යෝනි මාර්ගය වියලීම (Vaginal atrophy) ගැන ඔබ දැන සිටිය යුතු කරුණු

January 20, 2021
14,262
Know about Vaginal atrophy
යෝනි මාර්ගය වැහැරීම, වියලීම (Vaginal atrophy) සැම කාන්තාවකට බලපානවා. කාන්තා ශරීරයේ ඊස්ට්‍රජන් හොමෝනය අඩු වීමත් සමඟ මේ තත්වය ඇති වෙනවා. Vaginal atrophy ඇති වූ විට යෝනි බිත්ති තුනී වීම, යෝනි මාර්ගය වියලි වීම සහ දැවිල්ල ඇති වීම සිදු වෙනවා. නමුත් අපි මේ කියන්නට යන සරල පියවර ගැනීමෙන් එයින් ඇතිවෙන අපහසුතාවයන් වළක්වා ගන්න පුලුවන් .

කාන්තා සෞඛ්‍ය ගැටලු තවමත් ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න කවුරුත් ඉදිරිපත් වෙනවා අඩුයි. ඉතින්, බොහෝ කාන්තාවන් තමන්ගේ යෝනිය වැහැරිම (Vaginal atrophy) කියන්නේ කුමක්ද කියලා වත් හරියට ම දන්නේ නැහැ. මූලික වශයෙන් යෝනියේ බිත්ති තුනී හා වියලි වූ විට ලිංගික සංසර්ගය සැබවින්ම වේදනාකාරී වෙන්න පුලුවන් . කාලයත් සමඟ මෙය ප්‍රජනක හා මුත්‍රා පද්ධති වල ගැටළු වලට ද මග පාදනවා.

මෙම තත්වය බොහෝ විට සිදුවන්නේ ඔසප් වීම නතර වීමෙන් පසුවයි. ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම අඩු වීම මෙම වෙනසට හේතු වෙනවා.

ඉතින්, ඔබට යෝනි වැහැරීමක් තිබේදැයි ඔබ දැන ගන්නේ කොහොමද?
යෝනිය වැහැරීමේදී ඇති වන පොදු රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඔබේ යෝනි වියලි බව, යෝනියේ හට ගන්නා දැවිල්ල, යෝනි ශ්‍රාවය, ලිංගික ප්‍රදේශය කැසීම, මුත්‍රා කිරීමේදී දැවෙන වේදනාව, නිතර නිතර මුත්‍රා කිරීම, මුත්‍රා ආසාදන වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් යෝනි වැහැරිම ඇත් දැයි ඔබ අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලන්න.

ඉතින්, ඔබට අවදානමක් තිබේද? ආර්තවහරණයෙන් පසු කාන්තාවන් අතර මෙම තත්වය වඩාත් සුලභයි. ඒ විතරක් නෙමෙයි ඔබේ සහකරු සමඟ ලිංගික ක්‍රියාකාරකම් නොමැතිකම ද යෝනිය වැහැරීමේ අවදානම වැඩි කරයි. ඊට අමතරව දුම්පානය ද මෙම තත්වයට බලපානවා.

1. දුම් පානය අත්හරින්න
සිගරට් දුම් පානය ඔබේ පෙණහලුවලට පමණක් නොව යෝනි වැහැරීමටද හේතු වෙනවා. දුම් පානය රුධිර සංසරණයට ද බලපානවා. ඒ හරහා ඔබේ යෝනි මාර්ගයට රුධිරය හා ඔක්සිජන් ගලායාම අඩු කරවනවා. ඊට අමතරව දුම්පානය ඊස්ට්‍රජන් ක්‍රියාකාරිත්වයට ද බාධා ඇති කරනවා.

2. ලිංගික ක්‍රියාකාරකම් කරන්න
ලිංගික ක්‍රියාකාරකම් කරද්දී ඔබේ යෝනි මාර්ගයට යන රුධිර ප්‍රවාහය වැඩි කරන අතර යෝනි පටක ද නිරෝගීව තබා ගන්නවා. ඒ නිසා ලිංගිකව ක්‍රියාශීලීව සිටින්න. ඔබට ස්වයං වින්දනය කරන්නත් පුලුවන්. නැත්නම් සැමියා සමඟ ලිංගිකව සම්බන්ධ වෙන්න. ඔබ ලිංගිකව ක්‍රියාකාරීව සිටින බවට වග බලා ගන්න.

3. හොඳින් වතුර බොන්න
ඔබ ප්‍රමාණවත් තරම් ජලය පරිභෝජනය කරන බවටත්, සජලීව සිටින බවටත් වග බලා ගන්න. මෙය ඔබේ යෝනියේ වියළිම වළක්වනවා. දිනපතා ඔබ වතුර වීදුරු අටක් වත් පානය කිරීමට අමතක කරන්න එපා.

4. ව්‍යායාම කිරීමට අමතක නොකරන්න
නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් මගින් ඔබේ ශරීරයේ හෝමෝන සමතුලිතතාවයක් ඇති කිරීමට උපකාරී වෙනවා. යෝනි වැහැරීමේදී හෝමෝන වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එමනිසා, ව්‍යායාම කිරීමෙන් මෙම තත්වය වර්ධනය වීමේ අවදානම අඩු කර ගන්න පුලුවන් .

5. යෝනියට යොදන නිෂ්පාදන වලින් වළකින්න
ඔබේ පෞද්ගලික කොටස්වල කෘතිම රසායනික ද්‍රව්‍ය සහිත නිෂ්පාදන භාවිතා කරන්න එපා. සුවඳ විලවුන් අඩංගු සේදීම්, සනීපාරක්ෂක තුවා සහ tampons වැඩි වේලාවක් රඳවා ගැනීමෙන් ද යෝනි බැක්ටීරියා වල වියළි බව හා අසමතුලිතතාවයට හේතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1938 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:49:40 AM
Script:/article/1938/know-about-vaginal-atrophy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:49:41 AM
Script:/article/1938/know-about-vaginal-atrophy.html