එයින් කුසේ ඉන්න දරුවට හානියක් වෙයි කියලා හිතලා. ඇත්තටම එහි සත්‍යතාවක් තියේද ?නැද්ද ? අවදානම් තත්ත්වයන් මොනවද කියන එක ගැනත් මේක කියෙවොත් හරියටම දැන ගන්න පුළුවන්. 

ගැබ් ගත් පළමු මාසයේදී හා අවසාන මාසයේදී හැර අනෙක් කාලය තුල ලිංගිකව එක් වීම අනවශ්‍ය ලෙස ගැටළු ඇතිකර ගත යුතු දෙයක් නෙවෙයි. ඒ වගේම ගැබ් ගත් මුල් මාසය හෝ දෙක තුල තුල මවට දැනෙන ශාරීරික අපහසුතා පසුව ටික ටික අඩු වෙලා යනවා. 

කුස තුල වැඩෙන දරුවා ජලය හා පටක වලින් සැදුනු ආරක්ෂක ආවරණයකින් සුරක්ෂිත වෙලයි ඉන්නේ. අපි කියන්නේ water bag එක කියලා. ඒ නිසා ඔයාගේ ගර්භණී භාවය අවදානම් තත්වයන්ගෙන් තොර නම් ලිංගිකව එක්වීම අනතුරු දායක වෙන්නේ නැහැ.

හෝමෝන වල ක්‍රියාකාරිත්වය නිසා ලිංගික අවයව වලට රැධිර ගලා ඒම වැඩි වී ලිංගික උත්තේජනය පෙරට වඩා වැඩි වෙනවා. නමුත් කුස තුල වැඩෙන දරුවාට එය හානි දායක යයි සිතා ලිංගික ක්‍රියා වලින් ඈත් වී සිටීම ඔයා තුල ඇති කර ගන්නා අනවශ්‍ය බියක්.

නමුත් යම් යම් තත්වයන් තුලදී ගර්භණී සමයේ ලිංගිකව එක් වීම අනතුරුදායක බව මතක තබා ගත යුතුයි. 

ගබ්සාවීම්

ගැබ් ගෙලේ දුර්වලතාවයන්

යෝනි මාර්ගයෙන් ලේ වහනය වීම්
 
යෝනි මාර්ගය සම්බන්ධ ආසාදන

වැදෑමහ පහතින් පිහිටා තිබීම 

යන තත්වයන් වලදී ලිංගික සම්බන්ධතා පැවැත්වීම අනතුරුදායක විය හැකියි. 

scan පරීක්ෂණයක් මඟින් මේ තත්ත්වයන් ගැන ඔයාට වඩා හොඳින් දැන ගන්න පුළුවන්. විශේෂයෙන් ගැබ් ගෙලේ දුර්වලතාවයන් ඇති විට ලිංගික සම්බන්ධතා පැවැත්වීම අනතුරුදායකයි. ඒ වගේම වැදෑමහ පහතින් පිහිටා ඇති නම් ලිංගිකව එක්වීමේදී අධිකව රුධිර වහනය විය හැකියි. 

මෙහිදී ඔබ අනිවාර්යෙන් අවදානය යොමුකළ යුතු තවත් කරුණක් තියෙනවා. ඒ තමයි විවිධ ආසාදන තත්ත්වයන්. විවිධ ආසාදනයන් ඇති වීමට ඇති අවස්ථා හඳුනා ගෙන එයින් වැළකීමට කටයුතු කිරීම අනිවාර්යයි. එහෙම නොවුනොත් මවට, දරුවට වගේම සැමියාටත් විවිධ ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. 

ඒ වගේම ලිංගික ඉරියව් වලදී වැඩි අවධානයක් යොමු කල යුතුයි. ආරක්ෂාකාරී ඉරියව් අනුගමනය කරන්න කිසිසේත්ම අමතක කරන්න එපා. මේ සියලු සම්බන්ධයෙන් වැඩි තොරතුරු වෛද්‍යවරයාගෙන් හා පවුල් සෞඛ්‍ය මහත්මියගෙන් ලබා ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 845 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:03 AM
Script:/article/845/how-intercourse-during-pregnancy-effects-to-the-baby-and-mother.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:03 AM
Script:/article/845/how-intercourse-during-pregnancy-effects-to-the-baby-and-mother.html