නිවස පිළිවෙලකට තියාගන්න ප්‍රවීණයන්ගෙන් පහසු උපදෙස් 15ක්

September 13, 2021
6,538
15 Easy methods to organize your home
ඔබ රැකියාවක නියුතුවන කාන්තාවක් නම් ඔබගේ විවේකි සති අන්තයෙන් සැලකිය යුතු කාලයක් ඔබ ඔබගේ නිවස පිළිවෙල කරන්න, අස් කරන්න ගත කරනවා. එසේ නොමැති නම් ඔබ දරුවන් සමග නිවසේ සිටින කාන්තාවක් නම් නිවස පිළිවෙලට තබා ගන්න දිනපතා කාලය වෙන් කරන්න සිදුව ඇති.. නමුත් ඔබට තියෙන්නේ කෙසේ පිළිවෙලට සකස් කලත් ඉක්මනින් අපිලිවෙල වෙන නිවසක් නම්.. අඩුම තරමින් දින කිහිපයක් හෝ නිවස එක දිගට පිළිවෙලට තබා ගැනීමට ඔයාට ඕනේ නම්.. ඒ සම්බන්ධයෙන් ක්ශේත්‍රයේ ප්‍රවීණයන් ගේ අදහස් විමසා බලමු..

1. නිවසේ සෑම දෙයක් සඳහාම නිශ්චිත ස්ථානයක් වෙන් කරන්න



උදාහරණ ලෙස ඔබගේ මුළුතැන්ගෙයි ඇති හැඳි ගෑරුප්පු ඔබ සෑමවිටම තබන්නේ නිශ්චිත ස්ථානයක නේද.. එමනිසා ඔබ ඒවා පහසුවෙන් සොයා ගන්නා අතරම භාවිතයෙන් පසුවත් ඔබ හැඳි ගෑරුප්පු නියමිත ස්ථානයේ තබනවා නේද.. එසේනම් නිවසේ අනිකුත් දෑත් ඒ ආකාරයෙන් නිශ්චිත ස්ථානයක තබන්න.. නිවසේ කුඩා දරුවන් සිටීනම් ඔවුන්ටත් යමක් භාවිතයෙන් පසු නිශ්චිත ස්ථානයේ තැබීමට කුඩාකල සිටම හුරු කරන්න.

2. ඔබගේ නිවසේ ඇති ලොකු, කුඩා සෑම ස්ථනයක්ම පිලිවෙලට සංවිධානය කරගන්න



කබඩ්, අල්මාරි, ලාච්චු ආදියේ ඔබ තැන්පත් කරන දෑ පිළිවෙලට වර්ග කර කුඩා බහාලුම් වල දමා තැන්පත් කර හැකියි.. ඒ ආකාරයට ඔබට නිවසේ සෑම කුඩා ඉඩක්ම සංවිධානය කරගත හැකියි.

3. නිවස පිරිසිදු කරන විට එයට දැඩි අවධානයක් යොමු කරන්න



ඔබ නිවස පිරිසිදු කිරීම ආරම්භයට පෙර ඒ සඳහා අවධානය යොමුකර සැලැස්මකින් යුක්තව එය කලයුතුයි. උදාහරනයක් ලෙස ප්‍රවීණයන් පවසන්නේ ඔබ කාමරයක අභ්‍යන්තරය පිරිසිදු කරන විට කාමරයේ ඇතුලුවන ස්ථානයේ සිට ඔරලෝසු කටුව චලනය වන ආකාරයට එනම් දක්ශිණාවර්තව අස්කරගෙන යා යුතුයි.. එවිට සියලුම දෑ ආවරණය වන අතර ඔබට මගහැරෙන දෑ අඩුකරගත හැකියි.

