හදිසියේ ඇති වෙන ක්ලාන්තය, කරකැවිල්ලට කරන්න පුළුවන් පහසු ප්‍රතිකාර

November 8, 2017
8,958
First aid for fainting and dizziness
මේ වගේ තත්වයන් නම් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඇති වෙන්න පුළුවන්. හදිස්සියේ නිවසේදී, රැකියා ස්ථානයේදී වගේ තැන් වලදී විවිධ හේතු නිසා ක්ලාන්තය, කරකැවිල්ල වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වේලාවකදී කරන්න ඕන ඉක්මනින් සුවය දෙන මේ වගේ පොඩි පොඩි ප්‍රතිකර්ම ගැන දැනුවත් භාවයක් ලබා තිබීම ඔයාට වගේම තව කෙනෙක්ට උදව් කරද්දීත් ගොඩක් වැදගත් වෙයි.

හැබැයි ඉතින් නිතර නිතර මේ තත්ත්වයන් ඇති වෙනවා නම් මේ වගේ පොඩි පොඩි ප්‍රතිකාර වලින් නතර වෙන්නේ නැතුව අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒ වගේ තත්වයක් ඇති වුනේ මොන හේතුවක් නිසාද කියන්න අපි දන්නේ නැහැනේ.

ක්ලාන්තය, කරකැවිල්ල ඇති වුනු ගමන්ම මුලින්ම ඔයා කරන්න ඕන විනාඩි කිහිපයක් වැතිරිලා ඉන්න එක. එයින් මොලයට ලේ ගමනාගමනය වීම හොඳින් සිදු වෙනවා. ඒ වගේම ඊට පස්සේ කලබලේට, ඉක්මනින් ඇඳෙන් හෝ පුටුවෙන් නැගිටින්න හදන්නත් එපා.

1. හොඳින් හුස්ම ගන්න

කිහිප වතාවක් ගැඹුරු හුස්ම ගැනීම මඟින් රුධිරයේ ඔක්සිජන් සැපයුම හොඳින් ක්‍රියාකාරී වෙනවා. එවිට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සිරුරේ පටක, සෛල හා අවයව වලට ගමන් කරනවා. එහෙම නැත්තන් විනාඩි කිහිපයක් එක දිගට කෙටි හුස්ම ගන්න, පහත හෙලන්න. අප්‍රාණික වූ ශරීරයට ප්‍රාණවත් බවක් ලබා දෙන්න මේ වගේ වේලාවකදී කරන්න ඕන හොඳම ප්‍රතිකාරය තමයි මේ.

2. වතුර

දිනපතා ශරීරයට අවශ්‍ය කරන ජල අවශ්‍යතාව සපුරන්න. එයින් ඔබව විජලනයට පත් වීම අවම කරනවා. කලාන්තය වැනි තත්ත්වයකදී පියවි සිහිය නැති කෙනෙක්ට කිසිම වෙලාවක වතුර පොවන්න එපා. එම තත්ත්වය තරමක් අඩු වෙලා පියවි සිහියට අවට පස්සේ වතුර වීදුරුවක් පානය කරන්න දෙන්න. හැකි තරම් දියරමය ආහාර ලබා දෙන්න. කැෆේන් අඩංගු පාන වර්ග, සිසිල් බිම වර්ග කිසිම වෙලාවක පානය කරන්න එපා.

3. සම්බාහනය

මේ වගේ වේලාවකදී මුළු සිරුරම සම්බාහනය කිරීමෙන් ලේ ගමනාගමනය හොඳින්ම සිදු වීමට උදව්වක් වෙනවා. අවස්ථාවේ හැටියට හැකි පරිදි අවම වශයෙන් හිස පමණක් වත් හොඳින් සම්බාහනය කරන්න.

4. දොඩම් යුෂ

දුර්වල වුණු ශරීරයට ඉක්මනින් ශක්තිය දෙන්න පුළුවන් පානයක් දොඩම් යුෂ. ස්වාභාවික දොඩම් යුෂ වීදුරුවකට යෝගට් තේ හැඳි 2ක්‌ 3ක් එකතු කර පානය කරන්න. එයින් හිසට දැනෙන කරකැවිල්ල ගතිය ඉක්මනින් පහව යනවා.

මේ පොඩි පොඩි ප්‍රතිකර්ම හදිසියේ ඇති වෙන හිස කරකැවිල්ල තත්ත්වයට හොඳ විසඳුම් කිහිපයක්. හැබැයි මේ ප්‍රතිකාර වලින් තරමක් සුව වුනාට පස්සේ ඒක අමතක කරන්නේ නැතුව වෛද්‍යවරයෙක් මුහු ගැහෙන එක වඩාත් හොඳයි නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 503 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:30 PM
Script:/article/503/first-aid-for-fainting-and-dizziness.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:30 PM
Script:/article/503/first-aid-for-fainting-and-dizziness.html