පොඩ්ඩාගේ මතක ශක්තිය වැඩි කරන ආහාර වර්ග

April 22, 2019
15,473
Kids memory boosting food
දරුවාගෙන් දරුවාට වෙනස් ගති පැවතුම් මෙන්ම මතක ශක්තියද දරුවාගෙන් දරුවාට වෙනස් ලක්ෂණ පවතින්නේ. අපි දේවල් ඉගෙන ගන්නවට වඩා වෙනස් වගේම ලස්සන විදිහට තමයි ඒ අය ඒ දේවල් ඉගෙන ගන්නේ. ඉතින් වෙනස් ක්‍රමයට පාඩම් කරාම තමා මතක හිටින්නේ. පොඩ්ඩාගේ මතක ශක්තිය වර්ධනය වැඩි කර ගන්න ආහාර වල පෝෂණය මෙන්ම  බාහිර ක්‍රියාකාරකම්ද වඩාත් අත්‍යවශ්‍යයි. අද හැඩකාරී අපි ඔයාට පොඩ්ඩාගේ මතක ශක්තිය වැඩි කරන ආහාර වර්ග කිහිපයක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

මාළු 

මාළු කියන්නේ සෞඛ්‍ය සම්පන්නම ආහාර අතරින් එක් ආහාරයක් වන අතර ප්‍රෝටීන් සහ විටමින් D වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විතය. පොඩ්ඩාගේ මොළය ඇතුළු සමස්ථ ශරීරයටම අවශ්‍ය වන ඔමේගා-3-මේද අම්ල ලබාගත හැකි හොඳම ආහාරය වන්නේ මාළුයි. තෙල් සහිත ලොකු මාළු වල ඔමේගා-3 මේද අම්ලද බහුලව පවතින අතර, පොඩ්ඩාගේ ශරීරයේ සහ මොළයේ මනා ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් වේ. 

නිවිති 

පියකරු කොළ පැහැයකින් යුත් රසවත්, ගුණවත් පලා වර්ගයකි. නිවිති යකඩ වලින් ස්වයංපෝෂිත මෙන්ම ශරීර සෞඛ්‍යයට හිත කරයි. මොළයේ දුර්වලතා අවම කර ගැනීමට නිවිති වඩාත් යෝගය වන අතරම දිනපතා හෝ සතියකට සැරයක්වත් අඩුම තරමේ නිවිති ආහාරයට ගන්න. පොඩ්ඩාගේ මතක ශක්තිය වැඩි කරන ආහාර වර්ග අතරේ එක් ආහාරයක් වන නිවිති පෝෂ්‍ය පදාර්ථ වලින් යුක්තය.

ගොටුකොළ 

ගොටුකොළ කියන්නේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය යකඩ බහුල පලා වර්ගයකි. ගොටුකොළ වලන් ධාරණ ශක්තිය වැඩි කරන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරනවා. කුඩා කාලයේ සිටම දරුවට ගොටුකොළ කැද පානය කිරීමට පුරුදු කරන්න. ඊට හේතුව ඉගෙනීම් කටයුතු වලට මහත් රුකුළක් ගෙන දෙනවා සේම මතක ශක්තිය වර්ධනය කර ගැනීමටද ගොටුකොළ ඉතාමත් වැදගත් වෙන නිසා.

බිත්තර 

බිත්තර යනු ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ සපිරි ආහාරයකි. බිත්තර වල සැළකිය යුතු ප්‍රමාණ වලින් විටමින් D , E , හා K , විටමින් B6 මෙන්ම කැල්සියම් හා සින්ක් ද අන්තර්ගත යි. බිත්තර ආහාරයට ගැනීමේ දී ඉක්මණින්ම කුසගිනි පහව යනවාසේම ප්‍රෝටීන් වලිනුත් පොහොසත් නිසා කායවර්ධන සඳහාද යෝගයයි.
මෙවැනි ආහාර ආහාරයට ගැනීමෙන් දරුවාගේ මතක ශක්තිය වැඩි වශයෙන් වර්ධනය කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1305 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:09:41 AM
Script:/article/1305/kids-memory-boosting-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:09:41 AM
Script:/article/1305/kids-memory-boosting-food.html