දුරකතනයට සිමා වුණු ආදරය කෙටි කාලයකින් බිඳ වෙටෙන්න නොදී පවත්වාගෙන යන්න

April 26, 2019
14,696
Do not let your love controlled by the phone
ආදර සම්බන්ධයක් ආරම්භ වන විට ඔවුන් ගොඩක් බලාපොරොතු තියාගෙන තමයි සම්බන්ධතාවය පටන් ගන්නේ. නමුත් කාලය මිනිසා වෙනස් කරනවා. ඉතින් මුල් කාලෙදී ප්‍රේමය වෙනුවෙන්ම කැප වෙන අය කාලයත් එක්ක ප්‍රේමය සම්බන්ධතාවයට වැඩි ඉඩක් වැඩි වෙලාවක් වෙන් කරන්නේ නැහැ. මේ නිසා ප්‍රේමයේ ජවයත් ටික ටික අඩු වෙලා යන්නට පටන් ගන්නවා. ආදරය කරන අය අත් විඳලා ඇති මුල් අවධියේදී පැය විසි හතර පුරාම ඔයා එක්ක මැසේජ්, කෝල් කරපු ඔයාගේ සහකරු දැන් දවසටම එවන්නේ මැසේජ් දෙක තුනක් විතරක් වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි දුරකතනයට සිමා වුණු ආදරය බිද වැටෙන්න නොදී පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කතා කරන්න හිතුවා.

මුල් කාලයේදී ජංගම දුරකථනයෙන් වෙලාවක් කලාවක් නැතිව ආදරය කරාම තමයි ටික කාලයකට පස්සේ ටිකෙන් ටික ප්‍රශ්න ඇති වෙන්නේ. අද කාලයේ ආදරවන්තයින් ළඟ තියෙන ලොකුම ගැටළුව තමයි ඉස්සර මුළු දවසේම මැසේජ් කළත් දැන් මැසේජ් කරන්නේ නැහැ, එයාට දැන් මාව එපා වෙලා කියලා හැම තිස්සෙම හිතලා දෙදෙනා අතර රණ්ඩු ඇති කර ගන්නවා. හැම වෙලාවකම රණ්ඩු ඇති කර ගන්නකොට පෙම්වතාට එපා වෙලා දුරස් වෙන්න බලනවා. යුවතියක් විදිහට ඔයාත් ආදර සම්බන්ධයට මූලික අවධානයක දෙන්නේ නැතිව ඉන්න. එයාටම ආදරයේ වටිනාකම තේරිලා ඔයා ළගට එනවා.

ඇත්තටම පැය විසි හතරම දුරකතනයේ එල්ලිලා ඉන්න එක පහසු කාර්යයක් නෙමෙයි. ආදරය කරන්නට පටන් ගත්තු මුල් කාලයේදී ඇති වන ප්‍රේමනීය ජවය එක්ක පෙම්වතුන්ට වැටහෙන්නේ නැහැ දවස පුරාම ආදර කතා කිය කිය ඉන්නවා. නමුත් කාලය ගත වෙද්දී සහකරුවෙක්ට දැනෙන්න පටන් ගන්නවා ආර්ථික අපහසුතා ගැන. ඉතින් පසු කාලීනව රැකියාවේ නැති නම් අධ්‍යාපනයේ වැඩ පාඩු වන බව සහ එක දිගට නිදි මැරීම නිසා ශරීරයට සහ මනසට දැනෙන අධික වෙහෙස දැනුනම දුරකථන භාවිතය අඩු කරනවා. මේ වගේ අවස්ථා වලදී පෙම්වතියට ඔහුව තේරුම් ගන්න අමාරුයි නිසා ගැටළු ඇති වෙනවා. ඔයා ඔහුට ආදරය කරන්න කලින් තේරුම් ගන්න පසුව ආදරය කරන්න.

දුරකථනයෙන් පෙම් කිරීමට පෙළඹීම නිසා දෙදෙනාට මුණ ගැසීමට ඇති උනන්දුව අඩු වී ගෙන යනවා. ඔය දෙදෙනා කරන හැම දේ ගැනම දුරකථනය හරහා අනෙකාව ඒ මොහොතේම දැනුවත් කරන්නට පෙළඹෙනවා. ආදර සම්බන්ධතාවයට නව ජවයක් ලැබෙන්නේ නැහැ. එවිට ඔය දෙදෙනාට දෙදෙනා ගැන ඇති උනන්දුව අඩු වෙනවා. මේ නිසා දුරකථනය මාර්ගයෙන් පෙම් සබඳතාවය යාවත්කාලීන කරන්නට යන්නේ නැතිව හමුවීම් වැඩි කරන්න. හමුවීම් වැඩි වෙන විට ආදර සම්බන්ධතාවයත් දිනෙන් දින අළුත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1311 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:52:19 PM
Script:/article/1311/do-not-let-your-love-controlled-by-the-phone.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:52:20 PM
Script:/article/1311/do-not-let-your-love-controlled-by-the-phone.html