නිමක් නැති මේ වාසි ඔයාටත් ලබා ගන්න ඕන නම්, අදම මී පැණි ආහාරයට එකතු කර ගන්න

November 25, 2018
16,884
Eat honey for endless benefits
රුව ලස්සන කියන්නේ කාන්තා ඔබට ආභරණයක් හා සමානයි. අන්න ඒ නිසා යුවතියන් ගොඩක් කැමතියි ලස්සනට හැඩට වැඩට ඉන්න. ලස්සන කියන්නේ ඔයාගේ මුහුණේ සමේ වර්ණය පැහැපත්ව පවත්වා ගැනීම පමණක්ම නම් නෙමෙයි. ඉතිං හැමදාම වගේ ඔන්න අදත් හැඩකාරී අපි ඔයාට ඔයාගේ රුව ගුණ වඩවා ගන්න වැදගත් හෝඩුවාවක් ගැන කියලා දෙන්න තීරණය කළා. මී පැණි කිව්ව සැණින් එසැණින් ඔයාගේ දිවට නිරායාසයෙන්ම රසවත් බවක් දැනෙනවා ඇති. ඒ විතරක් නෙමෙයි ඔයාගේ නහයට එහි සුගන්ධය අඩුවක් නැතුව දැනෙනවා ඇති. මොකද මී පැණි කියන්නේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ආහාරයක්. අද හැඩකාරී මේ කියන කතාව ඇහුවට පස්සේ ඔයා තේරුම් ගනිවී මී පැණිවල ගුණ කොතරම්ද කියලා. මී පැණිවල ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ පෝෂ්‍යය පදාර්ථ රැසක්ම අන්තර්ගත වෙනවා. යකඩ, තඹ, මැංගනීස්, සිලිකා, ක්ලොරින්, පොටෑසියම්, සෝඩියම්, පොස්පරස්, ඇලූමිනියම්, මැග්නීසියම් යන ලෝහ පදාර්ථ වගේම ජල පදාර්ථද අඩුවක් නැතුව මී පැණිවල අන්තර්ගත වෙනවා. ඉතිං මේ සියලූ පෝෂක කොටස් ඔයාගේ රුව වඩවා ගන්න කොතරම් උපකාරී වෙනවද කියලා දැනගන්න ඔයා හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ.

සුවබර නින්දකට මී පැණි

ලොකු කුඩා කාටත් නිරෝගී දිවි පැවැත්මකට සුවදායක නින්දක් ඉතාමත් අවශ්‍යයි කියලා ඔයා දන්නවානේ. සුවදායක නින්දක් ලබා ගන්න බැරි අයට මී පැණි කියන්නේ ඉතාමත් සරල විසඳුමක්. ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. නිදා ගන්න කලින් මී පැණි තේ හැදි 02 ක් ආහාරයට එකතු ගන්න. එයින් ඔයාට සුවදායක නින්දක් පහසුවෙන්ම ලබාගත හැකියි.

මී පැණිවලින් සිරුරට ලැබෙන වාසී

මී පැණි කියන්නේ ඔයාගේ සිරුරට ඉතාමත් ගුණදායක පෝෂකයක් කියලා හැඩකාරී අපි ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. මී පැණිවල තියෙන්නේ ඉතාම සරල සීනි. ඒ නිසා ඉක්මනින් රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. මේ ගුණය නිසා ශරීර සෞඛ්‍යය තත්ත්වය දුර්වල කෙනෙක්ට මී පැණි ආහාරයට එකතු කිරීමෙන් ක්‍රියාශිලී සහනයක් ලබාගත හැකියි. ඒ වගේම මී පැණිවල ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණය ඉහළයි. මී පැණිවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිස්සුම් තුවාල ඉක්මනින් සුව භාවයට පත් වෙනවා. සිරුරගත විෂබීජ හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ හැකියාව මී පැණිවල අන්තර්ගත වෙනවා වගේම ජලයේ දියවන බැක්ටීරියා වැනිසීමේ ගුණයත් නොඅඩුව මී පැණිවල තියෙනවා.

ආහාර අරුචියට මී පැණි

ඔයාට යම් අවස්ථාවක ආහාර අරුචියක් ඇති වුණොත් එය මගහරවා ගන්න දැන් මී පැණිවලින් පුළුවන්. නියම ස්වභාවික මී පැණි ඔයාගේ සිරුරේ ඉන්සියුලින් හොඳින් වර්ධනය කරනවා. ඒ ගුණය ඔයාගේ රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කරන්න උපකාරී වෙනවා. මෙය දියවැඩියා රෝගීන් සඳහා ඉතාමත් ගුණදායකයි. ආහාර අරුචියක් ඇති වු විට මී පැණි ආහාරයට ගැනීමෙන් එවනි තත්ත්වයක් මගහරවා ගත හැකියි.

