කුඩා කලදී දරුවන් විවිධ දෑ සඳහා බියක් දක්වනවා.. ඇතැම් වාහන, සතුන්, කාලගුණ තත්ත්වයන් ආදී විවිධ දෑ සඳහා ඇතිකරගනු ලබන බිය කල්ගතවත්ම ඔවුන් තුලින් පහව යනවා.. නමුත් ඇතැම් විට මෙය දරුවන් වයසින් වැඩෙන විටත් පහව නොවන අතර එය දරුවන් තුල කාංසා තත්ත්වයක් (anxiety) ඇතිකරනු ලබනවා. පසුකාලීනව මෙම කාංසා තත්ත්වයන් භීතිකාවක් බවට පත්වීමේ අවධානමක් ඇතිකරනු ලබනවා.
භීතිකාවක් (phobia) යනු කුමක්ද..?
යම්කිසි දෙයක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් දරුවා තුළ ඇතිවන අසාමාන්‍ය බිය භීතිකාවක් (phobias) ලෙස හඳුන්වනු ලබනවා.. මෙම තත්ත්වය යටතේ දරුවන් බොහෝ විට බල්ලන්, මකුළුවන්, කැරපොත්තන්, අකුණු සහ ගිගිරුම් සහිත අඳුරු කාළගුණ තත්ත්වයන්, උස ස්ථාන සහ රුධිරය දැකීමට හෝ එන්නත් වැනි දෑ සඳහා අධික බියක් දක්වනු ලබනවා.
ක්‍රමයෙන් දරුවන් වයසින් වැඩෙන විට මෙම ෆෝබියා තත්ත්වය ශාරිරික රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය විමේ ප්‍රවණතාවයක් ඇතිකරනු ලබනවා. මෙහිදී හෘද ස්ඵන්දන වේගය වැඩිවීම, හුස්ම ගැනීමේ අපහසුව, අධික ලෙස දහඩිය දැමීම, පපු පෙදෙසේ මාංශ පේශීන් තද ස්වභාවයක් ගැනීම, සාමාන්‍ය හිසරදය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි වනවා.
දරුවන් තුල ඇතිවන මෙම භීතිකා/ ෆෝබියා තත්ත්වය දරුවන්ට ඉතා පීඩාකාරි වන අතර ඔබගේ දරුවා සම්බන්ධයෙන් ඔබටත් මෙවැනි ගැටළුවක් ඇතිනම් ළමා මානසික රෝග වෛද්‍යවරයකුගේ සහය ලබාගත යුතු වනවා. එහිදී බොහෝ විට cognitive behavioral therapy සහ අවශ්‍ය වූ විට ඖෂධ වර්ගද නිකුත් කරනු ලබනවා.
මානසික සෞඛ්‍ය සම්බන්ධ උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවේදී ද..?
දරුවන් තුල යම් ෆොබියා තත්ත්වයක් තිබේනම් ප්‍රථිකාර හෝ මානසික සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා යොමුවීම සාමාන්‍ය තත්ත්වයක්.. දරුවන් තුළ පහත සඳහන් ලක්ශන දැකිය හැකිනම් ඔබ උපදෙස් පැතිය යුතුවනවා.
- එදිනෙදා ජීවිතයේ කාර්‍යයන් කරා නිසිලෙස යොමු නොවීම
- මාස 6ක් පමන වන තෙක්ම එය පැවතීම
- ඔවුන් ඔවුන්ගෙ වයසේ ප්‍රමානයට යම් යම් දෑ සඳහා ප්‍රථිචාර නොදැක්වීම
පහත සඳහන් ගැටළු වලට ප්‍රමාණවත් පිළිතුරු නැතිනම් දරුවාගේ තත්ත්වය පිළිබඳව උපදෙස් පැතිය යුතුද යන්න පිළිබදව තීරණය කිරීමට ඔබට හැකිවනවා.
1. ඔබගේ දරුවා යම් දෙයක් සම්බන්ධයෙන් දකවනු ලබන බිය සහ හැසිරීම ඔහුගේ හෝ ඇයගේ වයසට ගැලපෙනවාද?
ඉහත ගැටළුවට පිළිතුර "ඔව්" නම් ඔබ කලබල විය යුතු නැත. නමුත් පිළිතුර "නැත" යන්න නම් ඔබ උපදෙස් පැතිය යුතු වනවා. සාමාන්‍යයෙන් දරුවන් බොහෝවිට අන්ධකාරයට බියවීම, ගොරවන විට අකුණු ගසන විට බියවීම ඔවුන්ගේ වයසට ගැලපෙන භීතිකා තත්ත්වයක් වන අතර බොහෝ දරුවන් ක්‍රමයෙන් වැඩෙන විට මෙම තත්ත්වයෙන් මිදෙනවා නමුත් ඉන් දිගින් දිගටම පීඩා විදිනවා නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතු වනවා.
