ඩ්‍රයි ක්ලීන් කිරීමට අවශ්‍ය ඇඳුම් සහ රෙදි වර්ග

August 5, 2021
4,703
Types of clothes that need dry cleaning
ඔබ‍ සතියකට එක එක වර්ගයේ ඇඳුම් කිහිපයක් අඳිනවා නේද.. රාජකාරි ස්ථානයට, ව්‍යායාම් සඳහා, විවිධ ප්‍රිය සම්භාශන ආදි නොයෙක් කටයුතු යෙදෙන අතර අවස්ථානුකූලව ඔබ ඒ සඳහා සුදුසු ඇඳුම් තෝරාගනු ලබනවා ඇති.. නමුත් ඒවා පිරිසිදු කිරිමේදි ඔබට සියල්ල එකට සේදුම් යන්ත්‍රයට දැමිය හැකිද..? විවිධ ඇඳුම් වර්ග නිමවා ඇති රෙදි වර්ගය, නැතිනම් විවිධ සැරසිලි අනුව ඒවා පිරිසිදු කරනා ක්‍රමවේදයන්ද විවිධ වනවා.. අතින් සේදීම, යන්ත්‍රය භාවිතයෙන් සේදීම නැතිනම් ඩ්‍රයි ක්ලීන් කිරීම ආදී විවිධ වූ ක්‍රමයන් ඒ සඳහා භාවිතා කරන අතර නියමිත ක්‍රමයට පිරිසිදු නොකිරිමෙන් ඇඳුමට හානි සිදුවිය හැකියි. එමනිසා ඔබට ඔබ ඉහළ මුදලක් ගෙවා ලබාගන්නා ඇඟළුම් කාලාන්තරයක් භාවිතා කිරීමට අවශ්‍ය නම් නිසි පිරිසිදු කිරීමේ ක්‍රමය තෝරා ගත යුතු වනවා.

ඇඟළුම්වල ලේබලය නිසි පරිදි කියවීමෙන් ඔබට එය පිරිසිදු කිරිමට භාවිතා කලහැකි නිශ්චිත ක්‍රමය පිළිබදව අවබෝධයක් ලබාගත හැකියි.. මෙම ලිපිය මගින් අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඩ්‍රයි ක්ලීන් කරන එක වඩාත් සුදුසු රෙදි සහ ඇඟළුම් වර්ග කිහිපයක් පිළිබදවයි..

සිල්ක්

ඔබේ ඇඳුම මසා ඇති රෙදි වර්ගය 60%කට වඩා සිල්ක් ආශ්‍රයෙන් නිමවා ඇති නම්, අතින් හෝ යන්ත්‍රය මගින් සෝදා පිරිසිදු කර ගැනීමට වඩා විශ්වාසදායි ඩ්‍රයි ක්ලීන් මධ්‍යස්ථානයකින් පිරිසිදු කරගැනීම වඩාත් උචිත වනවා. ස්වභාවික සිල්ක් රෙදි, යන්ත්‍රයන් මගින් සේදිමේදි එහි හැඩය වෙනස් වන අතර එහි වර්ණය වෙනස්වීමටද ඉඩ තිබෙනවා.

විවිධ ආභරණ සහිත ඇඳුම් වර්ග
ඔබ සතුව විවිධ පබළු වර්ග, සීකුවින්ස්, ස්ටඩ් වර්ග වැනි විවිධ සැරසිලි සහිත ඇඟළුම් වර්ග ඇති... මෙවැනි ඇඟළුම් රෙදි සෝදන යන්ත්‍රය භාවිතා ක‍ර සේදීමේදි පබළු වර්ග, සීකුවින්ස්, ස්ටඩ් වැනි දෑ වලට හානි සිදුවිය හැකියි.. එමනිසා සෑම විටම ඩ්‍රයි ක්ලීන් සඳහා යොමු කරවීමට මතක තබා ගන්න.

මස්ලින් හෝ කපු වොයිල් රෙදි
ඉතා සිනිදු කපු සහ මස්ලින් රෙදි, අතින් සේදීමේදි පවා හානිසිදුවිය හැකියි.. ඩ්‍රයි ක්ලීන් කිරීමෙන් මෙවැනි මස්ලින් හෝ කපු වොයිල් ආශ්‍රයෙන් නිමවා ඇති ඇඟළුම් වැඩි කාල‍යක් භාවිතා කල හැකියි.

සම් ආශ්‍රිත ඇඳුම් / ස්වේඩ් ඇඟළුම්
ලෙදර් සහ ස්වේඩ් ඇඟළුම් දීර්ඝ කාලයක් භාවිතා කිරීමට නම් ඔබ නිසි පරිදි එය නඩත්තු කළ යුතුයි.. විශ්වාසදායි ඩ්‍රයි ක්ලීන් කරන්නකු වෙත යවා මෙවැනි ඇඟළුම් පවිත්‍ර කරගන්න.

ලෝම ඇඟළුම්
ලෝම ඇඟළුම් සාමාන්‍යයෙන් සැලකෙන්නේ දිගු කලක් භාවිතා කල හැකි ඇඟළුම් ලෙසටයි.. නමුත් සීත හෝ උණුසුම් වතුර භාවිතයෙන් සේදීමෙන් ඒවාට හානි සිදුවිය හැකියි.. එමනිසා ඔබගේ ලෝම ඇඟළුම් ඩ්‍රයි ක්ලීන් කිරීමට අමතක නොකරන්න.

ෂිෆෝන් වැනි විසිතුරු ඇඟළුම්
වර්තමානයේ කාන්තා විලාසිතා සඳහා බහුලව ෂිෆෝන්, රෙයෝන් වැනි ඇඟළුම් භාවිතා කරනවා.. ඒවාද රෙදි සෝදන යන්ත්‍රය මගින් පිරිසිදු කරගන්නවාට වඩා ඩ්‍රයි ක්ලීන් කිරීම වඩාත් සුදුසු වනවා.

රැළි සහිත ඇඟළුම්
ලොකු හෝ කුඩා ඕනෑම රැළි සහිත ඇඟළුමක් රෙදි සෝදන යන්ත්‍රය ආශ්‍රයෙන් සේදීමෙන් හෝ අතින් සේදීමෙන් එහි රැළි සහිත ස්වභාවය නැති වී යා හැකියි.. එමනිසා රැළි සහිත ඇගළුම් ඩ්‍රයි ක්ලීන් කිරීම මගින් එවැනි ඇඟළුම් කාලාන්තරයක් භාවිතා කළ හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2029 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:40:31 AM
Script:/article/2029/types-of-clothes-that-need-dry-cleaning.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:40:32 AM
Script:/article/2029/types-of-clothes-that-need-dry-cleaning.html