ඔයත් නිතරම නිය ආලේපන ගල්වනවද? එහෙනම් මේ දේවල් ගැනත් දැනගන්න

March 7, 2018
14,994
Things you should know about applying nail polish
කාන්තාවන් අතර ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්නේ නිය ආලේපන ගල්වන එක. හැබැයි ඉතින් නිතර නිතර නිය ආලේපන ගල්වන එක නම් අනුමත කරන්න බැහැ. මොකද ඒවායේ තියෙන රසායනික ද්‍රව්‍ය නිය පෙලට අහිතකර විදියට බලපානවා. ඒ වගේම ගොඩක් දෙනෙක් නිවැරදි විදියට නිය ආලේපන ගලවන්න යොමු වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ හානිය තවත් වැඩි කර ගන්නවා. ඒ වගේම තවත් අය ළඟ තියෙන සමහර වැරදි පුරුදු හා නොසැලකිල්ල නිසාත් නිය පෙලට හානි කර ගන්නවා. ඒ නිසා මේ දේවල් ගැනත් ටිකක් සැලකිල්ල දෙන්න. මොකද ලස්සන කියන්නේ මුහුණේ සුන්දරත්වයට විතරක් නෙවෙයිනේ.

1. නිය ආලේපන තෝරා ගනිද්දී ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න. නිසි ප්‍රමිතියක් නැති නිය ආලේපන වලින් නිය පෙළට වන හානිත ඉතා වැඩියි.

2. නිය ආලේපන නිවැරදි විදියට ගල්වන්න. ගොඩක් දෙනෙක් නිය ආලේපන ගලවද්දී කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. එක වරම නිය ආලේපන නියපොතු වල ගල්වනවා. නියපොතු වලට දැඩි ලෙස හානි වෙන්න එය හේතුවක් වෙනවා. නිය ආලේපන ගල්වන්න කලින් base coat එකක් අලේප කර ඉන් පස්සේ නිය ආලේපන ගල්වනවා. වියලුනාට පස්සේ එහි ආරක්ෂාවට හොඳ top coat එකක් ආලේප කරන්න.

3. නිය ආලේපන දින තුනකට වඩා තබා ගන්න එපා. ඒ වගේම නිතරම නිය ආලේපන ගල්වන්නත් එපා. ඉක්මනින් නිය පෙළ කහ පැහැ වෙන්න එය හේතුවක්.

4. නිවරදි විදියට nail polish remover එකකින් නිය ආලේපන ඉවත් කරන්න. එය හොඳ ප්‍රමිතියකින් යුතු එකක්ද කියලත් බලන්න. නොයෙක් උපකරණ වලින් නියපොතු සූරන්න එපා.

මිට අමතරව නිය පෙළට හානි වෙන්න ඔබ නොහිතන මේ වැරදිත් හේතු වෙනවා.

ඔයා වැඩ කරද්දී නියපොතු පරිස්සම් කර ගන්න. ගෙදරදී වැඩ කරද්දී විශේෂයෙන් කුස්සියේ වැඩ වලදී නිතරම නියපොතු වලට හානි වෙනවා. ඒ වගේම ඔයා කරන රැකියාව අනුවත් මේ තත්ත්වය ඇති වෙනවා. රසායනික ද්‍රව්‍ය, රළු උපකරණ එක්ක වැඩ කරනවා නම් අත් වැසුම් දෙකක් භාවිතා කරන්න.

ගොඩක් දිගට නියපොතු වවන්න එපා. එහෙම උනොත් නියපොතු ඉක්මනින් කැඩී යන්න බලනවා. ඒ වගේම ගෙදර දොරේ වැඩ කරද්දී එය කරදරයක් වෙනවා, සමහර වෙලාවට ඔයාගේ නිය පොතු වලට ඔයාටම තුවාල වුණු වෙලාවල් ඇතිනේ. ඒ නිසා වැඩිය දිගට නියපොතු වවන්න එපා. අනික කුණු, දුවුලි, විෂබීජ රැඳීම නිසා සෞඛ්‍ය ගැටළුත් ඇති වෙනවා.

ඔයාටත් නියපොතු හපන නරක පුරුද්ද තියෙනවද. එහෙනම් මුලින්ම ඒ පුරුද්ද අත්හැර ගන්න. කිසිම වෙලාවක නිය පොතු හපන්න එපා. ඒවා ඔයාට කෑමට තියෙන දෙයක් නෙවයි. මේක තමයි ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරැද්ද සහ නිය පෙළට කරන ලොකුම හානිය. නියපොතු හපන්න. කඩන්න. රළු තැන් වල අතුල්ලන්න එපා. නිතරම නියපොතු තෙත් වෙන්න දෙන්නත් එපා. එහෙම වුනොත් කලින් කිව්ව දේම තමයි වන්නේ. පෙඟුණු නියපොතු හරිම පහසුවෙන් කැඩී යනවා.

මේ කියපු දේවල් වලට අමතරව නිය පෙලටත් පොඩි සත්කාරයක් හරි කරන්න අමතක කරන්න එපා. ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන නියපොතු වල අලේප කර සම්බාහනය කරන්න. ඒ වගේම කැල්සියම්, ප්‍රෝටීන් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ වලින් සමන් විත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න. වැඩිපුර වතුර පානය කරන්න.

ඔලිව් තෙල් වලට අමතරව පොල් තෙල් හෝ ආමන්ඩ් තෙල් කියන්නෙත් නිය පෙළේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාට භාවිතා කරන්න පුළුවන් දේවල්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 690 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:53:04 PM
Script:/article/690/things-you-should-know-about-applying-nail-polish.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:53:05 PM
Script:/article/690/things-you-should-know-about-applying-nail-polish.html