ගෑනු රවටන පිරිමින්ගේ මායම් 21ක්

February 13, 2017
15,049
The 21 Mayams (Tricks) of Men
ගෑනුන්ගේ 64 මායම් ගැන කතා නොකරන කෙනෙක් සමාජයේ නැති තරම්. ගෑනු කෙනෙක් මොන දේ කලත් අපෝ ඒ ගැනිගේ මායම් කියලා කියනවා කව්රුත් අහලා ඇති. මේ මායම් ගැන කියලා තියෙන්නේ පුරාණයේ හිටපු ඍෂිවරු. මායම් ගැන කියන්නේ දේහ ලක්ෂණ විද්යාව පදනම් කරගෙන. දේහ ලක්ෂණ කියන දේ ස්ත්රීන්ට වගේම පුරුෂයින්ටත් පොදුයි. ඉතින් ඒකෙන්ම පැහැදිළි වෙනවා මායම් කියන දේ ගෑනුන්ට වගේම පිරිමින්ටත් පොදුයි කියන එක.

හැබැයි ඒ කාලේ ඉඳලම ස්ත්‍රීන්ගේ මායම් ගැන ප්‍රසිද්ධ වුනා මිසක්, පිරිමින්ගේ මායම් ගැන නම් කව්රුවත් කතා කළේ නෑ. ඒ ස්ත්‍රීන් උපතින්ම සියුමැලි, ළඳබොළඳ, සුකුමාල නිසා වෙන්න ඇති. ඒ නිසාම ස්ත්‍රීන්ගේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා ඇති අංග වල ලක්ෂණ සොයා බලන්න කව්රුත් උනන්දු වුණා. මේ විදිහට හොයා ගත්තු ස්ත්රී මායම් 64ක් තියෙනවා වගේම පුරුෂ මායම් 21ක් තියෙනවා.

අපි කාටත් ජිවිතේ මුණ ගැහිලා තියෙන එක එක පිරිමින්ගේ 21ක් මායම් මෙන්න මේ විදිහට අපි කව්රුත් අත් දැකලා ඇති. කියවලා බලන්නකෝ.

01. උඩුතොල පෙරළා යටිතොල පෙන්වීම.
02. ස්ත්‍රීන්ට පෙනෙන්නට යහළුවන් සමග උසුළු විසුළු වැඩිපුර කිරීම.
03. ස්ත්‍රිය දෙස අනුරාග ලෙස බැලීම.
04. වෙනත් යුවතියක සමග කතා කරන බව තමන් කැමති ස්ත්‍රීන්ට හැඟවීම.
05. ඇහි බැම හකුළුවා බැලීම.
06. කැමති යුවතිය කියන දේ අසා සිටීම.
07. තම හිසකෙස් අතින් පිරිමැදීම.
08. ඇඳ ඇති ආභරණ හඬ නැගෙන සේ සෙලවීම.
09. සිරුර ඇඹරීම.
10. ඉතා සෙමින් නොදන්නා කෙනෙකු මෙන් ස්ත්‍රිය සමග කතා කිරීම.
11. තම අදහස් කෙලින් නොකියා වහෙන් ඔරෝ කීම.
12. ස්ත්‍රියට පෙනෙන්නට කුඩා දරුවෙකු සුරතල් කිරීම.
13. ස්ත්‍රියගේ උකුලෙහි ඇති දරුවා තම අතට ගෙන සුරතල් කිරීම.
14. ළඟ සිටින මිතුරා සමග දෙපිට කැපෙන වචන කීම.
15. මිතුරෙකුට හේත්තු වී ඈනුම් අරිමින් නිදිබර ගතිය පෙන්වීම.
16. ස්ත්‍රියට ඇසෙන සේ කාම ශාස්ත්‍රය වාද කිරීම.
17. ස්ත්‍රියගේ මිතුරියන් සමග වඩාත් කිට්ටු වීම.
18. ළදරුවන්ට සෙල්ලම් බඩු දී නැවත ගැනීම.
19. ස්ත්‍රිය යන එන සමුහ ගමන්වලට සම්බන්ධ වීම.
20. ස්ත්‍රියට ඇහැක් ගසා අහක බලා ගැනීම.
21. තමා කැමති ස්ත්‍රිය ගැන සැලකිල්ලක් නැති බව ඇයට ඇඟවීම.




Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 53 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:58 PM
Script:/article/53/the-21-mayams-tricks-of-men.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:59 PM
Script:/article/53/the-21-mayams-tricks-of-men.html