පළතුරුවලින් ලස්සන වෙන්න

December 14, 2019
6,717
Be beautiful with fruits
ලාවුළු, කෙසෙල්, තක්කාලි සහ ස්ට්‍රෝබෙරි වැනි දේ පළතුරුක් විදිහට වගේම රුව ලස්සන වැඩි කර ගැනීමටත් යොදා ගන්න පුලුවන්.

ලාවුළු

ලාවුළු මද වලට මීපැණි සහ දොඩම් යුෂ සමග බිත්තර සුදු මදත් එක් කර ගෙන සාදා ගත් මිශ්‍රණය ගෝස් කැබැල්ලක තවරා ගෙන මුහුණේ ආලේප කරන්න. මෙය විනාඩි 30 ක් පමණ වේලා බෙල්ල යට තබා ඉවත් කරන්න.

ලාවුළු මද සමග හාල් පිටි, කුරුදු කුඩු සහ මීපැණි එකතු කරලා මුහුණේ ආලේප කරන්න.

ලාවුලු මද වලට වට්ටක්කා සහ මීපැණි එකතු කරලා සාදා ගත් ෆේස් පැක් එක මුහුණේ ආලේප කරන්න.

ලාවුලුවලට බත් ටිකක් එකතු කරලා මීපැනි සහ නැවුම් කිරි එකතු කර ගෙන මුහුණේ ආලේප කරන්න.

ලාවුලු මදය බ්ලෙන්ඩ් කරලා කැරට් යුෂ හා බිත්තර කහමද එකතු කර ගත් පැක් එක මුහුණේ ආලේප කරන්න.

දොඩම් ලෙලි බ්ලෙන්ඩ් කරන්න. එයට කස්තුරි කහ තේ හැදි බාගයක් සමග මිශ්‍ර කරන්න. දැන් ලාවුලු මදවලට මේ මිහ්‍රණය එක් කරලා මුහුණේ පේස්ට් එකක් විදිහට ආලේප කරන්න.

ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරි සහ ඔලිව් තෙල් සමග මිශ්‍ර කරලා මීපැණි සමග ගාන්න.

ස්ට්‍රෝබෙරි සහ කෝමාරිකා එකට බ්ලෙන්ඩ් කරලා අයිස් කියුබ්
බන්දේසියක තබා අවශ්‍ය වේලාවට කියුබ් එකක් අරගෙන මුහුණ සෝදන්න.

බ්ලෙන්ඩ් කරලා සීනි සමග මිශ්‍ර කරලා මුහුනේ ආලේප කරන්න. විනාඩි 5 ක් තබා ස්ක්‍රබ් කරන්න.

මීපැණි සහ ස්ට්‍රෝබෙරි එකට බ්ලෙන්ඩ් කරලා මුහුණේ ආලේප කරන්න.

ස්ට්‍රෝබෙරි සහ ප්ලේන් යෝගට් එකක් බ්ලෙන්ඩ් කර ගෙන මුහුණේ ආලේප කර විනාඩි 15 කින් සෝදන්න.

ඕට්ස් කුඩු ග්‍රෑම් 50 ක් පවුඩර් කර ගෙන එයට ආමන්ඩ් කුඩු , දෙහි යුෂ සහ ස්ට්‍රෝබෙරි එකතු කර ගෙන මුහුණේ ආලේප කිරීමෙන් විනාඩි 15 ක ගෙවුනාම සෝදන්න.

ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකට කපලා මුහුණ මසාජ් කරන්න.

ස්ට්‍රෝබෙරි වියලා කුඩු කර ගෙන එයට වියලා ගත් දෙහි ලෙලි කුඩු සහ මීකිරි එකතු කරන්න. දැන් මෙය මුහුනේ ගල්වා විනාඩි 15 කින් සෝදා ගන්න.

ස්ට්‍රෝබෙරි බ්ලෙන්ඩ් කරලා නැවුම් කිරි දියර එකතුවෙන් මුහුණේ ආලේප කරන්න.

ස්ට්‍රෝබෙරි බ්ලෙන්ඩ් කරගෙන එයට කඩල පිටි තේ හැන්දක් පමණ එකතු කර ගෙන සාදා ගත් පාප්පය මුහුණේ ආලේප කරන්න.

කෙසෙල් වලින්

ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් මීපැණි, යෝගට් තේ හැදි දෙකක් සමග පැක් එකක් හදලා එය මුහුණේ ගල්වා විනාඩි දහයක් ස්ක්‍රබ් කර සෝදා ඉවත් කරන්න.

ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් පෙති කපා ගෙන එයට මීපැණි සහ දෙහි යුෂ එකතු කරලා පේස්ට් එක ගාලා විනාඩි 30 කින් සෝදන්න.

දෙහි, දොඩම්, තක්කාලි

දෙහි බෑයක යුෂ අරගෙන එයට වතුර කෝප්ප බාගයක් එකතු කර ගෙන මුහුණ සෝදන්න.

දෙහි ලෙලි වේලා ගෙන කුඩු කරන්න. එයට බිත්තර සුදුමදයක් සහ අලිගැට පේර මද එකතු කර ගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයකින් පමණ පසුව සෝදන්න.

දොඩම් ලෙලි අව්වේ වියලා ගෙන එයට බිත්තර සුදුමදයක් සහ නැවුම් කිරි දියර එකතු කර ගෙන මුහුණේ ආලේප කරන්න.

දොඩම් ලෙලි රාත්‍රියක් පුරා පොඟවා ගෙන ඒ වතුරෙන් මුහුණ සේදීමත් හොඳ සත්කාරයක්.

ඉදුන තක්කාලි ගෙඩියක් පොඩි කරලා ඒ යුෂ මුහුනේ ආලේප කරන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1487 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:02 AM
Script:/article/1487/be-beautiful-with-fruits.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:03 AM
Script:/article/1487/be-beautiful-with-fruits.html