4. භාන්ඩ තැන්පත් කරන බහාළුම් මිලට ගැනීමේදි සැලකිලිමත් වන්න



ඔබට නිවස වඩාත් සංවිධානාත්මක කිරීමට අවශ්‍ය යැයි සිතුණ විගස වෙළඳපොලට ගොස් බහාලුම් මිලට ගැනීමට හදිසි නොවිය යුතුයි. ඔබට සංවිධානාත්මක කරගත යුතු ප්‍රදේශයට අදාලව ඔබ බහාලුම් තුළ තැන්පත් කරන්නේ මොනවාද, කොපමණ බහාලුම් ප්‍රමාණයක් අවශ්‍යද, කුමන ප්‍රමාණයෙන් බහාලුම් අවශ්‍යද යන්න පිලිබඳව දෙවරක් සිතිය යුතුයි.

5. සෙමින් සංවිධානය සඳහා යොමුවන්න



ඔබගේ නිවස වඩාත් පිළිවෙල කර ගැනීම ඔබට එක රැයකින් කර අවසන් කල නොහැකි අතර ඒ සදහා නිශ්චිත සැලැස්මක් සහ සැලකිය යුතු කාලයක් වෙන්කිරීම අවශ්‍ය වනවා. හැකිනම් නිවස කොටස් කිහිපයකට බෙදා එක් එක් කොටස නිශ්චිත කාලයක් තුල අවසන් කරන්න.. එවිට ඔබට අනවශ්‍ය පීඩනයකින් සහ දැඩි වෙහෙසකින් තොරව කටයුතු වල නිරත විය හැකියි.

6. වැඩ කටයුතු පුරුද්දක් බවට පත් කරගන්න



නිවසේ වැඩකටයුතු බොහෝ විට ඔබ විනෝදයට පත් කරන්නේ නැහැ.. නමුත් එය පුරුද්දක් බවට පත් කරගත් විට වඩාත් පහසුවෙන් ඒවාහි නිරත විය හැකියි. උදාහරනයක් ලෙස ඔබට රෙදි සේදීමට තිබේ නම් උදෑසන ආහාරයට වාඩිවීමට පෙර රෙදි සියල්ල යන්ත්‍රය තුලට දමා සේදෙන්නට හැරීම දෛනික පුරුද්දක් කරගත හැකියි.. දෛනික රටාවකට හුරු වීමෙන් නිවසේ කටයුතු ගොඩ ගැසීම වළක්වාගත හැකියි.

7. සෑමවිටම විනිව්ද පෙනෙන බහාලුම් තෝරාගන්න



විශේෂයෙන් ඔබ මුළුතැන්ගෙය සඳහා බහාලුම් හෝ කන්ටේනර් තෝරාගන්නා විට ඒවා විවිධ පැහැයෙන් හෝ අදුරු, විවිධ මෝස්තරයන්ගෙන් තෝරාගන්නවාට වඩා ඇතුලේ තිබෙන දෑ පහසුවෙන් දර්ශනය වන පරිදි විනිවිද පෙනෙන බහළුම් හෝ කන්ටේනර් තෝරා ගන්න. එවිට අනවශ්‍ය ලෙස දේවල් සොයමින් සිටිනවාට වඩා කාලය ඉතිරි කරගත හැකියි.

8. සෑම දිනකම පිරිසිදු කිරීමට කුඩා වේලාවක් වෙන්කරගන්න



නිවස පිරිසිදු කිරීමට හෝ සංවිධානය කිරීමට සති අන්තයේ වේලාවක් වෙන්කරනවාට වඩා සෑම දිනකම නින්දට පෙර හෝ ඔබට පහසු වේලාවක විනාඩි 10ක් හෝ 15ක් වෙන්කරන්න. නැතිනම් සෑමදිනකම ඔබ මුළුතැන්ගෙයි වැඩ කටයුතු නිමකර ඉන් පිටවීමට පෙර විනාඩි 10 ක් පමණ ගෙන මුලුතැන්ගෙය අස්කිරීම වැනි දෑ කිරීමෙන් ඔබට සති අන්තයේ එක් දිනක් තුල වැඩ කටයුතු රාශියක් කරනවාට වඩා පහසුවක් අත්කරගත හැකියි. එමෙන්ම ඔබට කුඩා දරුවන් සිටීනම් ඔවුන්ගේ සෙල්ලම් කාමර, පාඩම් කරන ස්ථානය ආදිය පිරිසිදු කරගැනීමට සෑම දිනකම නිශ්චිත වේලාවක් වෙන්කර දී ඔවුන්ටද තමාගේ පාඩම් කාමරය, සෙල්ලම් කාමරය වැනි දෑ අස්කිරීම හුරු කල හැකියි. එවිට දරුවාටද කුඩාකල සිටම පිළිවෙල සහ සංවිධානාත්මක වීම පිළිබඳ අවබෝධයද ලැබෙනවා.

