විවාහ අපේක්ෂාවෙන් ඉන්න තරුණියන්ගේ තියෙන දැවෙන ප්‍රශ්න

May 17, 2018
7,265
Fears a girl has about marriage
තරුණ වයසේ ඉන්න කෙල්ලෙක්ගෙන් මොකද්ද තියෙන ලොකුම බලාපොරොත්තුව, ආසාව කියල ඇහුවොත් ලස්සන වෙඩින් එකක් ගන්න එක කියලා අනිවාර්යෙන්ම කියනවා. මනමාලියක් වෙන්න මොන කෙල්ලද ආස නැත්තේ. ඒක හැම කෙල්ලෙක්ගේම හිතේ තියෙන ලස්සන හීනයක්. පොඩි කාලේදී මගුල් ගෙදරක ගියාම කට ඇරගෙන මනමාලි දිහා බල හිටිය මතක් ඇතිනේ. විවාහය ගැන හිනා දැක දැක මෙහම ආසාවෙන් හිටියට විවාහ වෙන දවස ලං වෙද්දී හැම කෙල්ලෙක්ගේම හිතේ ප්‍රශ්න කෝටියක් ඇති වෙනවා.

මංගල රාත්‍රිය මොන වගේ එකක් වෙයිද?

විවාහ අපේක්ෂාවෙන් ඉන්න තරුණියන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි මංගල රාත්‍රිය කියන්නේ. ගොඩක් දෙනෙක් ඒ දිනය ගැන බියක්, චකිතයක් ඇති කර ගන්නවා. ඒ චකිතය සාමාන්‍ය දෙයක්. මේ තරම් කාලයක් අම්මා, තාත්තාගේ සෙනෙහස ළඟ ඉඳලා ඒ අයගෙන් වෙන් වෙලා වෙනත් කෙනෙක් එක්ක තනිවම ජිවත් වෙන්න යද්දී එහෙම බියක් ඇති වෙන එක සාධාරණයි .

ඒ වගේම ඔයාට ලිංගික කටයුතු ගැන අත්දැකීම් මද වෙන්න පුළුවන්. ඒත් මංගල රාත්‍රිය කියන්නේ ලිංගික කටයුතු වලටම විතරක් සිමා වුනු දෙයක් නෙවෙයි .සැමියා, බිරිඳ දෙදෙනාම කායිකව, මානසිකව වගේම ආධ්‍යාත්මිකව එක් වෙන්නෙත් මේ දවසේදී. ඒ නිසා ඒ ගැන බියත් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. ඒ නිසා හැකිතාක් සැහැල්ලුවෙන් ඒ ගැන හිතන්න.

අතීතයෙන් මිදෙන්න බැරි වෙයිද?

ඔයා එක තැනක, හිත තව තැනක තියාගෙන නම් පුතෝ වැඩි කල් පවුල් කන්න බෑ. සාර්ථක හා ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ගෙවන්න නම් අනිවාර්යෙන් ඔයා අතීතයෙන් මිදින්න ඕන. විවාහ වීමත් සමඟ ඔයා පටන් ගන්නේ ඔබේ ජීවිතයේ අලුත්ම යුගයක්, අලුත්ම ජිවිතයක්. ඒ දිවියේ සතුට පවත්වා ගන්න නම් අතීතයේ සිදු වූ යම් යම් සිදුවීම්වල මතකයන්ට සමුදිය යුතුමයි.

ප්‍රශ්න නිසා වෙන් වෙන්න වෙයිද?

අතීතය වල දාන්න. ඒ වගේම කිසිම වෙලාවක ඒක ගොඩ ගන්නත් උත්සාහ කරන්න එපා. ඉස්සර වෙච්ච යම් යම් සිදුවීම්, තිබූ පෙම් පලහිලව් ,හිත් අමනාපකම් ඔක්කොම අමතක කරන්න වෙනවා. අතීතයේ ජිවත් වෙන කල් ඔයාට කවදාවත් යහපත් විවාහ ජිවිතයක් පවත්වා ගන්න බැහැ .පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා අවසානයේ දික්කසාදයෙන් විවාහය කෙලවර වෙන්න මේ හේතුව මුල් වෙනවා. ඔයා හීන දකින්නේ ඒවගේ අවසානයකට නෙවෙයිනේ.

මොන වගේ වැඩ කන්දක් කරන්න වෙයිද? කර ගන්න පුළුවන් වෙයිද?

විවාහයෙන් පස්සේ උදා වෙන පලවෙනි දවසේ ඉඳලාම ඔයාගේ කර මත ඇති විශාල යුතුකම් වගකීම් ගොඩක් පැටවෙනවා. පිටින් ඉඳන් බලාගෙන ඉඳලා ඒක ඉගෙන ගන්න තේරුම් ගන්න බැහැ. පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවා. විවාහ ජීවිතය කියන්නේ හරිම ඉවසීමෙන් සමබරව මුළු ජිවිත කාලෙම දෙන්න එක්ක යන්න ඕන ගමනක්. වගකීම්, යුතුකම් ගැන හොඳ අවබෝධයක් තියා ගන්න. හැකි පමණ ඒවා ඉටු කරන්න උත්සාහ කරන්න.

සැමියා වෙනතක් බලයිද?

මොන තරම් ආදරේ කරලා විවාහ වුනත් විවාහ වෙලා ටික කාලයක් යද්දී දෙන්න දෙපැත්තක් බලාගෙන යන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ බයක් තරුණියකගේ හිතේ ඇති වෙන එක සර්ව සාධාරණයි. ඒත් ඔයාගේ සැමියා එහෙම වෙයි කියලා අනිසි බයක් හිතේ තියාගෙන සැකෙන් ඉන්න හදන්න එපා. එයාව හැමදාමත් ඔයා ළඟම තියා ගන්න නම් එකට මහන්සි වෙන්නත් ඕන ඔයාමයි. ආදරය, සෙනෙහස දෙන්න, ලස්සන රැක ගන්න, ඔයා තරම් එයාට වෙන කවුරුත් ආදරේ කරන්නේ නෑ කියලා එයාට දැනෙන්න දෙන්න. තව මදි නම් ඔය මායම් කියලා 64කුත් දෙයියෝ දීලා තියෙන්නේ. මදි නම් ඒවත් ප්‍රයෝජනයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 818 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:29:17 PM
Script:/article/818/fears-a-girl-has-about-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:29:18 PM
Script:/article/818/fears-a-girl-has-about-marriage.html