ඔයා ආදරයෙන් ප්‍රතික්ෂේප වී තිබේද? එය සමඟ කටයුතු කරන්නේ කොහොමද?

October 23, 2020
7,979
How to handle rejection of love
කෙනෙක් ගැන ආදරයක් ඇති වුණ මුල් කාලයේදී හැම දෙයකටම වඩා ජීවයක් ලැබෙන්නේ ඒ හැඟීම් වලින් විතරයි කියලා උපකල්පනය කරන්න පුරුදු වෙන්න එපා. මොකද ඒ සිතුවිලි නිසා දවසක ඔයාගේ ජීවිතය අපායක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි ආදරයෙන් බැඳී සිටිනකොට හෝ කෙනෙක් වෙත ආකර්ෂණය වෙනකොට ඔහු / ඇය අපේ ආදරය එක හෙලාම පිළි ගනියි කියලා අපි බොහෝ විට අපේක්ෂා කරනවා. නමුත් ඒක එහෙම වුණේ නැත්නම් ඔහුට හෝ ඇයට ආදරය ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් තියනවා. මොකද ඔහුට හෝ ඇයට ඔයා ළග අකමැත්තෙන් ජිවත් වෙන්න බැහැ. ඉතින් ඊට පස්සේ ඔයා ආදරය කෙරන කෙනා ඔයාව ප්‍රතික්ෂේප කළාට පස්සේ ඒක බොහෝ විට ඔයාව කලකිරීමට පත් කරනවා. ඔයාගේ වේදනාවන් වලින් හිත් පුරවාගෙන ඉන්න හැඟීම් තාවකාලික දේවල් බව වටහා ගන්න. ඔයාගේ ඒ දුර්වලතාව තේරුම් අරන් ඔයාගේ ජීවිතයේ ධනාත්මකව ඉදිරියට යන්න. ඒ සඳහා අනුගමනය කරන්න වටින ක්‍රම කිහිපයක් මෙන්න...

ඔයාගේ හැඟීම පිළිගන්න
ඔයාගේ මිතුරන්ට සහ පවුලේ අයට ඔයාව සැනසීමට සහ ධෛර්යමත් කරන්න පුළුවන්, නමුත් සිද්ධ වුනේ මොකක්ද යන්න ඔයාම පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ වෙලාවට අසහනය, ලැජ්ජාව සහ අපකීර්තිය ඇතුළු විවිධ හැඟීම් ඔයාට දැනෙන්න පුළුවන්. ඉතින් ඒ හැඟීම් සමඟ කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය ඒවා පිළිගැනීමයි. ඔයාට සත්‍යය පිළිගන්න අවශ්‍ය නම්, ප්‍රතික්ෂේප වීමෙන් පස්සේ හිතට සුවයක් ලබා ගැනීම සඳහා පළමු පියවර විදිහට ඒක අත් හදා බලන්න.

ඔයාටම දොස් කියන්න එපා
මුලින්ම ඔයා කිසි වරදක් කරලා නැති බව මතක තබා ගන්න. ආකර්ෂණය හෝ රාගය කියන්නේ හදවතින් එන ස්වභාවික හැඟීමක්. ඔයා ප්‍රකාශ කළේ යමෙක් ගැන ඔයාට හැඟෙන ආකාරය බව මතක තබා ගන්න. ඒ නිසා ප්‍රතික්ෂේප වුණාට පස්සේ ඔයාගේ හැඟීම් ගැන පසුතැවෙන්න එපා. ඒ වෙනුවට ඔහුව/ඇයව තේරුම් ගැනීමට උත්සහා කරන්න. ධනාත්මක මානසිකත්වයකින් ජීවිතය ජය ගන්න.

මිතුරන් සමඟ කාලය ගත කරන්න
ඔයාට කොන්දේසි විරහිතව ආදරය කරන පවුලේ සාමාජිකයන් සහ මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවනේ. ඔවුන් ඔයා ගැන සැලකිලිමත් වෙන අයයි. ඒ නිසා ඔවුන් ඔයාව කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒ වගේ අය සමඟ කාලය ගත කරන්න සහ ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් ජීවිතය දිහා බලන්න. ඔයාට සැමවිටම ආදරය කරන පුද්ගලයන් සමඟ සිටිද්දී ජීවිතයට සැනසීමක් සහ පෙළඹවීමක් ඇති කර ගන්න පුළුවන්.