9. ඇඳුම් අල්මාරියේ ඇඳුම් එල්ලා තබන්න



නිවෙස් තුල බොහෝ විට භාවිතා නොකරන දෑ බොහෝමයක් තිබෙනවා. උදාහරනයක් ලෙස ඔබගේ ඇඳුම් අල්මාරිය තුල ඇති ඇඳුම් පැළදුම් වලින් ඔබ ඇත්තටම පරිහරණය කරන්නේ කොපමණ සුලු ප්‍රමාණයක්ද.. එමනිසා ඔබ ඇඳුම් සියල්ල අල්මාරියෙන් පිටතට ගෙන ඒවා එල්ලුම් ආධාරයෙන් ඇඳුම් අල්මාරියේ එල්ලන්න.. ඔබට ඇඳීමට අපහසු ඇඳුම් ඉවත් කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නැවත තැන්පත් කරන්න.. පහසුවෙන් පෙනෙන පරිදි එල්ලීමෙන් ඇගළුම් පහසුවෙන් සොයා ගැනීමටද හැකියි.

10. නිවසේ ලියකියවිලි නිසි පරිදි තැන්පත් කරන්න



නිවසේ ඇති බිල්පත්, පුවත්පත්, විවිධ බිල්, දිනපොත් වැනි දෑ නිවෙස්තුලට අවුල් සහගත අපිළිවෙල බවක් ගෙන දෙනවා.. එමනිසා සෑමවිටම බිල්පත්, කඩදාසි, පාසල් කාලසටහන් වැනි සියල්ල දිනපතා/සතිපතා/මාසිකව අවශ්‍ය වන ආකාරයට ෆයිල් කවරවල නිසි පරිදි රඳවා තබන්න.

11. නිතර අවශ්‍ය වන දෑ පහසුවෙන් ගත හැකි ස්ථානයක තබන්න



නිවස තුල විවිධ ස්ථානයන්හි ඔබට එදිනෙදා අවශ්‍ය වන දෑ හඳුනාගෙන ඒවා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයට ගබඩා කිරීමෙන් ඔබගේ කාලය ඉතිරිකර ගැනීමට හැකියි.

12. සියල්ල ලේබල් කරන්න



විශේෂයෙන් මුලුතැන්ගෙය සඳහා ලේබල් සංකල්පය ඉතාමත් වැදගත් වනවා.. එමගින් ඔබට පහසුවෙන් දේවල් සොයාගත හැකි අතර ඔබ නිවසේ නොසිටින අවස්ථාවක නිවසේ අනිකුත් සාමාජිකයන් හට අවුල් කිරීමකින් තොරව පහසුවෙන් තමන්ට අවශ්‍ය දේ සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම වර්ණවත් එකම ආකාරයේ ලේබල් ඇලවීමෙන් වඩාත් පිළිවෙල ස්වභාවයක් එක්කරගත හැකියි.

