සෞඛ්‍යයට හිතකර ග්‍රීන් ටී දැනගෙන පානය කරන්න

April 2, 2018
20,601
Know about green tea
වර්තමානයේ බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙලා තියෙන තත්ත්වයක් තමයි අධික තරබාරුව කියන්නේ. අධික තරබාරු බව නිසා ඒත් සමඟ ඇතිවන විවිධ බෝ නොවන රෝගවලින් අපේ ගොඩක් දෙනෙක් පෙළෙනවා. මෙන්න මේ ලෙඩ රෝගවලින් මිදෙන්න වගේම අධික තරබාරුව අවම කර ගන්නත් තියෙන හොඳ විසඳුමක් තමයි ග්‍රීන් ටී කියන්නේ.

ග්‍රීන් ටී එහෙමත් නැත්තන් හරිත තේ කියන්නේ ඉතා ඉක්මනින් ලෝකය පුරා ජනප්‍රිය වුනු පානයක්. එයට හේතුව තමයි එහි ඇති සෞඛ්‍යට හිතකර බව ග්‍රීන් ටී වලින් අපේ ශරීරයට ලැබෙන සෞඛ්‍ය සම්පන්න බව ගැන ඇහුවොත් සමහරවිට ඔබ විට ඔබ පුදුම වෙන්නත් පුලුවන්. දිනකට ග්‍රීන් ටී කෝප්ප තුනක් හතරක් පානය කරන ඕනෑම අයෙක් තම සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්නෙක් විදියට සලකන්න පුළුවන්. සමහරවිට ඔයා දැන්ටමත් green tea භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒත් ඔබ නොදන්නා මේ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනත් දැන්ගෙනම ග්‍රීන් ටී පානය කරන්න. බලන්නකෝ මොනවද කියල.

ඔබව වයස්ගත වීම වළක්වා බොහෝ කාලයක් තරුණ පෙනුම රැක ගනිමින් දිගු කාලයක් ජීවත් වීමේ භාග්‍ය උදාකර දෙන්න ග්‍රීන් ටී වලට පුළුවන්. ඒ වගේම ඔබේ ශරීරයේ බර පාලනය කිරීමට හා ඒ සඳහා අවශ්‍ය ශරීර තත්ත්වය මනාව පවත්වා ගන්නත් සහාය දෙනවා.

ග්‍රීන් ටී මගින් ශරීරයේ මේද දහනය කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරන අතර දිනකට කෝප්ප 3ක් 4ක් පානය කරන කෙනෙකුගේ කැලරි 50ත් 100ත් අතර ප්‍රමාණයක් එක් දිනකදී දහනය වෙනවා. මාසයක් පුරාවට ග්‍රීන් ටී පානය කළහොත් කැලරි තුන්දාහක් පමණ ප්‍රමාණයක් දහනය කර ගන්න ඔබට පුළුවන්. ඒ මඟින් කෙනෙකුගේ බර රාත්තල් 4ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩු කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට බර වැඩි වුණු කෙනෙක්ට ග්‍රීන් ටී කියන්නේ හොඳ විසඳුමක්.

ඒ විතරක් නෙමෙයි ශරීරයේ මේදය තැන් තැන්පත් වීමේ ක්‍රියාවලියට බාධා කරන්න ග්‍රීන් ටී වලට ඉහල හැකියාවක් තියෙනවා. වැදගත්ම කාරණාව වෙන්නේ ඒක නෙමෙයි. ග්‍රීන් ටී පානය පිළිකා ඇතිවීමේ අවදානම අතිශයින් අවම කරනවා. ග්‍රීන් ටී වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය විටමින් C වලට වඩා සිය ගුණයකින් ද විටමින් E වලට වඩා විසි පස් ගුණයකින් ද ප්‍රබල ක්‍රියා කරන බව තමයි සඳහන් වෙන්නේ.

ශරීරයේ සෛල වලට හානි වීම වලකමින් හා පිළිකා සෛල බවට පත් වීම වලක්වන්න ග්‍රීන් ටී වලට පුළුවන්. ඒ වගේම හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවීම වැළැක්වීමේ හැකියාව ග්‍රීන් ටී සතුයි. යම් ලෙසකින් හෘදයාබාධයක් ඇතිවූ අයෙක් ග්‍රීන් ටී පානයට නැඹුරු වුවහොත් හෘදයාබාධයකින් පසු ශරීරයේ ඇතිවන සෛල මිය යාම වලක්වා නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වයකට ඉක්මනින් ළඟා වීමේ හැකියාව ලැබෙනවා. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම තත්ත්වයක පවත්වා ගැනීමට උපකාරී වන ග්‍රීන් ටී මගින් ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළන් තබා ගැනීමට කටයුතු කරන අතරම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලනවා. අධිරුධිර පීඩනයෙන් ආරක්ෂාවිමට දිනපතා ග්‍රීන් ටී පානය කිරීම ඉතා හොඳ පිළියමක්. එමෙන්ම රුධිර පීඩනය ඉහල යාමට හේතුවන කාරණා අඩපන කිරීමටත් හැකියාව පවතිනවා.

ග්‍රීන් ටි වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාබ ගැන එක ලිපියකින් කියන්න බැරි තරම්. ඒ නිසා දැනට මේ දේවල් ගැන දැනගන්න. තවත් බොහෝ සෞඛ්‍ය වාසි ගැන පසුව තවත් ලිපියකින් ඔයාට කියන්නම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 739 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:56:57 PM
Script:/article/739/know-about-green-tea.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:56:58 PM
Script:/article/739/know-about-green-tea.html