රස්නෙ දවස් වලට කෝපි බොන්න එපාද?

July 9, 2019
9,450
should I not drink coffee on a hot day?
යමෙකු සිතන පරිදි නිසි පෝෂණය ලබා ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. ගිම්හානයේදී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වැදගත් වෙනවා පමණක් නොව, ඔයාගේ ශක්ති මට්ටම් ප්‍රශස්ත මට්ටමක තබා ගැනීම සඳහා ආහාරවල ප්‍රමාණවත් තරම් ජලය හා පෝෂණය අඩංගු වන බවට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විජලනය වීම වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් සෞඛ්‍යය නිරෝගිමත්ව තබා ගැනීමට ආහාර උපදෙස් දෙකක් වන්නේ විශේෂයෙන් පිටතට යන අතරතුර වතුර බෝතල් රැගෙන යාම සහ ප්‍රමාණවත් පලතුරු ආහාරයට ගැනීමයි. සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා මේවා ප්‍රමාණවත් නොවනු ඇත. අද හැඩකාරී අපි ඔයාට කැෆේන් පානය කිරීමෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

ඔයා දවසේ වැඩිපුර හරියක්ම එළිමහනේ ගත කරන්නේ නම්, අධික රස්නය සහ දුවිල්ලේ පවා ජවයෙන් ගත කරනවා. මන්දගාමී බව, හිසරදය, ඔක්කාරය සහ දුර්වල ආහාර ජීර්ණය ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් ඔයාට අත්විඳීමට සිදු වෙනවා. අධික දහඩිය දැමීම නිසා ඔයාගේ ශරීරයෙන් තරල නැති වී යාම සිදුවිය හැකියි. ඔයාගේ ශරීරය විජලනය වීමට හේතු විය හැකි ඇතැම් ආහාර තිබේ. කැෆේන් සහ කැෆේන් සහිත බීම බොහෝ විට විජලනය සඳහා දොස් පවරනු ලබන අතර ගිම්හානයේදී යමෙකුට ඒවා පරිභෝජනය කළ හැකිද නැද්ද යන්න ජනතාව අතර පොදු ව්‍යාකූලතාවයක් ලෙස පවතී.

කැෆේන් පරිභෝජනය කිරීම ආරක්ෂිතද නැද්ද යන්න පිළිබඳ මෙම ලිපියෙන් කතා කරමු. එසේ නම්, කැෆේන් සහිත බීම සඳහා ආරක්ෂිත පරිභෝජන සීමාවන් මොනවාද? තේ, කෝපි සහ ශක්තිජනක පානයන් ගැන අද  හැඩකාරී කතා කරන්න තීරණය කළා.

කැෆේන් පානය කිරීම සුදුසු ද?

කෝපි යනු තද අඳුරු පැහැ දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. නමුත් සමහර මිත්‍යා මත නිසා ඇතැම් පිරිස් මෙම රසවත් ගුණවත් පානය ආහාරයට ගැනීමෙන් වලකියි. කෙසේ වෙතත් ගිම්හානයේදී උණුසුම් කෝපි පානය කිරීම යෝග්‍ය නැහැ. නමුත් සිසිල් කෝපි (අයිස් කොෆී) නම් රස්නෙ දවසක පානය කරන්න නිර්දේශ කරන්න පුලුවන් හොඳ පානයක්.

ගිම්හානයේදී නිර්දේශිත දෛනික කැෆේන් ප්‍රමාණය කුමක්ද?

වෛද්‍ය දත්ත අනුව, "දිනකට මිලිග්‍රෑම් 250 ක් හෝ දළ වශයෙන් කැෆේන් සහිත බීම කෝප්ප දෙකහමාරක් පිළිගත හැකිය. මෙය ඉක්මවා යන ඕනෑම දෙයකට අතුරු ආබාධ ඇතිවිය හැකිය." කෙසේ වෙතත්, අධික කැෆේන් නිසා හෘද ස්පන්දනය හා හිසරදය ඇතිවිය හැක.

වාසි 

කෝපි හදවත ආරක්ෂා කර දීමේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි. දිනකට කෝපි කෝප්ප 2ක් හෝ ඊට වඩා පානය කරන අයගේ හදවත් ක්‍රියාකාරිත්වය එසේ කෝපි පානය  නොකරන අයගේ හදවත්  ක්‍රියාකාරිත්වයට වඩා හොඳින් සිදුවේ. 

පාකින්සන් රෝගයෙන් පෙළෙන අයගේ පාලනය කළ නොහැකි චලන පාලනයට කෝපි බොහෝ උපකාරී වේ. එසේම පිත්තාශයේ ගල් සෑදීම වලක්වන කෝපි, පානය කිරීම අක්මාවට ඉතා හිතකර වේ. පිළිකා වැළඳීමේ අවධානම කෝපි පානය කිරීම නිසා 50%කින් පමණ අඩු කර ගත හැකි වෙයි. බොහෝ පරීක්ෂණ වලින් පෙනී යන්නේ මෙසේ කෝපි පානය කිරීම අක්මා පිළිකා අවධානම සැලකිය යුතු මට්ටමකින් අඩු කරන බවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1369 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:26:19 AM
Script:/article/1369/should-i-not-drink-coffee-on-a-hot-day.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:26:19 AM
Script:/article/1369/should-i-not-drink-coffee-on-a-hot-day.html