අපේ යහපත් සෞඛ්‍යයට උරදෙන "ප්‍රානයාම ව්‍යායාමය"

April 14, 2021
5,105
How pranayama help to improve our health
යෝග ක්‍රම එහෙමත් නැත්නම් යෝගී ව්‍යායාම (YOGA) කියන්නේ අද බොහෝ දුරට කලාවක් විදියට හැමෝම කරන දෙයක්.. සමහරු මේක පැෂන් එකක් විදියටත් කරනවා.. ඉතින් අද හැඩකාරි කියලා දෙන්නේ යෝග ක්‍රමයක් වන ප්‍රානයාම ( Pranayama ) ක්‍රමය ගැන..

මොකක්ද මේ ප්‍රානයාම ක්‍රමය කියන්නේ..
What exactly is pranayama?
ඇත්තටම ‍ ප්‍රාණයාම කියන්නේ ඔබගේ හුස්ම ගැනීමේ රටාව පාලනය කිරීමටයි. ඔබගේ හුස්ම ගැනීමත් හුස්ම ගැනීමේ වාර ගණනත්, එහි පරතරයත් පාලනය කරනවා. යෝග අභ්‍යාස වලදී ප්‍රානයාම මගින් ඔබගේ ශරීරය සහ මනස පාලනය කරයි. එය ඔබේ ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දෙන අතර විෂ පිටකරනවා. ඇත්තටම මෙය ක්‍රමය සුවකිරීමේ ක්‍රමයක්. ප්‍රානයාම ක්‍රමය හුස්ම ගැනීමේ ක්‍රම කීපයකට ඒවා සිදු කරනවා. යෝග ව්‍යායාම කරන විට, භාවනා කරන විට මෙම ක්‍රම අපට පුරුදු වන්න පුළුවන්.

ප්‍රාණයාම ක්‍රමයෙන් විද්‍යාත්මකව ලැබෙන ප්‍රයෝජන හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරන්නම්.

මානසික ආතතිය දුරු කිරීම - Decreases stress
ප්‍රානයාම ක්‍රමය ප්‍රගුණ කිරීමෙන් අපගේ ස්නායු පද්ධතිය සන්සුන් කරන අතර මොළය සහ ස්නායු ක්‍රියා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයුම් අඛණ්ඩව සිදු කරන්න උදව් වෙනවා.

2. සුව නින්දක් ලබා දෙනවා - Improves sleep quality
බොහෝවිට අපගේ මනස කලබලකාරී හා ආතතියට පත්ව ඇති විට අපට නින්ද යෑම බොහොම අසීරුයි. නමුත් ප්‍රානයාම ක්‍රමය කිරීම මගින් හෘද ස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය පාලනය කරමින් නින්ද සඳහා ශරීරය සූදානම් කරනවා.
3. මානසික ඒකාග්‍රතාව වැඩි දියුණු කිරීම - Increases mindfulness
අපි සියලු දෙනා බොහෝ විට හුස්ම ගැනීම ස්වයංක්‍රීයවම සිදුකරනවා. ඒ පිළිබඳ කිසිදු ආකාරයකට අප සිතන්නේ නැහැ. නමුත් ප්‍රාණයාම ක්‍රමයේ දී අපි හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. පරීක්ෂකයින් පවසන්නේ ප්‍රානයාම ක්‍රමය සිදු කරන අයගේ මානසික ඒකාග්‍රතාවය ‍එය සිදු නොකරන අයට වඩා වැඩි බවයි. ඔවුන් පවසන්නේ ප්‍රානයාම ක්‍රමය මඟින් ශරීරයෙන් කාබන්ඩයොක්සයිඩ් පිට කිරීමත් මොලයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන වන ඔක්සිජන් ලබා දීම වේගවත් කිරීම මගින් අවධානය (focus) සහ එක් අරමුණකට සිත යොමු කිරීමේ (concentration) වේගය වැඩි කරන බවයි.

