දක්ෂ කුක් කෙනෙක් වෙන්න මෙන්න ඔයාට අපෙන් පොඩි උදව්වක්

May 22, 2018
14,908
Some small tips to be a good cook
කෑම පිසීම කියන්නෙත් එක්තරා විදියක අපූරු කලාවක්. ඒක හරියටම ඉගෙන ගන්න එක නම් ගෘහනියකට ගොඩක් වටිනවා. හැම කාන්තාවක්ම කැමති තමන්ට කටට රහට කෑම ටික උයන්න පුළුවන්කම ලැබෙනවා නම්. ඒක තමන්ගේ සතුටට වගේම ගෙදර අයගේ සතුටටත් හේතුවක්. ඉතින් ඒකට ඔයාට පොඩි උදව්වක් කලොත්හොඳයි කියලා හිතුනා.

1. පොඩියට අත්හදා බලන්න

විවිධාකාරයේ කෑම වට්ටෝරු වගේම කෑම හදන විදි ඔයාට නිතර නිතර දකින්න පුළුවන්. ඒ වගේම හොයාගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලින් ඔයාගේ හිත ගිය දෙයක් පොඩියට ට්‍රයි කරල බලන්න. පලවෙනි පාරම මහා ලොකුවට කරන්න යන්න එපා. මහා ලොකු කරන්න ගිහින් අන්තිමට වැඩේ වැරදුනොත් අපරාදේ නේ. ඒ නිසා පොඩි පොඩි කෑම වර්ග පොඩි නිවාඩුවක් ලැබුන වෙලාවක හදලා බලන්න. හරියටම වැඩේ අල්ල ගත්තට පස්සේ ඔයාට කෑම හදන එකත් විනෝදාංශයක් වගේ කර ගන්න පුළුවන්. ඒ විදියට තවත් දෙයක් ට්‍රයි කරලා බලන්න.

2. වෙනස් දේවල් කරන්න

කෑම වට්ටෝරු වල තියෙන විදිහටම හෝ එහෙම නැත්නම් හදන්න කියලා දෙන විදියටම කෑම බීම හදන්න ඕන කියල එකක් නැහැනේ. ඒ නිසා ඔයා හදන කෑම වර්ග වලට කැමති විදියට පොඩි පොඩි වෙනස් කම් කරන්න. ඒ වගේම ඔයා නිතර නිතර හදන කෑම වර්ග වලටත් ඒ කිවව් වෙනස්කම් කරනවා නම් ඒකාකාරී බව නැති වෙනවා. ඒ වගේම ඒ වෙනසට ගෙදර අයත් කැමති වෙයි.

3. කෑම වට්ටෝරු එකතුවක් ළඟ තියා ගන්න

කෑම හදන කලාවට ආදරය කරන, ආස කරන කෙනෙක් ළඟ කෑම වට්ටෝරු පොතක්, දෙකක් නැති වෙන්නේ නෑ. කෑම වට්ටෝරු පොතක් කියන්නේ උයන්න ඉගෙන ගන්න විවිධ කෑම වර්ග හදන්න කැමති කෙනෙක් ළඟ අනිවාර්යෙන් තිබිය යුතු දෙයක් . ඒ වගේම රුපවාහිනිය, අන්තර්ජාලය මඟිනුත් ඔයාට අලුත් අලුත් කෑම වර්ග හදන්න ඉගෙන ගන්න පුළුවන්.

4. ගෙදර අයගෙන් ගුණ දොස් අහන්න

කෑම හදලා විතරක් මදි ඉතින්. ඒවා ගෙදර අයට යාලුවන්ට රස බලන්නත් දෙන්න. ඒකෙ තත්ත්වේ කොහොමද? හොඳයිද, නරකයිද? කියලා අහල බලන්න. ඒ වගේම තව අඩු වෙන්න ඕනේ මොනවද, එකතු කරන්න ඕන මොනවද? රස වෙනස් වෙන්න ඕනද? මේ හැම දෙයක් ගැනම ඔයාට comment ලැබෙයි. ඒ දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙනවා.ඒ මොකක්වත්ම නැත්තන් ඔයාට බැරි වැඩ කරන්නේ නැතුව ඉන්න කියල වත් කියයිනේ. ඒ නිසා අනිවාර්යයෙන් යාලුවන්ට, හිතමිත්‍රාදීන්ට, පවුලේ අයට රස බලන්න දෙන්න.

5. හිත එක තැනක තියා ගන්න

හිත එක තැනක නැත්තම් අපිට කිසිම දෙයක් හරියට නිවැරදිව කරගන්න බැහැ. කලිනුත් කිව්වනේ ආහාර පිසිම කලාවක් කියලා. ඉතින් අන්න ඒ නිසා හිත එක තැනක තියාගෙන වැඩේ පටන් ගන්න. ඔයාට හරියටම ඒක කරන්න පුළුවන් වෙන්නේ එතකොට. නිරවුල් මනසක් සහිතව ඒ දේවල් කරන්න පටන් ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 828 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:37:34 PM
Script:/article/828/some-small-tips-to-be-a-good-cook.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:37:34 PM
Script:/article/828/some-small-tips-to-be-a-good-cook.html