ඔබේ දරුවාටත් ඔටිසම් රෝග අවධානමක් ඇතිද යන්න හඳුනාගත හැක්කේ දෙමවුපියන් වන ඔබටමයි. ඒ වෙනුවෙන් අපි මින් පෙරත් ළිපියක් ලියා තැබුවා. බොහෝ දෙමවුපියන් දරුවන්ගේ ලෙඩක් දුකක් හඳුනාගන්නේ දරුවන්ගේ හැසිරීමෙන්. නමුත් කිසිසේත් නොසිතන හැසිරීම් ලක්ෂන සමගින් පිටතට පෙන්වන රෝග ලක්ෂණත් තියෙන්නට පුළුවන්. මෙහෙම කිවුව ගමන් බිය නොවී අප පෙර තැබූ සටහනෙහි මෙම ඉතිරි කොටස කියවන්න. මේ සටහන දරුවාටත් ඔටිසම් රෝගය ඇතිදැයි සොයාගන්නට දෙමවුපියන්ට ප්‍රයෝජනවත් වේවි. කොහොම වුනත් මේ සියල්ල ගැන අවසන් තීරණයකට එන්නට පෙරාතුව වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යෙන්ම කළ යුතුමයි.
දරුවා තමුන්ගේ නමට හෝ සුරතල් ආමන්ත්‍රණයකට පිළිතුරු නොදීමද ඔටිසම් රෝග ලක්ෂණයක් ලෙසින් බොහෝ තැන්වල දැක්වෙනවා. එසේම භාෂාවේ දක්වන අඩු භාවිතය, කුඩා දරුවන් ආසා කරන අහස් යාත්‍රා, බලු සුරතලුන් වැනි දේ අත දිගු කොට නොපෙන්වීම වැනි දෙයින් පවා මෙම සන්නිවේදන ඌනතා හඳුනාගත හැකියි. එසේම ඔවුන් ඔබ නිවසින් බැහැරව යන අවස්ථාවක හෝ ඔවුන්ගෙන් ඈතට යන අවස්ථාවකදී ඔබ සිදුකරන අත වැනීමකට ඔවුන් ප්‍රතික්‍රියා දක්වනවාද යන්නෙනුත් ඔබට එය නිරීක්ෂණය කළ හැකියි.
දරුවන් වෙනත් භාන්ඩ සමග දක්වන හැසිරීම ඔවුන්ගේ හැසිරීම් නිර්ක්ෂනය කරන්නට හොඳ තත්ත්වයක්. ඒ ලෙසින් ගත් කළ දරුවන්ට කිට්ටුම දේ වෙන්නේ ඔවුන් නිතර පාවිච්චි කරන සෙල්ලම් බඩු. ඒ නිසා දරුවන්ගේ සෙල්ලම් බඩු හා තියෙන සහසම්බන්ධය ඔටිසම්වලට රෝගී ලක්ෂණ හොයාගන්නට හොඳ උදවුවක්. උදාහරණයක් විදියට ඇතැම් දරුවන් සෙල්ලම් බඩුවක් ගෙනැවිත් දුන්නට පස්සෙ ඒකත් එක්ක සෙල්ලම් කරනවාට වඩා එහි යාන්ත්‍රණය කුමක්ද කියා සොයා බැලීමට උත්සුක වෙනවා. ඇතැම් විටෙක එය ඔටිසම්වල මූලික ලක්ෂණයක් ලෙසින්ද දැක්වෙනවා. ඒ වගේම ලැජ්ජාව නිසා තනිව සෙල්ලම් බඩුවකින් සෙල්ලම් කිරීමත් මූලික ලක්ෂණයක්. සාමාන්‍යයෙන් නම් දරුවෙක් තමන් හා සෙල්ලම් කරන්නට තමන්ගේ අම්මා තාත්තාට හෝ සහෝදර සහෝදරියන්ට කතා කරන තත්ත්වයෙන් මෙම රෝගයේ මූලික ලක්ෂණ වෙනස් වෙනවා. කොහොම නමුත් කුඩා කාලයේදී මෙය සාමාන්‍යයෙන් දැකිය හැකි වුවත්, වයස අවුරුදු 7 තරම් දරුවා වැඩුනු කාලයේදී මෙය දකින්නට හැකිනම් එය භයානක තත්ත්වයක් බව සිතට ගත යුතුයි.
දරුවන් කුඩා කාලයේදී නොයෙක් ක්‍රියාවන් නොයෙක් වූ ආකාරයෙන් ඇඟවීම් කරන්නට බොහෝ ලැදියාවක් දක්වනවා. එනිසා ස්පොන්ජ් කෑල්ලක් කනේ තබාගෙන කෝල් එකක් ගන්නට, සෝෆාව උඩ නැගී මෝටර් රථයක් පදවන අයුරු පෙන්වන්නට ඔවුන් උත්සාහ කරන්නට ඉඩ තිබීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් මෙවැනි ක්‍රියාකාරකම්වල නියැලෙන්නේ නැති දරුවෙකු නම් ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණවලට හිමිකම් කියන බව කිව යුතුමයි. සාමාන්‍යයෙන් දරුවා අවුරුදු එකහමාර වන විට මෙවැනි ඇඟවීම් හරහා සිදුකරන ක්‍රීඩාවලට මුළපිරීමක් සිදු නොවුනේ නම් එය ඔටිසම් අවධානමක් විය හැකියි. එනිසාම වෛද්‍යවරයා හමුවී මේ ලක්ෂන පිළිබඳව පවසන්න.
අප මේ කියන්නට යන්නේ දරුවාගේ වයස අනුව වෙනස් විදිවලින් දැක්විය හැකි වෙනස්කම් කිහිපයක්. මෙම තත්ත්වය නිරීක්ෂණය කළ හැක්කේ තරමක් වැඩුනු දරුවන්ගෙන් පමණයි. අවුරුදු 6ට වඩා වැඩි දරුවන් නිතරම එකම දෙයක් පිළිබඳ පවසනවා නම් (උදා - ක්‍රිකට් කණ්ඩායමක්, ස්මාට්ෆෝනයක් වැනි යමක්) එය ඔටිසම්වල ලක්ෂණයක් ලෙසින් දැක්වෙනවා. මෙම තත්ත්වයම කුඩා දරුවන්ගේද වෙනත් අයුරකින් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් සැමවිටම තෝරාගන්නේ එකම සෙල්ලම් බඩුවද, ඔවුන්‌ට ඇත්තේ එකම විනෝදාංශයක්ද කියා සෙවීමෙනුත් මෙම නිරීක්ෂණය සාර්ථකව සිදු කළ හැකියි.