එක රැයින් ඔබේ රුව වඩවන මී පැණි රූපලාවණ්‍ය සත්කාර මෙන්න

November 21, 2020
16,488
Honey beauty remedies
මී පැණි කියන්නේ කාන්තාවන්ගේ සමට විශිෂ්ට ඖෂධයක්. මොකද ඒක ස්වාභාවිකව තෙතමනය රඳවන දෙයක්. මේකෙන් අදහස් කරන්නේ සමේ තෙතමනය රැක ගෙන ආකර්ෂණිය රැවක් අත් කර දෙන්න මී පැණි සමත් කියලායි. විශේෂයෙන්ම මී පැණි ස්වභාවිකව බැක්ටීරියා නාශකයක් වන අතර කුරුලෑ වැළැක්වීමට සහ කුරුලෑ වලට ප්‍රතිකාරයක් ලෙස ද භාවිතා කරන්න පුළුවන්.

අද හැඩකාරී අපි ඔබට එක් රැයකින් මී පැණි වලින් සුන්දරත්වය වැඩි කගන්න පුලුවන් පුංචි ටිප්ස් කිහිපයක් ගැන කියලා දෙන්න හිතුවා....

වියළි දෙතොල් - ඔබට මෘදු සිනිඳු දෙතොල් යුගළයක් හිමි කර ගැනීමට අවශ්‍ය නම් නින්දට යාමට පෙර තොල් මත මී පැණි තුනී ස්ථරයක් ආලේප කරන්න.

කුරුලෑ - කුරුලෑ ඇති වන ප්‍රදේශයට මී පැණි ආලේප කරලා වෙළුම් පටියකින් ආවරණය කරන්න. එක රැයක් ඒක තියලා ඊළඟ දවසේ උදේ වතුරෙන් සෝදා හරින්න.

පැළුණු හිසකෙස් සඳහා - ඔලිව් තෙල් සමඟ මී පැණි මිශ්‍ර කරලා පැළුණු හිසකෙස් මත ගල්වන්න. මෙමඟින් කෙස් වල තෙතමනය රැක ගැනිමට සහ නීරෝගි කෙස කලඹක් ලබා ගන්න ඔබට පුලුවන්. ඉතින් මේ සත්කාරය මඟ හරින්න එපා.

දිලිසෙන සම - පිරිසිදු කෝමාරිකා ජෙල් සමඟ මී පැණි ටිකක් මිශ්‍ර කරන්න. ඔයා නින්දට යන්න කලින් මෙම මිශ්‍රණය ඔයාගේ මුහුණේ ආලේප කරන්න. වෙනස වටහා ගන්න.

හිසකෙස් සිනිඳු කිරීමට - මී පැණි chamomile tea සමඟ මිශ්‍ර කරන්න. ඔයාගේ කොණ්ඩය මත මිශ්‍රණය ආලේප කරලා හිසකෙස් ආවරණය කිරීම සඳහා ෂවර් කැප් එකක් භාවිතා කරන්න. එක රැයක් තියලා උදේට සෝදා හරින්න.

කැළැල් - සමේ කැළැල් මත මී පැණි තුනී ස්ථරයක් අලේප කරන්න. එක රැයකින් පස්සෙ සෝදා ඉවත් කරන්න.

බ්ලැක්හෙඩ්ස් - ලෙමන් යුෂ සමග මී පැණි මිශ්‍ර කරන්න. නින්දට යාමට පෙර බ්ලැක්හෙඩ්ස් ඇති ප්‍රදේශවලට අලේප කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1912 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:12:48 AM
Script:/article/1912/honey-beauty-remedies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:12:48 AM
Script:/article/1912/honey-beauty-remedies.html