රුව වඩවන මී පැණි

කාන්තාවගේ රූ සපුව ලස්සනට පවත්වා ගන්න සිදු කරන බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනවලට වගේම රූපාලවණ්‍ය සත්කාරවලට මී පැණි භාවිත කරනවා. මුහුණේ පැහැපත් බව ලබා ගන්න ඔයාට මී පැණි භාවිත කළ හැකියි. මී පැණි ද්‍රවණයකට දෙහි බිංදු කිහිපයක් එකතු කරලා මුහුණ හොඳින් සම්බාහනය කරන්න. කිහිප දිනක් ඔයා මේ සත්කාරය කරනකොට ඔයාටත් නොදැනිම ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු වෙලා තියේවී. මුහුණේ පැහැපත් බව ලබා ගන්න විතරක් නෙමෙයි මුහුණේ ඇති වන කුරුළෑ කරදරය මගහරවා ගන්නත් දැන් ඔයාට මී පැණි භාවිත කළ හැකියි. මේ සඳහා ඔයාට මී පැණිවලට අමතරව කුරුදු කුඩු තේ හැන්දක් අවශ්‍ය වෙනවා. මේ දෙවර්ගය හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 15 ක් පමණ ගියාට පස්සේ සීතල වතුරෙන් සෝදා ඉවත් කරන්න. දින කිහිපයක් යන විට ඔයාගේ මුහුණේ කුරුළෑ ඇති වීම අඩු වේලාම යාවී. දෙතොල්වල අවපැහැය වගේම දෙතොල්වල වියළි බව අඩු කර ගන්නත් දැන් මී පැණි භාවිත කළ හැකියි. ඔයාගේ දෙතොල්වල අඳුරු පැහැය වැඩි නම් මී පැණි ආලේප කරලා රාත්‍රී නින්දට යන්න. පසුදින සිසිල් ජලයෙන් සෝදා ඉවත් කරන්න. දින කිහිපයක් ගතවන විට ඔයාගේ දෙතොල් මෘදු බවට පත්වී අවපැහැ ගතිය අඩු වෙලා යාවී.

දිගුවන් කෙස් කළඹකට මී පැණි

යුවතියකට දිගුවන් කෙස්කලඹක් තියෙනවා කියන්නේ ආභරණයක් හා සමානයි. දැන් මී පැණි භාවිත කරලා හිසකෙස් සම්බන්ධ බොහෝ ගැටළුවලට විසඳුම් ඔයාට සොයා ගන්න පුළුවන්. ඔයාගේ හිසකෙස්වල වියළි බව වැඩි නම් මී පැණි සහ ඔලිව් ඔයිල් සමාන අනුපාතයට මිශ්‍ර කර ඔයාගේ හිසකෙස්වල ආලේප කරන්න. මිනිත්තු 30 ක් පමණ ගත වුණාට පස්සේ ඔයාට පුළුවන් සිසිල් ජලයෙන් හිසකෙස් සෝදා ඉවත් කරන්න. මෙයින් ඔයාගේ හිසකෙස්වල වියළි බව අඩු වෙලා යනවා.

නොදැන භාවිත කළොත් මෙන්න මෙහෙමයි මි පැණි විෂ වෙන්නේ

මී පැණි කොතරම් පෝෂණීය, ගුණදායක ආහාරයක් වුණත් නොදැන ආහාරයට ගත්තොත් මී පැණි විෂ වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. විශේෂයෙන්ම මී පැණි උණු ආහාර සමග ආහාරයට ගැනීම යහපත් දෙයක් නෙමෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව උණු ආහාර සමග මී පැණි ආහාරයට ගැනීම පවා තහනම් කරලා තියෙනවා. මොකද මී පැණි කියන්නේ මල් වර්ග රැසක පැණිවල එකතුවක්. ඒ නිසා මී පැණි උණුසුම් ආහාර සමග ආහාරයට ගැනීම මගින් විෂ විය හැකි බවයි ආයුර්වේද වෛද්‍යවරු පවසන්නේ. ඒ වගේම මී පැණි රත් කිරීම මගින් මී පැණි විෂ විය හැකියි. මී පැණිවල විෂ සහිත බව ඔයාට ඉතාමත් පහසුවෙන් දැන හඳුනාගත හැකියි. විෂ තත්ත්වයට පත් වූ මී පැණි පිරිසිදු වතුර භාජනයකට දාලා ඔයා හොඳින් නිරීක්ෂණය කළහොත් කොළ පාට ඉරි සහිත බවක් හඳුනාගත හැකියි. මෙවැනි මී පැණි ආහාරයට ගැනීම ඉතාමත් නුසුදුසුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1179 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:01 AM
Script:/article/1179/eat-honey-for-endless-benefits.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:01 AM
Script:/article/1179/eat-honey-for-endless-benefits.html