ගර්භණී සමයේදී මී පැණි ආහාරයට ගැනීම අගුණද?

May 23, 2020
9,888
advantages and disadvantages of eating honey while pregnancy
මී පැණි කියන්නේ අමෘතයක් වන අතර සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතකට සහ සුන්දරත්වය රැක ගන්න කියල භාවිතා කරපු අමුද්‍රවයක්. තරුණ හෝ මහලු සියල්ලෝම එක් එක් ආකාර වලට මී පැණි වලින් ප්‍රයෝජන ලබා ගන්නවා. නමුත් මිහිරි දේවල් සෞඛ්‍යයට අහිතකර නැද්ද? එසේම, ඔයා ගර්භණී සමයේදී මී පැණි ආහාරයට ගැනීම කෙතරම් ආරක්ෂිතද? අද හැඩකාරී අපි ඔයාට ගර්භණී සමයේදී මී පැණි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි සහ අවාසි ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

ගර්භණී සමයේදී මී පැණි ආහාරයට ගැනීම ආරක්ෂිතද?
පූර්වාරක්ෂාව සනාථ කර ගැනීමට ගර්භණී සමයේදී පැස්චරීකරණය (pasteurized) කළ මී පැණි පමණක් භාවිතා කිරීම නුවණට හුරුය.

ගර්භණී සමයේදී මී පැණි වල වාසි
මී පැණි ප්‍රධාන වශයෙන් ජලය (17%) සහ සරල සීනි වර්ග දෙකකින් සමන්විතයි. එනම් ෆෘක්ටෝස් (38%) සහ ග්ලූකෝස් (31%). ඊට අමතරව, එහි ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර ඇතැම් ජෛව සක්‍රීය සංයෝග තියෙනවා. කොහොම වුණත් මෙම සංයෝගවල සාන්ද්‍රණය ඉතා අඩු වන අතර ඒවා සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නේ නැහැ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී මී පැණි වලට විශේෂ ස්ථානයක් හිමි වන අතර එය ගර්භණී සමයේදී ප්‍රයෝජනවත් වේ යැයි සිතනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය: 
පුරාණ සාහිත්‍යයෙන් පෙනී යන්නේ මී පැණිව​ල ප්‍රතිශක්තිකරණ සංවර්ධනයට උපකාරී වන ප්‍රතිබැක්ටීරීය හා ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බවයි. තුවාල සුව කිරීමේ ගුණ ඇති බව ද විශ්වාස කරනවා. කප්පාදුවලට, තුවාලවලට හා සුළු පිළිස්සුම් වලට ප්‍රතිකාර කිරීමට මී පැණි උපකාරී වන අතර අජීර්ණයන්ට සහනයක් ගෙන දෙනවා.

නින්ද නොයාම: 
ඇත අතීතයේ සිටම ආයුර්වේද ක්‍රම වලට මී පැණි භාවිතා කරනවා. ආයුර්වේදයට අනුව, මී පැණි නින්ද නොයාම මඟහරවා ගත හැකි විශ්මිත ඖෂධයක් ලෙස සැලකෙනවා. නින්දට පෙර මී පැණි හැන්දක් සමඟ කිරි වීදුරුවක් පානය කිරීමෙන් සන්සුන් නින්දක් ලබා ගන්න පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස​ට 
කැස්සට ප්‍රතිකාර කිරීම සඳහා ඉඟුරු හෝ ලෙමන් සමඟ මී පැණි භාවිතා කිරීම පොදු නිවෙස් පිළියමකි. ප්‍රතිවෛරස් ගුණ ඇති මී පැණි ශරීරයේ වෛරස් ක්‍රියාකාරීත්වය වළක්වන අතර සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සෙන් සහනයක් ලබා දෙනවා. 

