Party එකකට යන්න ඉක්මනට රෙඩි වෙන්නේ මෙහෙමයි

March 6, 2019
18,222
How get ready fast to go for a party
Party එකක් කියන්නේ අපිට ඇත්තටම විශේෂ දෙයක් මොකද අපේ ලස්සන අනිත් අයට පෙන්නන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි ඒක. ඒ නිසා ඒ අවස්ථාවට අපිට පුළුවන් උපරිම විදිහට ලස්සන වෙලා යන්න තමයි අපි හැමෝම try කරන්නේ. හැබැයි කාන්තා පර්ශවෙට තියෙන ලොකුම චෝදනාව තමයි කවදාවත් party එකකට යන්න වෙලාවට ලෑස්ති වෙන්නේ නැහැ කියන එක. මේක ඉතින් බොරු චෝදනාවක් නෙවෙයි ඇත්ත එකක් කියලා අපි හැමෝම අත්දැකීමෙන් දන්නවනේ. අපි කොච්චර ලස්සනට ලෑස්ති වුනත් වැඩක් නැහැ වෙලාවට party එකට යන්න බැරිවුනොත් මුහුණ දෙන්න වෙන්නේ එක එක විදිහේ ප්‍රශ්න වලට. ඒ නිසා ආයෙත් එහෙම නොවෙන්න නියම වෙලාවට ලස්සනට රෙඩි වෙලා party එකට යන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.

01. ගෙදරද salon ද?

මේක තමයි ඔයා party එකකට යන්න තියෙන කොට තීරණය කරන්න ඕනේ පළවෙනිම දේ. ඔයාගේ වැඩ ටික ඔයාටම කරගෙන ලස්සනට ලෑස්ති වෙන්න පුළුවන් නම් ඔයාට පුළුවන් party එකට යන්න තනියම ගෙදරදීම ලෑස්ති වෙන්න. නැත්නම් ඔයාට වෙනවා මේකට හොඳ salon එකක් තෝරාගන්න. ඔයා නිතරම යන තැනක් හරි නැත්නම් හොඳට හොයලා බලලා select කරගත්ත salon එකට කලින්ම ගිහින් දවස සහ වෙලාව වෙන් කරගන්න. අනිවාර්යෙන් party එක පටන් ගන්න වෙලාවත් එක්ක බලලා ප්‍රශ්නයක් නොවෙන්න ගානට වෙලාවට ලෑස්ති වෙන්න පුළුවන් විදිහට වෙලාවක් වෙන් කරගන්න.

02. මොනවද අඳින්නේ?

party එක තියෙන වෙලාව, මොන විදිහේ party එකක්ද? ඔයාට ගැලපෙන්නේ මොන වගේ ඇඳුමක්ද වගේ හිතන්න පුළුවන් හැම දෙයක් ගැනම හිතලා ඔයාට ගැලපෙන හොඳම ඇඳුම කලින්ම ලෑස්ති කරලා තියාගන්න. එතකොට අන්තිම මොහොතේත් ඇඳුම් හොය හොය රට වටේ යන්න ඕනේ වෙන්නේ නැහැ. එතකොට ඇඳුමට ගැලපෙන සපත්තු jewellery වගේ දේවලුත් කලින්ම select කරලා තියාගන්න. එතකොට ඔයාට ඉක්මනට ලෑස්ති වෙන්න හරිම පහසුයි.

03. හොඳම දේවල් හරිම විදිහට

අපි අඳින්න තෝරාගන්න ඇඳුම අනුව අපිට අපේ සම ලස්සනට පෙන්න නම් සමේ තියෙන අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න වෙනවා. නැත්නම් මොන විදිහේ ඇඳුමක් ඇන්දත් ඔයා හිතන තරම් ලස්සනක් ඔයාගෙන් පෙන්නේ නැහැ. එතැනදී ඔයා අනවශ රෝම කූප ඉවත් කරන්නේ මොන විදිහටද කියන එකත් ගොඩක් වැදගත්. ඔයා අනවශ රෝම කූප ඉවත් කරන්න රේසර් කරනවා නම් ඔයා බලාපොරොත්තු වෙන ලස්සන සම ලැබෙන්නේ නැහැ වගේම රේසර් කරන්න ගියාම වැඩි වෙලාවක් ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩ ගොඩයි. කොච්චර වෙලාව අරන් රේසර් කරගෙන ගියත් හරියට රෝම කූප අයින් වෙන්නේ නැති නිසා පස්සේ ඉතුරු වුන රෝම කූප ඇනෙන්න පටන් ගන්නවා. රේසර් කරන්න අමාරු තැන්වල රෝම කූප ඉතුරු වෙලා තියෙන්න පුළුවන් එහෙම උනොත් වෙන්නේ ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න. ඒ නිසා පහසු සහ හොඳම දේ තමයි Veet කරන එක. ඔයා අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න Veet කරොත් ඔයාට ලස්සන පැහැපත් සුමුදු සමක් ලබාගන්න පුළුවන් වගේම ඕනෙම වේලාවකදී පහසුවෙන් ඉක්මනට රෝම කූප ඉවත් කරගන්න පුළුවන්.

04. වෙලාවට වැඩ පටන් ගන්න

Salon එකට යන්න තියෙනවා නම් ටිකක් කලින් ඔක්කොම ඇඳුම් පැළඳුම් ටික අරන් පිටත් වෙන්න. ගෙදර ඉඳන් තනියම ලෑස්ති වෙනවා නම් නියම වