හරි පදමට ලුණු එකතු කරන්නේ කොහොමද?

April 15, 2017
8,936
how much salt for your food
කෑමක් බීමක් හදනවා නම් ලුණු පදම හරියට දැනගෙන ඉන්න ඕන. ආහාරයේ පෙනුම, ගුණය කියන මොන ගුණාංගය තිබුණත් ආහාරයක් රසවත් වෙන්නේ ලුණු ඇත්නම් පමණයි. ඒත් ආහාරවලට එක් කරන ලුණුවල හරි පදම දැනගෙන සිටීම ගෘහණියට වැදගත්. හරි පදමට ලුණු දාන එක ගෘහණියගේ කීර්ති නාමයටත් වැදගත්. ඒ නිසා දාන ලුණු ගැන ටිකක් සැලකිලිමත් විම වැදගත්.

ලුණු ටිකක් දාන්න

බොහෝ අය බතටත් ලුණු දානවා. එහෙම ලුණු දාන්න ඕන නෑ. බත් එක්ක කන අනෙක් ව්‍යාංජන වලට ලුණු එක් කරනවානේ. සියල්ල එකට අනාගෙන කන නිසා බතට ලුණු නොදැම්මා කියලා අඩුවක් දැනෙන්නේ නෑ. අනෙක් කරැණ නම් එළවළු තම්බන විට ලුණු ස්වල්පයක් එක් කරන්න. එවිට තැම්බූ එළවළු වඩා රසවත් වෙනවා. කෑමට රැචියක් ඇතිවෙනවා.

තැම්බුණාට පසු ලුණු දාන්න

අල, බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ග තම්බන විටත් කඩල, කව්පි, මුං ඇට වැනි ධාන්‍ය වර්ග තම්බන විටත් ලුණු පළමුව එක් කිරීම වැරදියි. ලුණු දැමිය යුත්තේ තම්බා වතුර පෙරා ගත් පසුවයි.

ව්‍යාංජන වලට ලුණු පදම

ව්‍යාංජන වලට ලුණු එක් කළ යුත්තේ ඒවාට අනෙකුත් කුළුබඩු වර්ග රසකාරක ආදිය එක් කරන අවස්ථවේදීමයි. ව්‍යාංජන ඒදා ලිප තැබිමට පෙර ලුණු එක් කිරීම නිසා ව්‍යාංජන වලට එම ලුණු හොඳින් අල්ලයි. ලුණු රස එකතු වී ව්‍යාංජන රසවත් වෙයි.

මස්, මාළුවලට පදම

මස්, මාළු ආදිය ආහාරයට ගන්නා ආකාරය ගැන පළමුව සිතන්න. මස්, මාළු වර්ග පිසීමට හෝ බැදීමට හෝ ග්‍රිල් කිරීමට සිතන්නේ නම් ලුණු එක් කළ යුත්තේ ඒවා සෝදා ගත් විගසමයි. ලුණු දමා ටික වේලාවක් තැබීමෙන් මස්, මාළු ආදියට ලුණු හොඳින් කා වදියි. රසය වැඩිවෙයි.

ගැඹුරැ තෙලේ බදින පදම

සමහර ආහාර ගැඹුරැ තෙලේ බැදීමෙන් පසු ආහාරයට ගන්නවා. ඒත් අල, කෙසෙල්, වම්බටු ආදියට ලුණු දමා ගැඹුරැ තෙලේ බදින්න එපා. බැද ගත් පසුව ලුණු එක් කරන්න.

දාපු ලුණු වැඩිනම්

හැමදාම කෑම හැදුවා වුණත් ලුණු පදම වරදින්න පුළුවන්. එහෙම වෙලාවට කරන්න පුළුවන් පුංචි පිළියමක් තියෙනවා. කෑම පිළියෙළ කරන විට ලුණු අඩුවෙන් එක්කරන්න. ලුණු රස මදි නම් අවශ්‍ය කෙනාට ලුණු එක් කරගත හැකියි. ආහාරයට ලුණු වැඩි වුණාම බොහෝ දෙනා වතුර ටිකක්, දෙහි ටිකක්, පොල් කිරි ටිකක් එක් කරනවා. ඒ වුණත් එහෙම කිරීම නිසා ආහාරයේ රස නැතිව යනවා. පෙනුම නැති වෙනවා. සමහර අයට වැඩියෙන් ලුණු කෑම අගුණයි. එනිසා ලුණු අඩුවෙන් එක් කිරීම වඩා හොඳ පිළියමයි.

පලා වර්ග සෝදන විට

පලා වර්ග සෝදන විට වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. විශේෂයෙන් වැසි කාලවලදි. පලා වර්ග සෝදන විට ඒ වතුරට ලුණු ස්වල්පයක් එක් කරන්න. එවිට පලාවල ඇති විස බීජ නැති වී යනවා. මස්, මාළු ආදිය සෝදන විටත් ලුණු දමා සේදිය හැකියි. එවිට ඒවායේ ඇති සෙවළ ගතිය, පිළී ගඳ, පරණ ගතිය නැති වී යනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 214 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:27:11 PM
Script:/article/214/how-much-salt-for-your-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:27:12 PM
Script:/article/214/how-much-salt-for-your-food.html