ඔයා අඩි උස පාවහන් දැම්මට, ලස්සනට ඇවිදින්නේ කොහොමද කියලා දැන ගෙන හිටියේ නෑ නේද?

July 27, 2018
15,204
Did know how to walk with high heel shoes?
විලාසිතා කරන්න වැඩියෙන්ම කවුද කියලා අපි ඇහුවොත් ඔයා වගේම තවත් බොහෝ දෙනෙක් කියන්නේ ඒ කාන්තාවන් කියලා. එහෙම කියන එකේ වැරැද්දකුත් නෑ. මොකද කාන්තාවන් ගොඩක් කැමතියි එක එක විදිහේ ලස්සන විලාසිතාවන් කරන්න. විලාසිතා කියලා කිව්වම එහි නිමක් කොනක් හොයා ගන්න අද බැරි තරම්. ඉතිං ඔයා කරන විලාසිතා අතරේ පාවහන් විලාසිතාවත් ඉතා විශේෂයි. ඔයාම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයා අලූතෙන් ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුමේ පාටට ගැළපෙන විදිහට සෙරෙප්පු දෙකක් තෝරා ගන්න අමතක කරන්නේ නෑ. ඔයාට දැනටමත් විවිධ වර්ගයේ පාට පාට සෙරෙප්පු වර්ග ඕන තරම් ඇති. ඔයා කොච්චර සෙරෙප්පු ගත්තත් ඔයා ඒ සෙරෙප්පු දාලා ලස්සනට ඇවිද්දේ නැති වුණොත් ඔයාගේ සෙරෙප්පු කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. ඉතිං අද අපි තීරණය කළා ඔයා අඩි උස සෙරෙප්පු දෙකක් දාලා ලස්සනට ඇවිදන්න කොහොමද කියලා ඔයාට කියලා hadakari.com වෙතින් ඔයාට තිළිණ කරන මේ ලිපිය ඔයා පොඩ්ඩක් කියවලම බලන්කෝ.

පොඩි පොඩි අඩි තියලා ඇවිදින්න

අඩි උස සෙරෙප්පු දෙකක් දාලා කොහොමත් ටිකක් හයියෙන් ඇවිදින්න අමාරුයි කියලා ඔයා දන්නවානේ. ඒත් ඔයා සමාන්‍ය සෙරෙප්පු දෙකක් දාලා ඇවිදන වේගයට වඩා ඔයාගේ වේගය බාල විය යුතුයි. ඒ නිසා කෙටි පියවර තියන්න. වෙනදා ඇවිදිනවට වඩා අඩුවෙන් දණහිස නවලා ඇවිදින්න. අඩි උස සෙරෙප්පු දෙකක් දාලා ඔයා වේගයෙන් ඇවිද්දම වෙන්නේ ඔයාගේ වේගය නිසා ඔයාගේ ගමන් විලාසය අසාමාන්‍යය විදිහට පෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඔයා හෙමින් ඇවිද්දොත් ඔයාට ආකාර්ශණීය විදිහට ඇවිදින්න පුළුවන් වෙනවා වගේම ඔයාගේ සිරුරේ ලාලිත්‍ය පේන්න පටන් ගන්නවා.

මුලින් විලුඹත් හා දෙවනුව ඇඟිලිත් තබා ඇවිදින්න

ඔයා ඇවිදින විට පළමුව විලුඹ පොළොව මත තියා පසුව ඇඟිලි තියන්න. මෙහෙම ඔයා ඇවිදීමෙන් ඔයාගේ යටි පතුලේ ඇති වක්‍රාකාර කොටසට ඔයාගේ සිරුරේ බර යොමු වෙනවා. එතකොට ඔයා සෙමෙන් ඒ බර ඇගිලි දෙසට යොමු කරන්න. ඊට පස්සේ ඔයාගේ සිරුර ඉදිරියට තල්ලු කරමින් ඊළග පියවර තියන්න. මෙයින් ඔයාගේ ගමන වඩාත් ස්වභාවිකව ලස්සනට පේන්න පටන් ගන්නවා.

වැරදි ඉරියව් භාවිත කරන්න එපා

ඔයාගේ ලාලිත්‍ය පෙන්නන්න පුළුවන් ලේසීම විදියක් තමයි ඔයගේ ගමන. නිවැරදි ඉරියව්වක් භාවිත කිරීමෙන් ඔයාගේ ලස්සන තවත් වැඩි වෙලා පේන්න පටන් ගන්නවා. උරහිස් නවාගෙන එහෙමත් නැත්තම් හිස නවාගෙන වැරදි ඉරියව්වලින් ඇවිද්දම සිදු වෙන්නේ ඔයාගේ සැබෑ ලස්සන නැති වෙලා යන එක. ඔයා නිවැරදි ඉරියව්වකින් අවිදීමෙන් සිදු වෙන්නේ ඔයාගේ උදරයේ මාංශ පේශීන් ඇදිලා උදරය පැතිලි ස්වරූපයකින් දිස් වීමයි. එ මගින් ඔයාගේ සිරුර සිහින් හා ලස්සනට පේන්න පටන් ගන්නවා.

සෘජු රේඛාවක ඇවිදින්න

ලස්සන අඩි උස සෙරෙප්පු දෙකක් දාලා නිරූපණ ශිල්පිනියක් වගේ ඔයත් ඇවිදින්න කැමතිද? එහෙනම් ඔයා තනි කෙලින් රේඛාවක ඇවිදිනවා කියලා හිතාගෙන ඇවිදින්න වෙනවා. ඒ වගේම ඔයාගේ පාද කෙළවර තරමක් ඉදිරියට තෙරපන්න. මෙයින් ඔයාගේ උකුල චුට්ටක් පැද්දෙනවා. මේක ටිකක් ඔයාට කරලා පුරුදු වෙන්න ඕන දෙයක්. එයින් ඔයාට කවදාවත් පාඩුවක් නම් වෙන්නේ නෑ. ලස්සනට ඇවිදිනකොට ඔයා කාගේත් ආවධානයට ඉක්මනින් පාත්‍ර වෙනවා.

ගෙරදි චුට්ටක් ඇවිදලා පුරුදු වෙන්න

අඩි උස සපත්තු දාලා ඇවිදින එක ඔයාට චුට්ටක් විතර අසීරු දෙයක් වෙන්න පුළුවන් මුලින්. ඉතිං මේකට ඔයාට කරන්න තියෙන එකම දේ ඔයාට පුළුවන් ටිකක් ඇවිදලා පුරුදු වෙන්න. සෙරෙප්පු දෙක ගත්තේ අලූතෙන් නම් ඔයාට පුළුවන් සෙරෙප්පු දෙකේ අඩිය චුට්ටක් සූරලා අයින් කරන්න. මොකද එතකොට ඔයාගේ සෙරෙප්පු ලිස්සන එක අඩු කර ගන්න පුළුවන්. ඔයාට අපහසු වෙන විදිහේ සෙරෙප්පු තෝරා ගන්න එපා. තමන්ට ගැළපෙන විදිහට තරමක් උස සෙරෙප්පු දෙකක් තෝරා ගන්න. එවිට ඔයා කිසිම අවස්ථාවක අපහසුතාවකට පත් වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඔයා මේ ගැන වැඩි අවධානය යොමු කළ යුතුයි. ඔයා තෝරා ගන්න සෙරෙප්පු දෙකේ අඩිය ගන සැළකිලිමත් වෙන්න. මොකද ඔයා තෝරා ගන්න සෙරෙප්පුදෙක දාලා ඇවිදින්නේ ඔයාමනේ. යම් අපහසුතාවක් ඇති වුණොත් පාඩු වෙන්නේත් ඔයාටමයි.

නිවැරදිව හිට ගන්න

ඔයා අඩි උස සපත්තු දෙකක් දැම්මට පස්සේ ටිකක් උසට ඔයාව පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයා දණිහිස හෝ කොන්ද නමාගෙන හිටගෙන ඇවිද්දොත් ඒයින් ඔයාගේ පෙනුම අවලස්සන වෙලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා නිවැරදිව හිටගන්න. ඔයාගේ එක් අඩියක් අනෙක් අඩියේ මැදට වන සේ තරමක් ඇලකර තියන්න. පස්සේ පසුපස පාදයට ඔයාගේ සිරුරේ බර යොදා හිටගන්න. එක් පාදයකට ඔයාට වෙහෙසක් දැනෙන විට අනෙක් පාදයට බර යොදන්න.

පාදවලට විවේකයක් දෙන්න අමතක කරන්න එපා

කිසිම ආබාධයක් හෝ අපහසුතාවක් නැතුව දවස තිස්සෙම අඩි උස පාවහන් ඔයා පැළද ගෙන ඉන්න ඕන නම් ඔයාගේ පාදවලට විවේකයක් ලබාදීම අත්‍යාවශ්‍යයි. ඒ නිසා ඔයාට පුළුවන් නම් දවසේ පැය කිහිපයක් හෝ අඩි උස පාවන් පළදින්නේ නැතුව ඉන්න ඒක ඔයාට ඉතා වැදගත්. ඔයාගේ පාදවලට විවේකය ඉතා වැදගත්. ඒ නිසා නිතරම අඩි උස පාවහන් පළදින්න එපා.

ඔයාට හරියටම ගැළපෙන නිවැරදිම පාවහන් තෝරා ගන්න

ඔයා මෙතෙක් දැම්මේ සාමාන්‍ය ආකාරයේ පාවහන් නම් පමණට වඩා උස පාවහන් පළඳින්න උවමනා වුණත් එතරම් උසට පාවහන් තෝරා ගන්න යන්න එපා. මොකද ඔයාගේ පාදවලට අපහසු වෙන ආකාරයේ පාවහන් පැළඳීමෙන් ඔයාගේ ශරීරයට ගුණ දායක වෙන්නේ නෑ. ඒ වගේම ඔයාට පුළුවන් මාරුවෙන් මාරුවට අඩි උස හා සමාන්‍ය සෙරෙප්පු පළඳින්න. ඒක ඔයාගේ ශරීර සෞඛ්‍යට ඉතාමත් වැදගත්. ඔයාගේ කකුළට හිර නැති ඔයා අපහසුතාවට පත් නොවෙන ආකාරයේ පාවහන් යුගලයක් තෝරා ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම ඔයා මතක තියා ගන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාට කකුලට හිර සෙරෙප්පු තෝරන්න එපා. කකුලට වැඩි වුණත් කමක් නෑ. තරමක් වැඩි සෙරෙප්පු දෙකක් ඔයාට තෝරා ගන්න පුළුවන් නම්. මොකද එවිට ඔයාගේ පාදවලට හානීයක් සිදු වෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 977 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:12 AM
Script:/article/977/did-know-how-to-walk-with-high-heel-shoes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:12 AM
Script:/article/977/did-know-how-to-walk-with-high-heel-shoes.html