උගුරේ අමාරුව​ට
උගුරේ අමාරුවට ප්‍රතිකාර කිරීම සඳහා පුරාණ ග්‍රීකයෝ මී පැණි භාවිතා කරලා තියෙනවා. බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් නිසා විය හැකි මෙම අවස්ථා දෙකෙහිම, මී පැණි වලින් සහනයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා. ඔයා ඉඟුරු හෝ ලෙමන් මිශ්‍ර තේ වලට මී පැණි එකතු කර උගුරේ අමාරුව සමනය කිරීම සඳහා උණුසුම්ව පානය කරන්න.

වණ: 
මී පැණි නිතිපතා පරිභෝජනය කිරීමෙන් බැක්ටීරියා වල වර්ධනය අඩුවිය හැකි බව පර්යේෂණයකින් සනාථ කර තියෙනවා. කොහොම වුණත් විවිධ වර්ගයේ වණ වලට ප්‍රතිකාර කිරීමේදී මී පැණි වල කාර්යක්ෂමතාව සනාථ කිරීම සඳහා සායනික අත්හදා බැලීම් කර තියෙනවා.

හිස්කබලේ සෞඛ්‍යය:
මී පැණි වල ඇති ප්‍රතිබැක්ටීරීය, ප්‍රති-දිලීර සහ ප්‍රතිඔක්සිකාරක ස්වභාවය, හිසේ කැක්කුම සහ හිස කැසීම ඉවත් කිරීමට උපකාරී වෙනවා. මී පැණි ස්වල්පයක් උණුසුම් ජලයේ මිශ්‍ර කර හිස්කබලේ ආලේප කරන්න.

අසාත්මිකතා: 
මී පැණි නිතිපතා පරිභෝජනය කිරීමෙන් ශරීරය අසාත්මිකතාවන්ගෙන් ආරක්ෂා විය හැකි බව විශ්වාස කරනවා. 

ගර්භණී සමයේදී මී පැණි වල අතුරු ආබාධ
ඕනෑම දෙයක් ඕනාවට වැඩිය ඕනිම නැහැ. ඉතින් මී පැණි මධ්‍යස්ථව ආහාරයට ගැනීම හොඳයි. මී පැණි අධික ලෙස පරිභෝජනය කිරීමෙන් ඇතැම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.

ඉන්සියුලින් සංවේදීතාව උග්‍ර කළ හැකිය: 
මී පැණි මූලික වශයෙන් ෆෘක්ටෝස් සහ ග්ලූකෝස් වැනි සරල සීනි වලින් තමයි සැදී තියෙන්නේ. මී පැණි අධික ලෙස ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකි අතර ඉන්සියුලින් ප්‍රතිරෝධය නරක අතට හැරෙන්න පුළුවන්. මෙය ගර්භණී සමයේදී ඉන්සියුලින් සංවේදීතාවයට හේතු විය හැකි අතර එමඟින් ගර්භණී දියවැඩියාව හා රුධිර ලිපිඩ අසමතුලිතතාවයන් වර්ධනය වීමේ අවදානමක් තියෙනවා.

ආහාර මාර්ගයේ ගැටළු: 
අධික ලෙස මී පැණි ආහාරයට ගැනීමෙන් එහි ඇති ෆෘක්ටෝස් මගින් ආමාශ ආන්ත්‍රයික ගැටළු, බඩේ කැක්කුම, ඉදිමීම සහ පාචනය ඇති විය හැක. 

දන්ත සෞඛ්‍යය: 
මී පැණි වල සීනි මට්ටම ඉහළ මට්ටමක පැවතීම දන්ත කුහර හා දත් දිරායාම​ට හේතු විය හැක.

බර වැඩිවීම: 
පිරිපහදු කළ සීනි මේස හැන්දකට වඩා මී පැණි මේස හැන්දක ඇති කැලරි ප්‍රමාණය වැඩියි. එබැවින්, සම්පූර්ණ කැලරි ප්‍රමාණය අනුව මී පැණි අධික ලෙස පරිභෝජනය කිරීම බර වැඩිවීමට හේතුවක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1614 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:22:39 AM
Script:/article/1614/advantages-and-disadvantages-of-eating-honey-while-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:22:40 AM
Script:/article/1614/advantages-and-disadvantages-of-eating-honey-while-pregnancy.html