ඇසේ හැඩයෙන් ඔබේ පෞරුෂත්වය ගැන බොහෝ දේ කියන්න පුලුවන්

August 26, 2020
7,477
Personality according to the shape of your eye
සතුට, සෙනෙහස, දුක, බොරුව සහ කෝපය: අපිට ඒ හැඟීම් ඔක්කොම කෙනෙක්ගේ ඇස්වලින් දකින්න පුලුවන්. මොකද කෙනෙක් තුළ යම් යම් හැඟීම් ඇති වෙනකොට ඒවා ගැන එයාගේ ඇස් වලින් ගොඩක් දේවල් කියනවා. ඒකෙන් අපිට මිනිස්සු අඳුනාගන්නත් පුලුවන් වෙනවා. කොහොම වුණත් හැඟීම් ගැන විතරක් නෙමෙයි, පුද්ගලයෙක්ගේ පෞරුෂත්වය පිළිබඳ තොරතුරු ද ඔවුන්ගේ ඇස්වල හැඩය අධ්‍යයනය කරද්දී සොයා ගන්න පුලුවන්. අද අපි ඒ ගැන ඔබට පැහැදිලි කරන්නම්...

ආමන්ඩ් හැඩැති ඇස්
ආමන්ඩ් හැඩයේ ඇස් ඇති පුද්ගලයින්ට සාමාන්‍යයෙන් උණුසුම් හා කාරුණික පෞරුෂයක් තියනවා. ඔබට තියෙන්නේ ආමන්ඩ් හැඩයේ ඇස් නම්, බොහෝ දුරට ඔබ ගොඩක් ආදරනීය කෙනෙක් වන අතර අනිත් අයට උපකාර කිරීම සඳහා ඔබට පුලුවන් සෑම දෙයක්ම කරන්න ඉදිරිපත් වෙනවා. කොහොම වුණත් ඔබ ටිකක් අද්භූත වෙන්නත් පුලුවන්. ඒ නිසා මිනිස්සුන්ට ඔබව හොඳින් දැන හඳුනා ගැනීම අපහසු වෙන වෙලාවල් තියනවා. හැම දෙයක් ගැනම ඕනෑවට වඩා බැරෑරුම් විදිහට සලකන්න පුරුදු වෙන්න එපා. ටිකක් නිදහසේ හිතන්න.

කුඩා ඇස්
ඔබට තියෙන්නෙත් කුඩා ඇස් ද? එහෙනම් ඔබ ඔබ ගැනම අවධානය යොමු කිරීමේ දක්ෂයෙක්. ඔබට ජීවිතය පිළිබඳව විවේචනාත්මක, විශ්ලේෂණාත්මක හා බැරෑරුම් දැක්මක් තිබෙනවා. ඔබ බොහෝ විට කණ්ඩායමකදී දක්ෂම පුද්ගලයා වෙන අතර සංකීර්ණ ගැටළු විසඳලා දෙන්න කියලා අනිත් අය ඔබෙන් ඉල්ලනවා ඇති. සමහරු සිතන්නේ ඔබට හැඟීම් දැනීම් නෑ කියලායි. 

පිම්බුණු ඇස්
ඇස් පිම්බීම කියන්නේ නිවැරදි වචනය නෙමෙයි වෙන්න පුලුවන්. නමුත් ඔබේ ඇස් ඔබේ අක්ෂි සොකට්ටුවේ සැඟවිලා නැතුව හොඳින් පේන්න තිබෙනවා නම් ඒ ගැනයි මේ කියන්නේ. ඒකෙන් ලස්සන පෙනුමක් ද ඔබට ලැබිලා ඇති! එහෙනම් ඒකෙන් කියවෙන්නේ ඔබ කරුණාවන්ත හා මිහිරි පුද්ගලයෙක් කියලායි. ඔබ වටේ නිතරම මිතුරන් සහ පවුලේ අයගෙන් පිරුණු කුඩා කවයක් ඉන්නවා. ඒ පිරිස තමයි ඔබේ ජීවිතයේ හැමදේම වෙන්නේ. ඒක සමහර වෙලාවට ඔබට පෙනෙන්නේ නෑ. 

ගැඹුරු ඇස්
ඔබේ ඇස් රැඳිලා තියෙන්නේ ඇස් සොකට්වල ටිකක් ගැඹුරින් ද? එහෙනම් ඔබට තනිවම සතුටින් ඉඳීමේ හැකියාව තියනවා. ඒ නිසා ඔබව බාහිර ලෝකයට පෙනෙන්නේ ටිකක් අද්භූත කෙනෙක් විදිහටයි. කෙසේ වෙතත් මේකෙන් ඔබ ගැන ඍණාත්මක කිසිවක් අදහස් කරන්නේ නෑ. ඔබ ඇත්තටම ආදරණීය කෙනෙක්. ඒ නිසා ඔබ කෙනෙක් ගැන සම්පූර්ණයෙන්ම දන්නවා නම් එයා ඉදිරියේ ඔබ සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙනවා.

වටකුරු ඇස්
ඔබට තියෙන්නේ වටකුරු ඇස් නම්, ඔබ නිර්මාණශීලීත්වයෙන් පිරුණු කෙනෙක්. ඔබ විවෘත, හැඟීම්බර හා උද්යෝගිමත් පුද්ගලයෙක්. ඔබ බොහෝ විට විශාල කණ්ඩායම් වල අවධානය ආකර්ෂණය දිනාගන්නවා. ඒ ඔබට විශාල ආකර්ෂණයක් ඇති නිසායි. සමහර වෙලාවට වටකුරු ඇස් ඇති අය ටිකක් අවුල් සහගත වීදිහටත් ක්‍රියා කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1798 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:24:22 PM
Script:/article/1798/personality-according-to-the-shape-of-your-eye.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:24:22 PM
Script:/article/1798/personality-according-to-the-shape-of-your-eye.html