2. දරුවාගේ භීතිය යතාර්ථයක් නොවන යම් අසාධාරන තත්ත්වයක් ගොඩනැගී තිබෙනවාද..? එය බරපතල තත්ත්වයක් වනවාද..?
දරුවාගේ භීතියට පත්වීමේ රටාව දෙමවුපියන් විසින් හඳුනාගත යුතුයි. එක් සිදුවීමක් හෝ වාතාවරණයක් නම් එය එතරම් බරපතල ලෙස ගණන් නොගත යුතු අතර දරුවා යම් සිදුවීම්, දේවල් සඳහා දක්වන භීතීකාවේ යම් අසාමාන්‍ය රටාවක් වර්ධනය වී ඇතිනම් වහාම සූදුසු පියවර ගත යුතු වනවා. එසේ නොවුනහොත් මෙම ෆෝබියා තත්ත්වය දරුවා තුල දිගින් දිගටම පැවතිය හැකියි. ඔබගේ වෛද්‍යවරයා හෝ දරුවන් සමග වැඩකිරීමේ පළපුරුදු විශේෂඥ උපදෙස් ලබාගැනීම කළ යුතුයි.
ෆෝබියාවෙන් මිදීමට දරුවාට උදව් කලයුත්තේ කෙසේද..?
දරුවන් තුල කුසලතා සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම තුළින් ෆෝබියා තත්වයෙන් මිදීමට හැකියාව ලැබෙනවා.. ඒ සම්බන්ධයෙන් දරුවාට උදව් කලහැකි පහසු පියවර කිහිපයක් පහත ඉදිරිපත් කර තිබෙනවා.
දරුවා බියවන කාරණාව සැබෑවක් බව පිලිගන්න
බොහෝ විට ඔබට අනුව දරුවා ඉතා සුළු කරුණකට අධික බියට පත්වනවා ඇති. නමුත් එයට දරුවා බියක් සහ අකමැත්තක් දක්වනවා ඇති. දරුවා බියවන කාරණාව පිළිබදව කතා කරන්න.. එමගින් දරුවා පෙළන සෘණාත්මක හැඟීමෙන් මිදීමට ඔහුව හෝ ඇයව පෙළඹව වීමට ඔබට හැකියාව ලැබෙනවා. දරුවා බියවන කාරනාවේ බැරෑරුම්කම ඉන් අඩු වනවා.
දරුවා බියට පත්වන කාරණාව හෑල්ලු නොකර එයට අදාල කරුණු පවසන්න
උදාහරණයක් ලෙස දරුවා තනිව නිදාගැනීමට අකමැති නම් "බියවන්න එපා ඔමේ කාමරයේ රාක්ෂයින් නැහැ" හෝ "මම ඔයාගේ කාමරය හොඳින් පරික්ෂා කලා බිය විය යුතු කිසිම දෙයක් නැහැ" ආදී ලෙස කරුණු කියා දරුවාගේ බිය නැතිකරන්න.
දරුවා බියට පත්වන දේවල් පිලිබඳ අධ්‍යනයට ඉඩ දෙන්න
දරුවාට බියට මුහුණදීමේ උපාය මාර්ග කියාදෙන්න
"මට පුළුවන්" "මම බිය වන්නේ නැහැ" ආදී ලෙස සෑමවිටම ධනාත්මක හැඟීම් වර්ධනයට උදවු කරන්න.. ඔහු හෝ ඇය බියට පත්වන ඕනෑම මොහොතක ඔබ ඔවුන් වෙනුවෙන් ඉන්නා බවත් ඔවුන්ට ඕනැම මොහොතක ඔබ කාරා පැමිණිය හැකිබවටත් ඒත්තු ගන්වන්න.
දරුවන් පෙළන භීතිකාව ඔවුන්ගේම ක්‍රමයකට තක්සේරු කිරීමට උපදෙස් දෙන්න..
ඔවුන්ගේ බිය සරළ ක්‍රමයට 1 -10 දක්වා පිලිවලට සකස් කර ඔවුන් බියපත් වන කාරණා සහ ස්වභාවය අනුව හඳුන්වන්න කියාදෙන්න. නැතිනම් ඔවුන්ගේ ශරීරයේ ඔලුව බය වැඩිම ස්ථානය ලෙසත් පාදවල ඇඟිලි බය අඩුම ස්ථාන ලෙසත් නම්කර ඔවුන් බියවන කාරනා පවසා කෙතරම් බිය දැයි අසන්න.. නැතිනම් දණහිස ළඟට බඩ ළඟට ආදී ලෙස තක්සේරු කිරීමට කියාදෙන්න. කල්ගතවන විට ඔවුන් බියවන කාරණා ඔවුන්ට සරළ කරුණු බව ඔවුන් වටහා ගනීවි.