හෙයාර් අයන් එකක් භාවිතා කරන නිවැරදි ආකාරය දන්නවාද?

April 19, 2020
13,623
Learn how to use the hair iron correct
ගොඩක් කාන්තාවන් කැමති ඍජු, සේදවන් සහ කඩා හැලෙන කෙස් කළඹකටයි. ඇත්තටම කෙස් කළඹ කියන්නේම කාන්තාවන් ආදරයෙන් හා සැලකිල්ලෙන් රැක බලා ගන්නා ඔටුන්නක් වගේ. ඒ නිසාම හිසකෙස් සත්කාරක නිෂ්පාදන සහ හිසකෙස් ප්‍රතිකාර අවුරුදු ගණනාවක් තිස්සේ අතීතයේ ඉඳන්ම පැවතුනා. වර්තමානයේ හිස කෙස් ඍජු කිරීමේ විලාසිතාව හෙවත් හෙයාර් ස්ට්‍රේට්නින් ක්‍රමය මිලියන ගණනක් කාන්තාවන්ගේ හදවත් ආකර්ෂණය කරගෙන කියලා පෙනෙනවා. රැලි සහිත හිසකෙස් නිසා කනස්සල්ලෙන් පෙළෙන කාන්තාවන් මේ ක්‍රමයට ගොඩක්ම කැමතියි. හොඳ හෙයාර් අයන් එකකට හිසකෙස් වල ඒ නොහික්මුණු රැළි සහ කැරළි, සිනිඳු දිලිසෙන ආකාරයෙන් ස්ට්‍රේට් කරන්න පුළුවන් කියන එක දැන් රහසක් නෙමෙයි.

හිසකෙස් අයන් කිරීමෙන් කෙස් කළඹ පවත්වාගෙන යන්​න පහසුවක් වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා යොදා ගන්න හෙයාර් අයන් එක දැන් රූපලාවණ්‍ය නිෂ්පාදන වලින් වෙන් කළ නොහැකි උපකරණයක් බවට පත් වෙලා. ඒ නිසා අපි අද ඔබට කියන්නම් හෙයාර් අයන් එකක් හරි විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලා...

භාවිතා කිරීමේ පියවර

මෙම සරල උපදෙස් අනුගමනය කරලා ඔබේ කම්මුල් මතට ඇද හැලෙන සුන්දර කෙස් කළඹක් ලබා ගන්න ඔබට පුළුවන්. මෙම ක්‍රමය නිසා ඊළඟ වාරයේදී ඔබ කොණ්ඩය ෂැම්පූ කරනකල්ම කොණ්ඩය ස්ට්‍රේට්ව පවත්වාගන්න පුළුවන්. ජලය එක්ක මුහු වුණොත් හා අධික දහඩියක් දැම්මොත් පරණ හිසකෙස් රැළි නැවත එන්න පුළුවන්. ඒ නිසා හිසකෙස් අයන් කළාට පස්සේ ඒ පෙනුම පවත්වා ගන්න නම් හිසකෙස්වල ජල​ය සහ දහඩිය තැවරෙන එක වළක්වගන්​න උත්සාහ කරන්​න.

1. හොඳ ෂැම්පූ එකක් සහ කන්ඩිෂනර් එකක් භාවිතා කරලා ඔබේ හිසකෙස් සෝදන්න. තුවායකින් වියළ ගන්න.

2. අයන් කරන්න කලින් හිස කෙස ආරක්ෂණ ආලේපනයක් (Hair protection product) ආලේප කරගෙන ඉන්න. ඒ සඳහා ඔබට ස්ට්‍රේට්නින් බාම් (Straightening balm), හෙයාර් මොයිස්චරඉසර් (Hair moisturiser) හෝ හෙයාර් සීරම් (Hair serum) භාවිතා කරන්න පුළුවන්. හැබැයි හිසකෙස් වල මුල් මත මෙම නිෂ්පාදන ගල්වන්න එපා.

