රුව වඩවන මේ ආහාර වර්ග දිනපතා ආහාරයට එකතු කර ගන්න

May 23, 2019
20,035
Eat these everyday to be beautiful
යුවතියන් ස්වභාවයෙන්ම තමන්ගේ රූප ස්වභාව ගැන ඉතාමත් සැළකිමත්. යුවතියන් විශේෂයෙන්ම තව කෙනෙක්ට වැඩියෙන් කැපිලා පෙනෙන්න කැමති. දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ වන බව පර්යේෂණ වලින් සනාථ කර ගෙන තියෙනවා. අද හැඩකාරී අපි ඔයාට රුව වඩවන මේ ආහාර වර්ග දිනපතා ආහාරයට එකතු කර ගන්නා විට ශරීරයට ලැබෙන වාසි ගැන මේ ලිපියෙන් කතා කරනවා.

කැරට් 

කැරට් ශරීර සෞඛ්‍යයට ගුණදායකයි. කැරට් වල අඩංගු විටමින් C, විටමින් A, පොටෑසියම් සහ කැලරි අවම වීම නිසා විශේෂයෙන්ම ඇස්, සම, දත් සහ ආහාර ජීර්ණ පද්ධතියට සුවදායක කරනවා. කුරුලෑ ඇතිවීම, සම වියළීම වලක්වනවා වගේම පැහැපත් සමක් අත් කර ගන්නටත් පුළුවන්. කෙට්ටු වෙන්න උත්සහ කරන කෙනෙක් නම් කැරට් යුෂ පානය කිරිමෙන් සැහැල්ලු හැඩකාර සිරුරක් ලබා ගන්න පුළුවන්.
 
තක්කාලි 

තක්කාලි යුෂ වල විටමින් C සහ විටමින් A තියෙන නිසා ඔයාගේ මුහුණේ අනවශ්‍ය තෙල් ඉවත් කරන අතර ඔයාගේ සමට පෝෂණය ලබා දෙනවා. පොඩි තක්කාලි අරගෙන අඹරාගෙන ඔයාගේ මුහුණේ Blackheads ඇති තැන් වලට තක්කාලි යුෂ තියා විනාඩි 15 කට පසු සිසිල් ජලයෙන් සෝදන්න. තක්කාලි යුෂ මගින්  ඔයාගේ මැරුණ සම සහ Blackheads ලේසියෙන්ම අයින් කර ගන්න පුළුවන්.

ගෝවා මල් 

ගෝවා මල් කියන්නේ අපි හැමෝම කන්න ආසම කෑමක්. ගෝවා මල් වල විටමින් C සහ විටමින් E අඩංගු වෙනවා. ගෝවා මල් වල අපේ ශරීරයේ ඇති විෂ නසන ගුණයක් තියෙනවා. ගෝවා මල් වලින් පැහැපත් සමක් වගේම නිරෝගී කෙස් කලඹක් ලැබෙනවා.

මි කිරි 

නිරන්තරයෙන් හිරු එළියට නිරාවරණය වීම නිසා කුරුළෑ අසාදන ඇති වෙන්න පුළුවන්. එ වගේම සමේ පැහැය ඉක්මනින් දුර්වර්ණ වීමට වැඩි අවස්ථාවක් තියෙනවා. මෙයට විසඳුමක් ලෙස මි කිරි භාවිතා කරන්න පුලුවන්.  මුහුණට අවශ්‍ය කරන තෙතමනය අවශ්‍ය පරිදි පාලනය කර ගන්න පුළුවන්. මුහුණට නව පෙනුමක් සහ කළු ලප කැළැල් ඉවත් කර ගැනීමටද මී කිරි හොඳ සත්කාරයක්.

දොඩම් 

දොඩම් වල වැඩි පුරම තියෙන්නේ විටමින් C ඉතින් සම පැහැපත් කර ගන්න දොඩම් බහුලවම භාවිතා කර ගන්නවා. සමේ මැරුණු සෛල ඉවත් කර නැවත අළුත් සෛල නිෂ්පාදනය වේගවත් කිරීමට දොඩම් වලට හැකියාව තියෙනවා. ඔයාට නිරෝගී පැහැපත් සමක් ලබා දීමට දොඩම් වලට පුළුවන්. 

ගස්ලබු 

විටමින් සී බහුල පලතුරක් වන ගස්ලබු කුසගිනි වඩවන පලතුරක්. සමේ තෙතමනය පවත්වා ගැනීමට, සිනිදු සහ මෘදු සමක් ලබා ගැනීමට, සමේ අවපැහැය ඉවත් කර දීප්තිය ඇති කර ගැනීමට, සම වයසට යැම අවම කිරීමට සහ හිසකෙස් සිහින් වීම වළක්වා නිරෝගීව මෙන්ම ශක්තිමත්ව වර්ධනය වීමටද උපකාරී වෙනවා.

අද කාලයේ තරුණියන් මිල අධික රූපලාවණ්‍ය සත්කාර වලට යොමු වෙලා තියෙනවා. නමුත් සමහර රූපලාවණ්‍ය සත්කාර වලින් නිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැතිව ඇති. නිතර දෙවේලේ හමු වන එදිනෙදා පහසුවෙන් හොයාගන්න පුලුවන්, පහසුවෙන් ආහාරයට ගන්න පුලුවන් මේ ආහාර නිතර ආහාරයට ගැනීමෙන් ඔයාටත් නොදැනීම ඔයාව ලස්සන කරාවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed