ළුණු වලින් ලස්සන වෙන්න tips 07 ක්

August 28, 2018
11,006
7 beauty tips with onion
ලස්සන වෙන්න හීන දකින ඔයාට අද Hadakri වෙතින් කියන්න යන දේ ඔයා ඇහුවොත් පුදුමයටත් පත් වෙයි. අපි සමාන්‍යයෙන් ළුණු පාවිච්චි කරන්නේ එළවලූවක් හදාගන්න ඕන වුණාමනේ. ඔන්න දැන් ඔයාට මුළුතැන්ගෙයි ඉඳලා ළුණු වලින් ලස්සන වෙන්නත් පුළුවන්. ඔයාගේ සම විතරක් නෙමෙයි හිසකෙස්වල පෙනුම වැඩි කර ගන්නත් ඔයාට ළුණු වලින් පුළුවන්. කොච්චර ක්‍රීම්වර්ග පාවිච්චි කළත් ලස්සන සමක් ලබා ගන්න බෑ කියන ප්‍රශ්ණේ අද කී දෙනෙක්ට නම් තියෙනවාද කියලා ඔයා චුට්ටක් හොයලා බලන්කෝ. ඒත් දැන් ඔයාට ආලේපන වර්ග හොය හොය දුක් විඳින්න ඕන වෙන්නේ නෑ. ගෙදර ඉඳලාම කිසිම වියදමක් නැතුව ලස්සන වෙන්න පුළුවන් ඔයා අපි කියන මේ ළුණු සත්කාර ටික කළොත්. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ ළුණු වලින් ලස්සන වෙන්නෙ කොහොමද කියලා.

ඔයාගේ සමේ අවපැහැ බව අඩු කර දීප්තිමත් බව වැඩි කරනවා

ඔයා නිතරම අව් රශ්මියට නිරාවරණය කෙනෙක් නම් ඔයාගේ මුහුණේ කුණු දුහුවිලි රැදීම නිසා වගේම කුරූළෑ හා ලප කැළැල් නිසා සම අවපැහැ ගැන්වෙලා ඇති. ඔයා හොඳින්ම දන්නා දෙයක් තමයි සමේ අවපැහැගතිය වැඩි වුණාම ඔයාගේ ලස්සනට බාධාවක්. ඒ නිසා ඔයාට ඉක්මනින් මේ ගැටළුවට විසඳුමක් හොයා ගන්න වෙනවා. දැන් ඔයාට පුළුවන් කිසිම වියදමක් නැතුව ගෙදර ඉඳලාම මුහුණේ අඳුරු පැහැය නැති කර ගන්න. ඔයා කරන්න ඕන මෙපමණයි. හොඳ ළුණු ගෙඩියක් අරගෙන එය කැබැල්ලක් වශයෙන් හෝ යුෂ වශයෙන් සකස් කර ගන්න. යුෂ වශයෙන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාට පහසුවෙන් මුහුණේ ආලේප කළ හැකියි. ඔයා හදාගත්ත ළුණු යුෂ මිශ්‍රණය ආලේප කිරීමෙන් මුහුණේ විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න. ළුණු වල යහමින් විටමින් හා සල්ෆර් සහ විටමින් අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔයාගේ මුහුණේ මැරුණු සම ඉවත් වී නැවුම් සමක් ලබා ගන්න උපකාරී වෙනවා. ඔයාගේ සම වියළි සමක් නම් මෘදු සමක් මෙයින් ලබා දෙනවා. ළුණු කියන්නේ ඔයාගේ සිරුරට හොඳ පිරිසිදු කාරකයක් කියලා ඔයා දන්නවානේ. අමු ළුණු ආහාරයට ගත්තත් ඔයාගේ රුධිරය පවිත්‍ර කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාට ලස්සන වෙන්න ඕන නම් ටිකක් වැඩිපුර ළුණු ආහාරයට ගන්න.

මුහුණේ වයසක පෙනුම අවම කර තරුණ පෙනුමක් ලබාගත හැකියි.

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රබල ගැටළුවක් තමයි මුහුණට වයසක පෙනුමක් එකතු වීම. මේ ගැටළුවට විසඳුමක් විදිහට ළුණු භාවිත කළ හැකියි. ළුණු වල ලූණු, A, C හා E විටමින් ආම්ලික ද්‍රාවණයන් යහමින් අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙන නිසා හිරු එළිය සහ UV කිරණ මගින් ඔයාගේ සමට හානී වීම වළක්වනවා. ඔයාගේ සම රැලි වැටීම අවම කර වයසක පෙනුම දුරලමින් තරුණ පෙනුමක් ලබා දෙනවා.

සමේ අඳුරු පැල්ලම් ඉවත් කළ හැකියි

සමේ අඳුරු පැල්ලම් එහෙමත් නැත්තම් කළු පැහැති පැල්ලම් ඔයාගේ සමේ පෙනුම නැති කරනවා. ඉතිං ඔයාගේ සමේ තියෙන අඳුරු පැල්ලම්වලට සාර්ථක විසඳුම් ගෙදර ඉඳලා ළුණු වලින් ලබා ගන්න පුළුවන්. ළුණු වල අන්තර්ගත විටමින් C සමේ අඳුරු ලප පැල්ලම් ඉවත් කරන්න උපකාරී වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. ඔයාගේ සම ගොඩක් මෘදු නම් ළුණු යුෂ විතරක් භාවිත කරනන්න එපා. කහ යුෂ, කිරි පිටි තේ හැන්දක සමග අමු ළුණු යුෂ හැන්දක් සමග මිශ්‍ර කරන්න. එවිට ඔයාගේ සමට කිසිදු හානියක් සිදු වෙන්නේ නෑ.

ඔයාගේ හිසකෙස් නිරෝගී කර දිගු කෙස් කළඹක් ලබා ගන්න භාවිත කළ හැකියි

ඔයාගේ සමේ පැහැපත් බව ලබා ගන්න විතරක් නෙමෙයි ඔයාට දිගු කෙස් කළඹක් ලබා ගන්නත් ළුණු යුෂ භාවිත කළ හැකියි. ඔයාට පුළුවන් ළුණු යුෂ වලට රෝස වතුර එකතු කරන්න. එහෙම නැතිනම් ළුණු යුෂ විතරක් වුණත් හිසකෙස්වලට භාවිත කළ හැකියි. මුලින් සඳහන් කළා වගේම ළුණු ඔයා වැඩි පුර ආහාරයට ගත්තම ඔයාගේ රුධිර සංසරණය ක්‍රමවනත්ව සිදු කරනවා. මේ නිසා ඔයාගේ හිසකෙස්වල නිරෝගී වී වර්ධනය වෙනවා. ළුණු යුෂ හා රෝස වතුර සම සමව ගෙන මිශ්‍ර කර හිසේ ගල්වා විනාඩි 30 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න. ඔයාට හිතාගන්නවත් බැරි විදිහේ වෙනසක් කෙස් කළඹට ලබා ගන්න පුළුවන් වේවී.

හිස්හොරි නැති කර ගන්න

ගොඩක් කාන්තාවන්ට හිසකෙස් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්ණයක් තමයි හිස්හොරි කරදරය. ඉතිං දැන් ඔයාට හිසහොරි කරදරයට සාර්ථක විසඳුමක් ළුණු වලින් ලබා ගන්න පුළුවන්. මුලින්ම ළුණු සියුම්ව අඹරා ගන්න. නැත්තම් යුෂ හා කුඩා කැබලි වෙන තෙක් බ්ලෙන්ඩර් කර ගන්න. අවශ්‍ය නම් එයට ලෙමන් මේස තේ හැඳි දෙකක් විතර මිශ්‍ර කර ගන්න පුළුවන්. පැය භාගයක් විතර තිබෙන්නට හැර ෂැම්පු යොදා හිසකෙස් සෝදා ඉවත් කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ හිසකෙස් අකලට පැසෙනවා නම් ඒකටත් හොඳ විසඳුමක් ලබාගන්න පුළුවන් ඔයාට ළුණු යුෂ හිසෙහි ගැල්වීම මගින්.

අඳුරු සහ වියළි දෙතොල්වලට

අඳුරු පැහැ දෙතොල්වලට වගේම ඔයාගේ දෙතොල්වල වියළි බව අඩු කර ගන්නත් ළුණු භාවිත කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. ඔයා විටමින් ඊ වලට ළුණු යුෂ මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර තොල්වල ආලේප කරන්න. මෙයින් ඔයාගේ දෙතොල් මෘදු බවට පත් කර ඔයාට සුසිනිදු දෙතොලක් ලබා දෙනවා. ඔයාගේ දෙතොල් අවපැහැ ගැන්වෙලා නම් දැන් ඔයාට පුළුවන් ළුණු යුෂ භාවිත කරලා රෝස පැහැති ලස්සන දෙතොලක් ලබා ගන්න.

ඇස්වල පෙනීමට ඉතාමත් හොඳයි

ළුණු ආහාරයට ගැනීමෙන් ඔයාගේ ඇස්වලට අත්‍යාවශ්‍ය වන විටමින් C හා විටමින් E අත්‍යාවශ්‍යයි. ඉතිං ළුණුවල මෙම විටමින් දෙවර්ගය වගේම සල්ෆර් හොඳින් අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔයාගේ ඇස් සුදුමැලි වීම අවම කර ඔයාට නිරෝගී පෙනුමක් ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1049 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:08 AM
Script:/article/1049/7-beauty-tips-with-onion.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:09 AM
Script:/article/1049/7-beauty-tips-with-onion.html