13. නිවස පිලිවෙල කිරීමට පෙර සහ පසු චායාරූප ගන්න



විශේෂයෙන් අපිලිවෙල ස්ථාන වඩාත් සංවිධානාත්මක කිරීමට ඔබත් බලාපොරොත්තු වනවා නම් එයට පෙර සහ පිළිවෙලට සකස් කිරීමෙන් පසු චායාරූප ගන්න. එමගින් ඔබට ධනාත්මක හැඟීමක් වර්ධනය කර ගැනීමටත් නිවස අඛන්ඩව මනා සංවිධානාත්මක භාවයකින් පවත්වා ගැනීමට ඔබවම අභිප්‍රේරනය වීමත් සිදුකරගත හැකියි.. නිවස පිළිවෙලකට සකසන එකත් භාවනාවක් වගේ..

14. අදාල නොවන කඩදාසි වහාම ඉවත් කරන්න



ඔබට ඇතැම් විට දිනපතා තැපැල් සේවය මගින් නොයෙකුත් ආකාරයේ ලිපි ලේඛන ලැබෙනවා ඇති.. නමුත් මදක් සිතා බලන්න ඔබට තැපෑලෙන් ලැබෙන සියලුම ලිපි ලේඛන නිවස තුල තබාගැනීම අත්‍යවශ්‍ය වනවාද කියා.. නිවාස සංවිධානාත්මක කර ගැනීම පිළිබඳ උපදේශකයන් පවසන්නේ ඔබට තැපෑලෙන් ලැබෙන ලිපි විවර කරන ස්ථානයේම ඉවත දමන කඩදාසි දමන කුණු කූඩයක් තැබීමෙන් ඔබට ලිපියක් ලැබුණ විගස එය විවර කර බලා එය අනවශ්‍ය නම් ඒ අවස්ථාවේදීම කුණු කූඩයට දැමීම මගින් නිවස අපිලිවෙල වීම වළක්වා ගත හැකි බවයි.

15. ඇසුරුම් ඉවත් කර බහාලුම් වල තැන්පත් කරන්න



පෙට්ටිවල ඇසුරුම් කර ඇති භාණ්ඩ ගබඩා කිරීම සඳහා විශාල ඉඩක් සහ කාලයක් ගත වනවා. විශේෂයෙන් කිරිපිටි වගේ, පෙට්ටිවල ගබඩාකර ඇති ආහාර ඇසුරුම් වලට විශාල ඉඩක් අවශ්‍ය වනවා. එමනිසා එවැනි දෑ කාඩ්බෝඩ් පෙට්ටියෙන් ඉවත් කර බහාලුම් (containers) වල තැන්පත් කරන්න. විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය තැන්පත් කිරීමේදි ඇසුරුම්වල තිබීමෙන් ඒවායේ නැවුම් බවට හානි වනවා. විශේෂයෙන් පළතුරු වැනි දෑ ඉක්මනින් නරක් විය හැකියි.. එමනිසා ඇසුරුම් ඉවත් කර කූඩයක තැන්පත් කිරීමෙන් නැවුම් බව ආරක්ෂා වනවා. යම් ආහාර පැකට් වල අසුරා තිබෙනවා. ඒවාත් බහාලුම් නැතිනම් කන්ටේනර්ස් වල බහාලීමන් කෑම වලට හුලන් වදින එක වලක්වාගන්න පුලුවන්. නැවුම් බව රැක ගන්න පුලුවන්.

නිවස සංවිධානාත්ම කිරීම ඇතැම් විට ඉතා සංකීර්ණ බව සිතුණත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදි අවශ්‍ය වන්නේ ඔබ වඩාත් සරළ පහසු පිළිවෙතක් අනුගමනය කිරීම පමණයි..දෛනිකව කුඩා හෝ වේලාවක් නිවස පිලිවෙල කරගැනීමට වෙන්කිරීමෙන් සති අන්තයේ සැලකිය යුතු වේලාවක් වෙන් කිරීමෙන් වැළකිය හැකි අතර අනවශ්‍ය පීඩන‍යකින් තොරව සතුටින් ඔබගේ එදිනෙදා කටයුතු වල නිරත වීමටත් හැකි වනවා නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,867
   57

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,172
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
These signs may be saying that you have cholesterol
   41,170
   17

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Are you aware of dry cracked feet?
   18,104
   17

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed