ඔබේ ගෙවත්තේ තිබිය යුතුම ඖෂධීය පැළැටි කිහිපයක්

November 8, 2018
7,913
Must have plants with medical value
සාමාන්‍යයෙන් මිනිස්සු ගෙවත්තේ මල් වැවීම විශාල වශයෙන් කරනවා දකින්නට පුළුවන්. ගෙවත්තට අලංකාරයක් එක් කිරීම, කලින් කලට මල් පිපෙනු දැකීමෙන් හිතට සැනසීමක් ගෙනදීම වගේ කාරණා නිසා බොහොදෙනෙකු එයට යොමුවී තිබෙනවා. නමුත් වර්තමානයේ කුඩා ප්‍රමාණයේ ගෙවත්තක ලස්සනට වඩා ප්‍රයෝජනයට ඉඩ දිය යුතුමයි. එනිසා පළතුරු, එළවලු වගේම බෙහෙත් පැළෑටිත් ඔබේ ගෙවත්තේ තිබීම ඔබට මහඟු උදවුවක් වෙනු ඇති. හැඩකාරී අපේ මේ සටහන වෙන්වෙන්නෙ ඔබේ ගෙවත්තේ වගා
කර තිබිය යුතුම ඖෂධීය පැළෑටි කිහිපයක් සම්බන්ධවයි.

කෝමාරිකා



පුංචි ඉඩක වගේම භාජනයක වුනත් පැළ කරන්නට පුළුවන් කෝමාරිකා කියන්නෙ විශේෂ සාත්තුවක් අවශය නැති පැළෑටියක්. ඕනම දේශගුණයක වැවෙන කෝමාරිකා කියන්නෙ නිවසකට අතිශය ප්‍රයෝජනවත් ඔසුවක්. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙන්නෙ රූපලාවන්‍ය කටුයුතු වෙනුවෙන් යොදාගන්නා දෙයක් විදියට වුනත් හදිස්සි බඩේ දැවිල්ලකට, තුවාලයක ආලේපයට, හිස කෙස් සේදීමට වගේම ඇස් යට කඳුළු ගලන විටත් පිළියමක් ලෙසින් භාවිතා කළ හැකි ඔසුවක්.

හාතවාරිය



ගෙවත්තෙ වැලක් විදියට පහසුවෙන්ම බෝ කරවන්න පුළුවන් වගේම නිසි කප්පාදුවක් අවශ්‍ය වටිනා ඖෂධයක් විදියට හාතවාරිය හඳුන්වන්න පුළුවන්. හාතවාරිය අතිශය ප්‍රසිද්ධ වෙන්නෙ එයින් හදාගන්න පුළුවන් රසවත් කැඳ නිසායි. උදෑසන ආහාරයක් විදියට
ජවයත් ගුණයත් රසයත් එක ලෙස දෙන හාතවාරිය කැඳ කෝප්පයකින් සිරුරට ලැබෙන ගුණ ඉමහත්. හාතවාරිය නිසා සිරුරේ ආම්ලිකතාවය නැති කරනවා වගේම අපේ වැඩිහිටියොන්ගෙ වචනයෙන් කියනවානම් ලේ පිරිසුදු කරනවා. ඒ වගේම හාතවාරිය
කැඳ හන්දි පත් ඉදිමුම් ඇති පිරිසට වගේම හෘද රෝගීන්ටත් අතිශය යෝග්‍යයි. මේ වෙද්දි ලංකාවෙ බහුතරයක් පීඩා විඳින ඇදුම රෝගයට බෙහෙත් හදන්නත් හාතවාරිය යොදාගන්නවා.

පොල්පලා



මේ කියන්නෙ තවත් කුඩා ඉඩක වැවෙන ඕනෑම ප්‍රදේශයක් බේධයක් නැතිව පැළවෙන රස ගුණ පිරි කැඳ හදාගන්න පුළුවන් පැළෑටියක් ගැනයි. අතිශය රසවත් පොල්පලා කැඳ කෝප්පයක් උදෑසනකට කදිමයි. හාතවාරිය වගේම වෙනත් පැළෑටි වගේ නොව මුළු පැළයම ප්‍රයෝජනයට ගන්නා පැලෑටියක් විදියටත් පොල්පලා හඳුන්වන්න පුළුවන්. පොල්පලා ඖෂධයක් විදියට වඩාත් ප්‍රයෝජනවත් වෙන්නෙ මේ වෙද්දි ලංකාවෙ බොහෝ දෙනෙක් මුහුණ දෙන මුත්‍රා අඩස්සිය වැනි රෝග වලටයි. මුත්‍රාශයේ දැවිල්ල වගේම වෙනත් ආබාධ වෙනුවෙන් පොල්පලා තැම්බූ වතුර පානය කිරීම අතිශය යෝග්‍ය ඔසුවක්.

කරපිංචා



ඔබේ ගෙවත්තේ තිබිය යුතුම ශාකයක් විදියට කරපිංචා හඳුන්වන්න පුළුවන්. අපි එහෙම කියන්නෙ ඇයි? ඒ කරපිංචාවල ඇති ප්‍රයෝජන බහුල නිසායි. කරපිංචා ආහාර රස කාරකයක් වගේම ආහාරවල යම් විෂ අන්තර්ගත වෙනවානම් ඒවා අයින්කරන
ඖෂධයක් විදියටත් භාවිතා කෙරෙනවා. ඒ වගේම කරපිංචා කොල කැඳත් රසවත් පානයක්. කොලෙස්ටරෝල් වලට කරපිංචා තේකක් බොන්න වගේම කෙට්ටු වෙන්න වගේම සීනි පාලනය කරන්නත් කරපිංචා කොල සම්බෝලයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම ගෙදර හදාගෙන කල් තියාගන්න බැදුමකට වුනත් කරපිංචාවලින් හොඳ නැවුම් බවක් එකතු කරනවා. කරපිංචා කොල වලින් ලබාගන්නා යුෂ ආමාෂයේ අජීර්ණ තත්ත්වයන්ට කදිම ඖෂධයක් වගේම අධි රුධිර පීඩනය පාලනයට වගේම වමනය වැනි තත්ත්ව සමනය කරන්නත් කරපිංචා යුෂ කදිමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1157 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:11 PM
Script:/article/1157/must-have-plants-with-medical-value.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:11 PM
Script:/article/1157/must-have-plants-with-medical-value.html