නොයෙක් ආලේපන වර්ග නිසා වගේම වයස නිසාත් මුහුණේ සම එල්ලා වැටෙන ස්වභාවයක් අරගෙනද? ශරීරයේ අනිකුත් ස්ථාන වගේ නෙමෙයි, මුහුණේ සම හරිම සිනිදුයි. ඒ වගේම කව්රුත් ඉස්සෙල්ලම බලන්නේ අපේ මුහුණ දිහානේ. මේ කාරණා නිසා පිරිපුන්, තරුණ පෙනුමක් ඇති මුහුණක් හිමි වෙනවට අපි කව්රුත් කැමතියි.
ඉතින් ඒ වෙනුවෙන් සැලෝන් පස්සේ දුවන්න ඕනෙද? අපෝ නෑ ගෙදර ඉඳලාම, ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා ඔබට ලස්සන වෙන්න පුළුවන්. ඒ කොහොමද කියලා අපි දැන් බලමු.
අවශ්ය වන්නේ බිත්තර සුදුමදයක්, ලෙමන් යුෂ සහ හොඳ මි පැණි පමණයි.
ඒ කාලේ ඉඳන්ම බිත්තර සුදුමදය රූපලාවන්ය කටයුතු වලට භාවිතා කරලා තියෙනවා. ඒ එහි ඇති සමෙහි රැලිවටීම් අඩු කරලා සම ශක්තිමත් කරන්න පුළුවන් ගුණය නිසා.
ඒ වගේම ලෙමන් පාවිච්චි කරන්නේ සම මත ඇති අනවශ්ය මේදය ඉවත් කරන්නත්, විෂබීජ නාශකයක් වශයෙනුත්. මී පැණි පාවිච්චි කරන්නේ හමේ Ph අගය පවත්වාගන්න වගේම හමේ තෙතමනය රැකගන්න.
ඉතින් මේ ගුණාංග ඔක්කොම එකට මිශ්‍ර කලහම ඔබේ සමට කොයිතරම් නම් සත්කාරයක් ඔබ කරනවා කියලා හිතා ගන්න පුළුවන් නේද?
ඉස්සෙල්ලම මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න. ඊට පස්සේ බිත්තර සුදු මද එකක්
මී පැණි තේ හැඳි 1ක් ලෙමන් ගෙඩි බාගයක යුෂ එක්ක හොඳින් මිශ්‍ර කරන්න.
මේ තුනම හොඳින් කලවම් වුනාට පස්සේ, ඇඟිලි තුඩු අඟින් හරි එහෙමත් නැත්නම් makeup brush එකකින් හරි මුහුණ මත ආලේප කරන්න. හැබැයි ඇස් වටා, තොල් මත ආලේප කරන්න එපා. මේක සමට හොඳින් ඇලෙනකල් විනාඩි 20ක් තියන්න.
මේ මිශ්‍රණය සම මත හොඳින් වෙලුනාට පස්සේ, සිතල වතුරින් සෝදලා ඉවත් කරන්න.
පස්සේ මුහුණේ තෙත මාත්තු කරලා, මොයිචරයිසර් එකක් ගලවන්න. මේ හදාගත්තු මිශ්‍රණය ඉතුරු වුනොත් ශීතකරණයේ තියලා දවස් 2ක් ඇතුලත නැවත භාවිතා කරන්නත් පුළුවන්.