පුංචි දරුවෝ ඉගෙන ගන්න විදිහ ඇත්තටම පුදුමයි

January 14, 2019
15,908
Toddler creative learning and development: what to expect
පුංචි දරුවෝ  හිතන පතන විදිහ, කරන කියන දේවල් වගේම පුංචි පුංචි දේවල් ඉගෙන ගන්න විදිහත් හරිම පුදුමයි. අපි දේවල් ඉගෙන ගන්නවට වඩා වෙනස් වගේම ලස්සන විදිහට තමයි ඒ අය ඒ දේවල්  ඉගෙන ගන්නේ. කිසිම දෙයක් නොදැන මේ ලෝකෙට ඉපදෙන පුංචි පැටවූ දවසින් දවස හරි ලස්සනට වගේම පුදුම හිතෙන විදිහට ගොඩක් දේවල් ගැන  ඉගෙන ගන්නවා. ළදරුවෙක්ගේ ඉගෙනීමට වගේම වර්ධනයටත් ප්‍රධාන වශයෙන්ම බලපාන දෙයක් තමයි නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් වගේම සෞන්දර්යාත්ම ක්‍රියාකාරකම. මේ දේවල් ළදරුවන්ගේ පරිකල්පන ශක්තිය, ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව, තර්කනය වගේම චාලක හැකියාවන් වර්ධනය කරන්න උපකාරී වෙනවා.

මේ දේවල් දරුවන්ගේ නිර්මාණාත්මක ඉගෙනීමට සහ වර්ධනයට බලපාන විදිහ ගැන හොඳ දැනුවත් භාවයක් දෙමාපියන්ට තියෙන එක ලොකු වැදගත් කමක් තියෙන දෙයක්. මොකද දෙමාපියන්ට ඒ ගැන හොඳ දැනුවත් භාවයක් තියෙනවා කියන්නේ දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම පහසුවෙන්ම ඔවුන්ට කරන්න පුළුවන්. ඒ නිසා අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ඉගෙනීමට වගේම වර්ධනයටත් බලපාන වැදගත්ම දේවල් කිහිපයක් ගැන.

01. සංගීතය

අපි අහලා තියෙන විදිහට දරුවෝ මවු කුසේ ඉන්න කාලයේ ඉඳලම සංගීතයට දක්වන්නේ දැඩි සංවේදී බවක්. පුංචි දරුවෝ සින්දු අහන්න කියන්න වගේම එක එක දේවල් වලට තට්ටු කරලා එන ශබ්ධ අහන්න දක්වන්නේ පුදුම ආසාවක්. සින්දු කියන්න උත්සහ කරනකොට දරුවන්ගේ වචන උච්චාරණ හැකියාව වගේම මතකයත් වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවෝ පුරුදු වෙනවා සින්දු වල යම් යම් වචන වලට අදාල චලනයන් නිර්මාණය කරගන්න. ඒ වගේම එක එක සංගීත භාණ්ඩ වාදන කරන විට ඔවුන්ගේ චාලක හැකියාවන් හොඳින් වර්ධනය වෙනවා. මේ නිසා සංගීතය කියන්නේ දරුවන්ගේ නිර්මාණාත්මක ඉගෙනුමට වගේම වර්ධනයටත් ඉතාමත් වැදගත් වෙන දෙයක්.

02. නර්තනය 

පුංචි දරුවෝ සින්දුවක් ඇහුනත් කැමතියි එයාලට පුළුවන් විදිහට dance කරන්න. පුංචි අත් කකුල් එහෙට මෙහෙට පද්දමින් හොලවමින් ඒ අය ඒ අයගෙම විදිහකට dance කරනවා. ඒවා ඔවුන් විසින්ම නිර්මාණය කරගන්න ස්වයං චලන. පුංචි දරුවෝනර්තනයේ යෙදෙන විට බොහෝ දේවල් ඔවුන්ගේ මනස තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔවුන් සිහින ලෝක මවගන්නවා. සංගීතය ගැන හැඟීම් ඇතිවෙන්න පටන් ගන්නවා. මේ දේවල් යහපත් ලෙස දරුවන්ගේ වර්ධනයට බලපානවා. නර්තනය ඔබේ දරුවාගේ චාලක කුසලතාවයන් හොඳින්ම වර්ධනය කරන්න උපකාරී වෙනවා.

03. චිත්‍ර 

පුංචි දරුවෝ කැමති දෙයක් තමයි කොළ වල බිත්ති වල වගේ අහුවෙන ඕනෙම තැනක එක එක දේවල් අඳින එක. දරුවෝ මේ විදිහට එක එක පාට වර්ග කඩදාසි භාවිතා කරලා එක එක දෙවක් අඳිනකොට ඔවුන්ගේ චින්තන හැකියාව වර්ධනය වෙනවා. ඔවුන් එක එක හැඩතල හඳුනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ චාලක හැකියාවන් වර්ධනය වෙනවා. පොඩ්ඩෝ එක එක දේවල් හැම තැනම අදිනවට දෙමාපියෝ නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි දරුවෝ ඒ විදිහට අඳින දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.මේ නිසා ඒ වගේ දේවල් වලින් දරුවන්ව ඈත් කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද දරුවාගේ වර්ධනයට ඒ දේ නරක විදිහට බලපාන්න පුළුවන්.

04. නාට්‍ය 

පුංචි කාලේදී දරුවෝ සෙල්ලම් කරන්නේ මවාගත්ත දේවල් එක්ක. ඒ අය අනෙක් යාළුවොත් එක්ක සෙල්ලම් ගෙවල් දානවා. මේ වගේ වෙලාවට ඒ අය ඇත්ත දේවල් වෙනුවට පාවිචි කරන්නේ එයාලම හිතලා ආදේශ කරගත්ත දේවල්. සල්ලි වෙනුවට පාවිච්චි කරන්නේ ගස් වල කොළ. බෝනික්කෝ දරුවෝ විදිහට පාවිච්චි කරනවා. මේ විදිහට ඔවුන් සමහර අවස්ථාවන් වලදී වැඩිහිටි අයව අනුකරණය කරනවා. නැත්නම් ඔවුන් දන්නා විදිහට සෙල්ලමක් නිර්මාණය කරගන්නවා. ඒ විදිහට නිර්මාණය කරගත්ත සෙල්ලම ඇතුලේ එයාලා එයාලගේ චරිතේ රඟපානවා. මේ නිසා ඔවුන්ගේ පරිකල්පන ශක්තිය වගේම චාලක කුසලතා සහ තර්කන හැකියාවත් වර්ධනය වෙනවා.ඒ වගේම ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාවත් වර්ධනය වෙනවා.


මේ දේවල් තමයි පුංචි දරුවන්ව අනාගතයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් පිරිසක් බවට පත් කරන්නේ. මේ දේවල් කරන්න අවස්ථාවක් නොලැබෙන දරුවන්ගේ කායික වගේම මානසික තත්වයක් යහපත් නොවෙන්න ඔපුළුවන් ඒ නිසා දෙමාපියන් විදිහට දරුවට අවශ්‍ය කරන දේවල් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට මඟ පෙන්වීම කරොත් ඔබේ දරුවටත් අනාගතය ජයගන්න පුළුවන්. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1230 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:50:30 AM
Script:/article/1230/toddler-creative-learning-and-development-what-to-expect.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:50:30 AM
Script:/article/1230/toddler-creative-learning-and-development-what-to-expect.html