4. අධික රුධිර පීඩනය අඩු කරයි - Reduces high blood pressure
අධික රුධිර පීඩනය කියලා කියන්නේ ඔබගේ රුධිරයේ සංසරණ වේගය වැඩිවීමයි. එසේ වැඩිවීම ශරීරයට ඉතා අහිතකර තත්ත්වයක් වන අතර හෘද්‍යාබාධ, ආඝාත ඇතිවීම කෙරෙහි බලපානවා. අධික රුධිර පීඩන තත්ත්වයට ප්‍රධානම හේතුව වන්නේ මානසික ආතතියයි. ප්‍රානයාම ක්‍රමය මගින් මනස ලිහිල් වීම සිදුකරන අතර මනස සන්සුන් කිරීමට උපකාරී වෙනවා.

5. පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරිම - Improves lung function
හුස්ම් ගැනීමේ ක්‍රමවේදයක් වන ප්‍රාණයාම ක්‍රමයෙන් ඔබගේ දුර්වල හුස්ම ගැනීමේ රටාව ශක්තිමත් කරන අතර පෙනහළු ශක්තිමත් වෙනවා. පර්යේෂණයන් ට අනුව ඇදුම (asthma), බ්‍රොන්කයිටීස් (allergic bronchitis), නිව්මෝනියාව( pneumonia ) සහ ක්ෂය රෝගය (tuberculosis) වැනි රෝගයන්ගෙන් සුවය ලැබීම සඳහාත් ප්‍රානයාම ක්‍රමය උපකාරී කර ගන්න පුළුවන්.

6. සංජනනාත්මක කුසලතා වැඩි දියුණු කිරීම (Enhances cognitive performance)
ප්‍රාණයාම ක්‍රමයෙන් ප්‍රධාන වශයෙන් හුස්ම ගැනීමත් පිට කිරීමත් ක්‍රමවත් කරන අතර එමගින් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සිදු කරයි. පර්යේෂකයන්ට අනුව ප්‍රානයාම ක්‍රමය මඟින් මානසික ආතතිය දුරු කිරීම සහ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම මෙයට හේතුවන බවයි .

7. දුම්වැටි පානය කිරීම සඳහා ඇති කැමැත්ත අඩු කිරීම (Reduces cigarette cravings)
දුම්වැටි පානය නතර කි‍රීමට උතසාහ ද‍රණ පුද්ගලයින් මෙම ප්‍රාණයාම යෝග අභ්‍යාසය ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ට දුම්වැටි පානය සඳහා ඇති කැමැත්ත අඩු කරන බව පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

බොහෝවිට යෝග අභ්‍යාස මගින් සිදු කරන්නේ ඔබගේ මනස සහ ශරීරය සැහැල්ලු කිරීමයි . ප්‍රාණයාම ක්‍රමයෙහි අරමුණ වන්නේ ශරීරය සහ මනස අතර ශක්තිමත් සබඳතාවයක් ඇති කිරීමයි. අප සියලු දෙනාගේම අරමුණ වන්නේ සිත සැහැල්ලුවෙන් ජීවත්වීමයි. ඉතින් ඔබත් තවමත් යෝග අභ්‍යාස පිළිබඳ දන්නේ නැතිනම් ඒ පිළිබඳව ඉගෙන ගන්න කැමති නම් අත්දැකීම් බහුල පුහුණුකරුවකු වෙත යොමුවීමයි කරන්න පුළුවන් හොඳම දේ.. ඉදිරියේදිත් හැඩකාරී අපි යෝග ව්‍යායාම සම්බන්ධ ලිපි කිහිපයකින් හම්බු වෙමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,673
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,025
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Seeni Sambol Recipe
   10,674
   17

සීනි සම්බෝල - Recipe

කිරිබතක්, ඉඳිආප්ප ටිකක්, රෝස් පාන් කෑල්ලක් කනකොට සීනි සම්බොලයක් ගෙදරම හදා ගත්තොත් ඒ ආහාර වේල සතුටින් රසවිඳින්න පුලුවන් වෙයි
How To Make Pani Walalu (Unduwel)
   41,178
   17

අවුරුදු මේසෙට පැණි වළලු

පිටි වර්ග සියල්ලම එකිනෙකට හොදින් මිශ්‍රකරගන්න. පසුව වතුර ටිකෙන් ටික දමා හොදින් අනාගන්න. එම මිශ්‍රණය පැය 6ක් පමන තබන්න
Changes in your body if you consume cod-liver oil daily
   98,298
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed