දරුවන් ඉදිරියේ මේ දේවල් නොකරන්න හැම මවක්, පියෙක්ම වගබලා ගත යුතුයි

February 8, 2018
6,512
Parents should keep these in mind about their children
දරුවෝ කියන්නේ අපිට තියෙන වටිනාම සම්පත. දරුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඕනෑම අම්මා තාත්තා කෙනෙක් පෙළඹෙන්නේ ඒ නිසයි. ඒත් අපි දුර දිග නොබලා කරන සමහර වැරදි දරුවන්ට හානි කරන්න හේතු වෙනවා. ඒ මොනවද කියලා හරියටම දැන ගත්තොත් ඔයා අතින් නොදැනුවත්ව හෝ දරුවන්ට වෙන්න තියෙන මේ හානිකර තත්ත්වයන් වලක්වා ගන්න පුළුවන්.

පිට අය ඉදරියේ දරුවන්ට බැන වදින්න, දොස් පවරන්න එපා. මේ වැරැද්ද නම් ගොඩාක් අම්මලා තාත්තලා කරන ලොකු වැරද්දක්. දරුවෝ කරන සමහර වැරදි වලට තැනක් නොතැනක් නැතිව බැන වදිනවා. සැර කරනවා. එත් එක කිසි ලෙසකින් අනුමත කල නොහැකියි. විශේෂයෙන් පිට අය ඉදිරියේ දරුවන්ට ඒ විදියට කතා කිරීම නිසා දරුවෝ ලැජ්ජාවට පත් වෙනවා. ඒ වගේම ඒ නිසා දෙමව්පියන් ගැනත් තරහක්, කලකිරීමක් දරුවන් තුල ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා දරුවන් සම්බන්ධ දේවල් වලදී තීන්දු තීරණ ගනිද්දී, ඒ සම්බන්ධව කටයුතු කරද්දී අතිශය සැලකිලිමත් විය යුතුයි. අඩුම තරමේ නිවසේ අනිත් අය ඉදිරියේ වත් දරුවා අපහසුතාවයට පත් කිරීමෙන් වලකින්න. දරුවෝ කරන වැරදි වලදී පෞද්ගලිකව දරුවා එක්ක කතා බහ කරලා වැරැද්ද පෙන්වා දෙන්න.

දරුවන් ඉදිරියේ ඔබ දෙපලගේ ගෞරවය ආරක්ෂා කර ගන්න. දරුවෝ වැඩ කරන්නේ අනිත් අය දිහා බලලා. දරුවෝ ඉගෙන ගන්නේ ඔවුන්ට අහන්න දකින්න ලැබෙන දේවල් වලින්. ඒ නිසා හැම වෙලාවකම එකිනෙකාගේ ගෞරවයට හානි නොවෙන විදියට වැඩ කරන්න මතක තියා ගන්න. දරුවන් තමන්ගේ දෙමව්පියන්ට ගෞරව කරන්න පෙළඹෙන්නේ අනිත් අය දිහා බලලා. ඒ නිසා දරුවෝ ඉදිරියේ වැඩ කටයුතු කරද්දී දෙමව්පියන් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.

දරුවන් සිටින තැන් වලදී ඔවුන්ට නුසුදුසු, ළමා මනසට නොගැළපෙන චිත්‍රපට, ටෙලිනාට්‍ය, ආදිය නරඹන්න එපා. දරුවන්ට ඒ දේවල් නැරඹීම තහනම් කරනවට වඩා මව පියා ඒ දේවල් වලින් වැලකි සිටිනවා නම් වඩාත් හොඳයි. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නේ නිකන් නෙවෙයිනේ.

ඒ වගේම දරුවන් ඉදිරියේ නෑදැයින්, හිතවතුන් ආදී කිසිවෙකුගේ වැරදි කතා කරන්න එපා. කුඩා වයසේදීම දරුවන්ගේ මනසට වැරදි අදහස් එකතු කරන්න එය හේතුවක් වෙනවා. අනෙක් අයට ගරු කරනවා වෙනුවට ප්‍රතික්ෂේප කිරීම්, නොසලකා හැරිම, චෝදනා ආදියට දරුවන් පුරුදු වෙන්න ඉඩ තියෙනවා.

කුඩා වයසේදීම දරුවන්ගේ මනසට තරඟකාරීත්වය හුරු කරන්න එපා. තමන්ගේ වයසේ අනෙක් දරුවක් එක්ක මිතුරු වෙනවා වෙනුවට දරුවන් එකිනෙකා අතර තරහව ක්‍රෝධය, අනෙකා පරාජය කිරීමේ හැඟීම් ඇති වෙන්න එය හේතුවක් වෙනවා. ඒ නිසා කුඩා වයසට තරඟකාරීත්වය කියන්නේ හොඳ දෙයක් නෙවෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 655 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:43 AM
Script:/article/655/parents-should-keep-these-in-mind-about-their-children.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:44 AM
Script:/article/655/parents-should-keep-these-in-mind-about-their-children.html