නිරුවතින් නිදාගෙන ලස්සන වෙන්න

July 12, 2018
18,730
Sleep naked, be beautiful
ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න කැමති වුණාට නිදාගත්තම ලස්සන වෙනවා කියලා අහලා තිබුණේ නෑනේ. මේ කියන්නේ වෙනදා ඔබ සාමාන්‍ය විදිහට නිදා ගැනීමක් ගැන නම් නෙමෙයි. ලස්සන වෙන්න පර්යේෂකයින් හොයාගෙන තියෙන මේ අලූත් ක්‍ර‍රමය ගැන නම් ඔබ තුළ එතරම් දැනුවත් භාවයක් නොමැති වන්නටත් පුළුවන්.

නින්ද කියන්නේ  ඕනෑම කෙනෙක්ගේ ශාරීරික වගේම මානසික සෞඛයටත්  ඉතා වැදගත් දෙයක්. නින්ද ඔබේ වැඩ රාජකාරී එක්ක අනවශ්‍යයි කියලා හිතුවට නින්ද ඉතාමත් අත්‍යාවශ්‍යයි. අද අපි හැඩකාරී තුළින් කියන්න යන්නේ  කිසිදු මුදලක් හෝ අමතර කාලයක් වැය නොකර කොහොමද නිදා ගැනීමෙන් ලස්සන වෙන්නේ කියලා.  අපි කියන්න යන දේ කාන්තා ඔබට නම්  ඉතා වැදගත්. නිරුවතින් නිදා ගැනීම කාන්තාවකගේ ශරීරයට ඉතා ගුණදායකයි වගේම එමගින් රූප ස්වභාවද වර්ධනය වෙන බව නව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.

සමාන්‍යයෙන් නින්දේදි සිදු වෙන්නේ අපේ ශරීරයේ උෂ්නත්වය ක්‍රමයෙන් පහළ යෑම. ඒ නිසා තමයි රාත්‍රි නින්ද ශරීරයට අත්‍යාවශ්‍යයි කියලා කියන්නේ. එම නිසා රාත්‍රියට විශේෂයෙන් කාන්තාවක් ඇදුම් ඇදීම සුදුසු වන්නේ නැහැ. වෛද්‍යවරු ප්‍ර‍කාශ කරන ආකාරයට කාන්තාවක් රාත්‍රී කාලයේදී ඉතා සැහැල්ලු වගේම දුහුල් ඇදුම් ඇදිය යුතුයි.

කාන්තා ඔබ දවස පුරාම සිරුරට තද යට ඇදුම් අදින නිසා ශරීරයෙන් උෂ්ණත්වය නිසි ලෙස පිටවීමක් සිදු වෙන්නේ නැහැ.  රාත්‍රී කාලයට ඇදුම් ඇදීම නිසා
විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනී මාර්ගය ආශ්‍රි‍රතව වාතාශ්‍රය ලැබීම මදකට හෝ සීමා විය හැකියි. ඒ නිසා යහපත් වාතාශ්‍ර‍යක් ලබාදීම තුළින් කාන්තාවන්ට
වැළදෙන බොහෝ ලෙඩ රෝගවලින් අත්මිදෙන්න පුළුවන්. ඒ නිසා නිරුවතින් නිදා ගන්න එක කාන්තා ඔබගේ ශරීරයට වගේම සෞඛ්‍යයටත් ඉතාමත් වැදගත්.

එපමණක් නොවෙයි. නින්දේදි හෝමෝන නිපදවීමක්ද සිදු වෙනවා. විශේෂයෙන්ම හෝමෝන අවස්ථා දෙකක දී ශරීරයේ නිපදවෙනවා. පළමු අවස්ථාවේදී දවසේ වැය වු හෝමෝන නැවත නිපදවීමක් සිදු වෙනවා. දෙවන අවස්ථාවේදී සිදු වෙන්නේ හෝමෝන සියල්ල පසු දිනට සුදානම් කිරීමක් පමණයි. මෙම ක්‍රියාවලීන් ද්විත්වයම වඩාත් හොඳින් සිදු වෙන්න නම් රාත්‍රී කාලයට ඔබේ ශරීරයට හොදින් වාතාශ්‍ර‍ය ලැබිය යුතුයි. එසේ නොවුණහොත් හෝමෝන නිපදවීමට හා නැවත සකස් කිරීමේ
ක්‍රියාවලියට බාධා සිදු විය හැකියි.  මේ හේතු සාධක නිසා ඔබ රාත්‍රී කාලයේදී වඩාත් දුහුල් ඇදුම් ඇදීම වඩාත් සුදුසුයි. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි පරිදි සිදු වීම තුළින් හෝමෝන නිපදවීමේ ක්‍රියාවලිය වඩාත් හොදින් සිදු වෙනවා කියලා කියන්නේ සිරුරේ නිරෝගී බව වැඩි වෙනවා විතරක් නෙමෙයි. ශරීරය ලස්සන වෙන්නත් එය බලපානවා.

අපේ රටේ විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය අතර තිබෙන පුරුද්දක් තමයි රාත්‍රියට නින්දට යනවිට  ඇදුම් ඇදගෙන නින්දට යාම. මේ පිළිබදව කාන්තා ඔබගේ  විශේෂ අවධානය යෙමු කළ යුතුයි. වෛද්‍යවරුන් පසවන ආකාරයට නිරුවතින් නින්දට යාම තමයි වඩාත් සෞඛ්‍යය සම්පන්න ක්‍රමය වෙන්නේ. එහෙත් ලංකාවේ පවතින සමාජ, සංස්කෘතික වටපිටාව තුළ හා නිවසේ පරිසරය යනාදිය එක්ක ගොඩක් දෙනෙක්ට මේ ආකාරයෙන් නින්දට යාමට තරම් පහසු පරිසරයක් නිර්මාණය වෙලා නෑ. නමුත් කාන්තා ඔබ ඔබේ සෞඛ්‍යය සම්පන්න බව කෙරෙහි අවධානය යොමු කර රාත්‍රී කාලයට වඩාත් පහසු වගේම සරල සැහැල්ලු ඇදුමකින් හෝ සැරසී නින්දට යෑමට කටයුතු කරන්න. එය ඔබගේ දෛනික ජීවීතය වඩාත් සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යාමට මනා ලෙස උපකාරී වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 938 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:41:31 AM
Script:/article/938/sleep-naked-be-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:41:31 AM
Script:/article/938/sleep-naked-be-beautiful.html