ඔයාගේ බිය සඟවන්න එපා
කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ ඔයාට බියක් හා අනාරක්ෂිත බවක් දැනෙන්නට පුළුවන්. ඉදිරි ජීවිතයේ මෙයට වඩා බලාපොරොත්තු සුන්වීම් සහ ප්‍රතික්ෂේප වීම් සිදු වේවි කියා බිය ඇති කරගන්න එපා. ඒ බය තුළින් ඔයාට විනාශකාරී සිතුවිලි ඇතිවෙන්න ඉඩ තියනවා. ප්‍රතික්ෂේප වීම් වලට නිසි ලෙස මුහුණ දීමට බය වෙන්න ඕනේ නැති බව ඔයාගේ මනසටම කියන්න. ඔයාව ප්‍රතික්ෂේප වුණාට ඒකට කමක් නැහැ. මොකද අනාගතයේ එළඹෙන්න නියමිත සුන්දර ජීවිතයක් ඔයා පිටුපස ඉඳන් බලන් ඉන්නවා.

ඉලක්කයක් සාදා ගන්න
ඉලක්ක තිබීමෙන් ඔයාගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන්. ඔයාගේ හැකියාවන් ප්‍රගුණ කරමින් කාලයත් සමඟ ඒවා වැඩි දියුණු කරන්න. උදාහරණයක් විදිහට ඔයා ආහාර පිසීමට දක්ෂයි කියලා ඔයා සිතනවා නම්, විවිධ වර්ගයේ අතුරුපස හෝ ආහාර වර්ග හදමින් ඔයාගේ කුසලතා වැඩි දියුණු කර ගන්න. ඔයාගේ කුසලතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙන් පහසුවෙන්ම දුක්බර දේවල් අමතක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අතර ඍණාත්මක හැඟීම් වලින් ද ඔයාව ඇත් වෙයි.

නව සම්බන්ධතා ඇති කර ගන්න
කෙනෙකුගේ ප්‍රතික්ෂේප කිරීමේ වේදනාව අමතක කරන්න පුලුවන් එක ක්‍රමයක් වන්නේ වෙනත් සම්බන්ධතා ඇති කිරීමයි. මෙමගින් ඔයාගේ මතකයෙන් අමිහිරි සහ පැරණි මතකයන් ඉවත් කරන්න පුලුවන්. ඉතින් ඔයාට අලුත් මිතුරන් හා හිතවතුන් ඇති කර ගන්න උත්සහ කරන්න පුළුවන්. යහපත් අලුත් මිත්‍රත්වයන් වර්ධනය කර ගැනීමෙන් කෙනෙකුගේ ප්‍රතික්ෂේපයට මුහුණ දීමේ වේදනාවෙන් ඔයාගේ මනසින් සැලකිය යුතු ලෙස ඇත් කර ගන්න පුලුවන්.

ඔබටම ආදරය කරන්න
ඔයා ඔයාවම පිළිගැනීම ඉතා වැදගත්. ඔයා ඔයාටම ගරු කරනකොට සහ ආදරය කරනකොට ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඇති වුණු ඍණාත්මක හැඟීම් ඉවත් කර ගැනීම වඩාත් පහසු වෙනවා. ඔයාට මේ පිළිබඳව නිවැරදි හැඟීමක් ඇති වූණාට පස්සේ ඔයාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ආයි යන්න පුලුවන්. ඔයා සතුව තියන වටිනාම දේවල් ගැන අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න; ඒක ඔයාගේ පවුල වෙන්න පුළුවන්, ව්‍යාපාරයක්, අධ්‍යාපනය හෝ වෙනත් දෙයක් ආදී ඕනෑම හොඳ දෙයක් වෙන්න පුලුවන්. ජීවිතය ඇතුළේ හොඳ අන්තර්ගතයක් පවත්වා ගෙන නැවත ඔයාගේ ජීවිතය තෘප්තියෙන් ගත කරන්න පටන් ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1884 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:15:19 PM
Script:/article/1884/how-to-handle-rejection-of-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:15:19 PM
Script:/article/1884/how-to-handle-rejection-of-love.html