3. අයන් එක භාවිතා කරන්න කලින් ඔබේ හිසකෙස් හොඳට වියළන්න.

4. ඔබේ හිසකෙස් හොඳින් බ්‍රශ් කරන්න. එතකොට ඔබ ගල්වපු Hair protection product එක කෙස් අතර ඒකාකාරීව පැතිරෙනවා.

5. ක්ලිප් භාවිතයෙන් ඔබේ හිසකෙස් කොටස් කිහිපයකට වෙන් කරගන්න.

6. ඔබේ හිසකෙස් අධික තාපයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හිසකෙස් සඳහා වන උණුසුම් ආරක්ෂණ ස්ප්‍රේ (Thermal protection spray) එකක් භාවිතා කරන්න. කොණ්ඩයේ එක් එක් කොටස මතට අඟලක පමණ දුරින් ඉඳලයි ඒක ස්ප්‍රේ කරන්න ඕනේ.

7. ඊට පස්සේ කොණ්ඩයේ කොටසින් කොටස අයන් එක අතරට අරගෙන හෙමීට හිසකෙස් අගට වෙනකල්ම මෘදුව ඇදගෙ​න යන්න. මෙම ක්‍රියාවලිය පහසු කරගන්න ඔබට පනාවක් භාවිතා කරන්නත් පුළුවන්. අයන් කිරීම සුදුසු පීඩනයකින් ආරම්භ කරලා ඔබේ කොණ්ඩයේ අගට වෙනකල්ම තල්ලු කරගෙන යන්න. හිසකෙස් වල සියලුම කොටස් සඳහා මේ ක්‍රියාවලිය නැවත සිද්ධ කරන්න.

8. ඔබේ කොණ්ඩය ස්ට්‍රේට් කරලා අවසන් වුණාට පස්සේ පුළුවන් නම් හිසකෙස් සඳහා වන ස්මූත්නින් නිෂ්පාදනයක් (smoothening product) එකක් හිසකෙස් වලට යොදන්න. සිනිඳු හිසකෙස් ඒ විදිහට පිළිවෙලකට තියෙනකොට ඔබේ හිසකෙස් කඩා හැලෙන හා ආකර්ෂණීය පෙනුමෙන් දිලිසෙන්න පටන් ගනියි.

දැන්, හිසකෙස් ස්ට්‍රේට් කරගන්න විදිහ ඔබ දන්න නිසා ඔබට අවශ්‍ය වන්නේ හොඳ අයන් එකක් පමණයි. ඔබේ හිසකෙස් වැටීම හා හානි සිද්ධ වෙන්න පුළුවන් නිසා වෙනත් උණුසුම් උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න. විශේෂයෙන්ම සෙරමික් ආලේපිත හෝ සෙරමින් ප්ලේට් එකක් සහිත හොඳ අයන් එකක් මිලදී ගැනීමට වග බලා ගන්න.

හැබැයි හිසකෙස් නිතර නිතර ස්ට්‍රේට් කරන එක ඔබේ හිසකෙස් වල සෞඛ්‍යයට එච්චරම හොඳ නැ. විශේෂ අවස්ථා සඳහා පමණක් ඔබ ඒක උත්සාහ කරලා බලන්න. මොකද ඒක නිතරම කරන එකෙන් කෙස් මත පීඩනයක් යෙදෙන නිසා කෙස් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ හිසකෙස් නිසි ලෙස රැකබලා ගැනීම වැදගත්. ඔබේ හිසකෙස් ශක්තිමත් කර ගැනීම සඳහා හිස්කබලට තෙල් යොදලා සම්බාහනය කරන්න. විශේෂයෙන්ම ඔබ හෙයාර් අයන් එකක් භාවිතා කරනකොට නිසි ලෙස හිසකෙස් සත්කාරක නිෂ්පාදන භාවිතා කිරීමට මතක තියා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1565 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:18:35 PM
Script:/article/1565/learn-how-to-use-the-hair-iron-correct.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:18:35 PM
Script:/article/1565/learn-how-to-use-the-hair-iron-correct.html