කවදාවත් විවාහ ජීවිතයේදී මේ දේ නම් කරන්න එපා

September 18, 2017
9,499
6 reasons why you should never compare relationships
කාන්තාවක් තමන්ගේ විවාහ ජීවිතය ගැන ගන්න තීරණ කිසිම දවසක ආවට ගියාට කරන්න යන්න හොඳ නැහැ. මොකද විවාහා ජීවිතයේදී අපිට දෙයක් වැරදුනොත් ආයෙත් ඒක නිවැරදි කරගන්න එක හිතන තරම් පහසු නැහැ. කොහොම උනත් කාන්තාවන් ළඟ තියෙන නරකම පුරුද්දක් තමයි තමන්ගේ විවාහ ජීවිතය තවත් අයගේ විවාහ ජීවිතය එක්ක සංසන්දනය කරන්න යන එක. ඊට පස්සේ ඉතින් තමන්ගේ විවාහ ජීවිතේ තියෙන්න අඩුපාඩු ගැන හිත හිත කාලය ගත කරනවා. හැබැයි අපි නම් ඔබට කියන්නේ කිසිම දවසක ඔබේ විවාහ ජීවිතය වෙනත් අයගේ විවාහ ජීවිතය එක්ක සංසන්දනය කරන්න යන්න එපා කියලා, කියවලාම බලන්නකෝ ඇයි අපි ඔයාට එහෙම කියන්නේ කියලා.

1. ඔබ හැම දෙයක්ම දකින්නේ නැහැ

ඔබ තවත් විවාහක යුවලක් දිහා බලලා හිතනවා නම් ඔබේ විවාහ ජීවිතය සාර්ථක එකක් නෙවෙයි කියලා, හිතලා බලන්නකෝ ඔය ඇත්තටම අනිත් විවාහක යුවලගේ ජීවිතේ හැම දෙයක් ගැනම දන්නවද කියල. ඇත්ත කතාව අපි දකින්නේ ඒ අය අපිට පෙන්නන දේවල් විතරයි. අපිට නොපෙන්වන දේවල් කොච්චර නම් ඒ අයගේ විවාහ ජිවිත ඇතුලේ තියෙන්න පුලුවන්ද?

2. ඔබට වැදගත්ම දේවල් මඟ ඇරෙන්න පුළුවන්

ඔබේ මිතුරියගේ සැමියා මිතුරිය වෙනුවෙන් කරන කියන දේවල් ගැන හිත හිත ඉන්න ගියොත් ඔබේ සැමියා ඔබ වෙනුවෙන් කරන කියන බොහෝ දේවල් ඔබට මඟ ඇරෙන්න පුළුවන්. මොකද හැම පිරිමියාම තමන්ගේ ආදරේ බිරිඳට පෙන්වන්නේ එකම විදිහට නෙවෙයි. ඒ නිසා අනිත් අයගේ දේවල් ගැන හිත හිත ඉන්න ගියොත් ඔබට ගොඩක් දේවල් මඟ ඇරෙන්න පුළුවන්.

3. ඔබේ මනස අවුල් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්

ඔබේ විවාහ ජීවිතය තවත් කෙනෙක්ගේ විවාහ ජීවිතය එක්ක සංසන්දනය කරන්න යන එකෙන් වෙන්නේ ඔබේ මනස තව තවත් අවුල් සහගත වෙන එක විතරයි. මොකද ඔබට පෙනෙන්නේ ඔවුන්ගේ විවාහ ජීවිතයේ හොඳ සහ ඔබේ විවාහ ජීවිතයේ නරක විතරයි. ඒ නිසා ඉබේම වෙන්නේ ඔබේ මනස අවුල් වෙන එක විතරයි.

4. ඔබේ සැමියත් එක්ක ඔබට තරහක් ඇතිවෙන්න පුළුවන්

ඔබ අනිත් කාන්තාවන්ගේ සැමියන්ගේ හොඳ දකින කොට ඔබට ඉබේම පේන්න ගන්නේ ඔබේ සැමියාගේ නරක. මේ නිසා ඔබටත් නොදැනීම ඔබේ හිතේ සැමියා ගැන තරහක් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා අවසානයේ වෙන්නේ ඔබට වගේම ඔබේ සැමියාටත් තේරුමක් නැති දෙයක් නිසා දුක් වෙන්න.

5. ඔබේ කාලය නාස්ති කිරීමක්

ඔබ තවත් කෙනෙක්ගේ විවාහ ජීවිතය එක්ක ඔබේ විවාහ ජීවිතය සංසන්දනය කරන්න යන වෙලාවේ ඔබේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වෙන දෙයක් කරා නම්, නිකන් ඔබේ කාලය නාස්ති වෙන්නේ නැති වේවි.

6. ඔබේ නිරෝගී බවටත් ප්‍රශ්නයක්

හැම තිස්සෙම ඔබේ විවාහ ජිවිතයේ තියෙන ප්‍රශ්න ගැන හිත හිත ඉන්න ගියොත් වෙන්නේ ඔබ නිකම්ම ලෙඩ වෙන එක. මොකද අපේ හිතේ සතුට නැත්නම් අපි නිකම්ම ලෙඩ වෙනවා. ඉතින් අහක යන ප්‍රශ්න ඔලුවට දාගෙන නිකන් ලෙඩ දාගන්නවට වඩා හොඳ නැද්ද තමන්ගේ විවාහ ජීවිතය සතුටින් ගත කරන්න උත්සහ කරන එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 420 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:47 AM
Script:/article/420/6-reasons-why-you-should-never-compare-relationships.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:47 AM
Script:/article/420/6-reasons-why-you-should-never-compare-relationships.html