හිසකෙස් අග පැලීම නිසා ඔබත් ආතතියට පත්වෙලාද..එසේනම් මේ පහසු ක්‍රම 6 අත් හදා බලන්න.

June 30, 2021
18,076
Save your hair from split ends
සෑම කාන්තාවක්ම නීරෝගී කෙස් කළඹක් අපේක්ෂා කරනවා.. නමුත් හිස කෙස් අග පැලීම කාන්තා ඔබ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස හැදින්විය හැකියි.. කොතරම් ප්‍රථිකාර කළත් කිසිම වෙනසක් නොවීම නිසාම ඇතැම්විට ඔබ අසහනයට පත්වී ඇති.. නොයෙක් ප්‍රථිකාර ක්‍රම, යෙහෙළියන්ගේ උපදෙස් ආදී සියල්ලෙන්ම පීඩාවට පත් වුණ ඔබට පහසුවෙන් නීරෝගි කෙස් කලඹක් ලබා ගැනීමට මේ පහසු පියවරයන් 6 උපකාරී වේවි.. ඔබත් අත් හදා බලන්න.. වෙනස ඔබව පුදුමයට පත් කරාවි.

කෙස් අග පැලීමට හේතු..
- අධික උෂ්ණත්වයට නිරාවරණය වීම
- කෙස්කළඹ අධික ලෙස වියළීමෙන්
- විවිධ වූ හිසකෙස් විලාසිතාවන් හේතුවෙන්
- විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන හිස ගැල්වීමෙන්
- ගැට ගැසුණු හිස්කෙස් තදින් පීරීමෙන්
- හිසකෙස් තදින් ගැටගසා නින්දට යාම වැනි හේතුන් බලපානු ලබනවා

හිසකෙස් අග පැළීම වැළැක්වීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග

හිසකෙස් අග කැපීම

සෑම සති 5කට 7කට වරක් හිස කෙස් අග සුළු ප්‍රමාණයක් කපා ඉවත් කිරීමෙන් හානි වූ අග කොටස් ඉවත් කර අලංකාර කෙස් කළබක් පවත්වාගෙන යා හැකියි.

2. ඔබගේ ආහාර රටාව පිළිබද සැලකිලිමත් වන්න
බොහෝ විට කෙස් අග පැළීමට දුර්වර්ණ වීමට සහ අප්‍රාණික වීමට හේතුවන්නේ නිසි පෝෂණයක් නොලැබීමයි. විශේෂයෙන් බයෝටින් සහ ෆෝලික් අම්ලය මගින් හිසකෙස් සඳහා නිසි පෝෂණය ලබාදීම සිදුවන අතර හිසකෙස් වර්ධනයටත් ඝනකම් කෙස් කළඹක් ලබාදීමත් සිදුවනවා. එමනිසා බිත්තර, නිවිති, ධාන්‍ය, බතල, මාලු වැනි ආහාර ඔබගේ දෛනික ආහාරයට එක්කර ගන්න.

3. හිසකෙස් සඳහා භාවිතා කරන නිශ්පාදන පිළිබද සැලකිලිමත් වන්න
හිසකෙස් පිරිසිදු කිරීමට, හිස් හොරි ඉවත් කිරීමට ඇති බොහෝ ශැම්පු වර්ග කන්ඩිශනර්, මාස්ක් වැනි දෑ හි ඉතා ඉහල රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් අන්තර්ගත වනවා.. එවැනි ආලේපන දීර්ඝ කාලයක් භාවිතා කිරිමෙන් කෙස්කළඹ අධික ලෙස වියළීමට, කැඩී යාමට සහ හිසකෙස් අග පැලීයාමට ලක්වනවා.. එබැවින් සෑම විටම ඔබ හිසකෙස් සඳහා තෝරා ගන්නා අලේපන පිළිබදව දැඩිව අවධානය යොමු කල යුතුයි. සෑමවිටම ස්වාභාවික අමුද්‍රව්‍ය මත පදනම් වූ ආලේපනයන් තෝරා ගත යුතුයි.. එය ඔබගේ කෙස් කළඹේ ආරක්ෂාව සඳහා ඔබගත යුතු වැදගත්ම පියවරක් වනවා.

4. හිසකෙස් වර්ණ ගැන්වීමෙන් වළකින්න
හිසකෙස් වර්ණ ගැන්වීමට භාවිතා කරන ආලේපනයන්හි හිස්කෙස් සඳහා අහිතකර බලපෑම් එල්ල කරවන රසායන ද්‍රව්‍ය අන්තර්ගත වනවා.. එමගින් හිසහෙස් අඩපණ වීම, වියළිම සහ අස්ථාවර වනවා.. එබැවින් ඔබට ඇතැම් විට අපහසු වුවත් හිසකෙස් වර්ණ ගැන්වීමෙන් වැළකී සිටීමට හැකිනම් හිසකෙස් ආරක්ෂා කරගත හැකියි.

5. හිසකෙස් අධික උෂ්ණත්වයට නිරාවරණයෙන් වළකින්න

ස්ටේට්, රීබොන්ඩින්, පර්ම් ආදී විවිධ හිසකෙස් විලාසිතා සිදු කිරීමේදි සහ හිසකෙස් වියළනයන් මගින් හිසකෙස් වියළීමේදී හිසකෙස් අධික උෂ්ණත්වයකට නිරාවරණය වනවා.. එහිදී හිසකෙස් කැඩී යාම සහ අධික ලෙස වියළීම සිදුවනවා.. එමනිසා හැකිනම් එවැනි දෑ මගහැරීමෙන් ඔබට කෙස් කළඹ ආරක්ශා කරගත හැකි වනවා..





6. ඔබගේ කෙස් කළඹ මෘදු ලෙස හසුරවන්න
ඔබගේ කෙස් කළඹ හැසිරවීමෙදී සහ විවිධ විලාසිතා සිදු කිරීමේදී හැකිතාක් මෘදු ලෙස කෙස් කළඹ හසුරවන්න.. හිසකෙස් දැඩි ලෙස වියළී හෝ කැඩී යනවා නම් ස්නානයෙන් අනතුරුව හිසකෙස් වියළනය භාවිතා නොකොට තුවායක් භාවිතා කොට හිසකෙස් වියළා ගන්න. හිසකෙස් තද කරවන විලාසිතා, විවිධ කොණ්ඩ කටු, පෝනිටේල් ආදිය භාවිතයේදී ප්‍රවේශම් වීමද ඉතා වැදගත් වනවා.

කාන්තා ඔබගේ සුන්දරත්වය සඳහා කෙස් කළඹ ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනු ලබනවා.. ඉතිං ඔබත් ඔබගේ හිසකෙස් රැක ගැනීමට වඩාත් කැපවිය යුතුයි නේද.. උත්සාහ කර බලන්න… එවිට අනිවාර්‍යෙන්ම හිස කෙස් අග පැලීමෙන්, දුර්වර්ණ වීමෙන් තොරවූ නිරෝගී ශක්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබටත් හැකිවනවා නොඅනුමානයි..!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2005 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:12:46 AM
Script:/article/2005/save-your-hair-from-split-ends.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:12:46 AM
Script:/article/2005/save-your-hair-from-split-ends.html