රිදී භාණ්ඩ වලට නැවුම් බවක් එක් කිරීමට ටිප්ස්

October 27, 2020
2,970
Keep your silver utensils shiny
පොලිෂ් කිරීමේ පරමාර්ථය වන්නේ රිදී වල බැදී ඇති අපිරිසිඳු ද්‍රව්‍ය ඉවත් කිරීමයි. හරියට ඔප දැම්මොත් නැවත වරක් ලා රෝස පැහැයෙන් යුත් ලස්සන දීප්තියක් රිදී භාණ්ඩයට ලබා ගන්න පුළුවන්. දුර්වර්ණ වෙනවා කියන්නේ සෑම වර්ගයකම රිදී භාණ්ඩ මත ස්වාභාවිකව සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක්. දිගු කාලයක් භාවිතා නොකල රිදී භාණ්ඩ වලත් කළු පැහැති දෙයක් බැඳිලා තියෙනවා ඔබ දැක ඇති.

ඔබේ නිවසේ ඇති රිදී භාණ්ඩ ඔප දමන්න අවශ්‍ය නම් ඒ සඳහා උපදෙස් කිහිපයක් මෙන්න. රිදී ආභරණ විනාශ වීමට නොදී ආරක්ෂා කර ගැනීමට මෙම ශිල්පීය ක්‍රම බෙහෙවින් ඉවහල් වේවි.

දන්තාලේප - සුදු පාට දන්තාලේප කිහිපයක් ඔයාගේ ඇඟිල්ලේ තවරලා රිදී භාණ්ඩය පිරිසිඳු කර ගන්න. පස්සේ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

ලෙමන් යුෂ - ලෙමන් යුෂ එක්ක ලුණු ටිකක් මිශ්‍ර කරලා පේස්ට් එකක් සදා ගන්න. ඊළඟට රිදී බඩු වල අතුල්ලන්න. පස්සේ උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු රෙදි කඩකින් පිසදාන්න.

Ketchup - Ketchup වල රිදී භාණ්ඩ විනාඩි 5-10 ක් තබන්න. පසුව උණුසුම් ජලයෙන් සෝදා රෙදි කඩකින් පිසදාන්න.

ක්‍රිම් ඔෆ් ටාටා (Cream or Tartar) සහ කිරි - සම්පූර්ණ යොදය සහිත කිරි කෝප්පයක එකකට ක්‍රිම් ඔෆ් ටාටා තේ හැඳි 3 ක් මිශ්‍ර කරලා, රිදී භාණ්ඩය ටික එය තුළ එක රාත්‍රියක් පමණක් පෙඟෙන්න තබන්න. පසුවදා උදැසන සීතල වතුරෙන් සෝදලා වියළි රෙදි කැබැල්ලකින් පිස දමන්න.

බේකිං සෝඩා - රිදී භාණ්ඩ ටික වැසෙන්න බේකිං සෝඩා ටිකක් දමලා විනාඩි 30ක් පමණ ආවරණය කරලා තබන්න. පසුව තෙත් රෙදි කඩකින් රිදී බඩු ටික පොඩ්ඩක් අතුල්ලලා උණු වතුරෙන් සෝදලා පිරිසිඳු කරගන්න. ඔප දමන්න.


බේකිං සෝඩා / Aluminium Foil / ලුණු / උතුරන වතුර / සුදු විනාකිරි ක්‍රමය -

Aluminium Foil කොළයේ දිලිසෙන පැත්ත ඉහළට සිටින සේ තබලා රිදී භාණ්ඩය ඔතන්න.
රිදී බඩු ආවරණය කිරීම සඳහා අවශ්‍ය තරම් ජලය එක් කරමින් ඒකට බේකිං සෝඩා කෝප්පයක් සහ ලුණු තේ හැඳි 1 එක් කරන්න. ඉතා පරිස්සමින් සෙමින් සුදු විනාකිරි කෝප්පයක් ද එක් කරන්න.
මිනිත්තු 3 ක් පමණ තබලා ජලය සිසිල් වුණාට පස්සේ රිදී භාණ්ඩ ඉවතට ගන්න.
රිදී භාණ්ඩ ටික උණුසුම් සබන් වතුරට දමලා සෝදලා පිරිසිඳු රෙදි කැබැල්ලකින් පිසදමන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1889 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:53:00 AM
Script:/article/1889/keep-your-silver-utensils-shiny.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:53:01 AM
Script:/article/1889/keep-your-silver-utensils-shiny.html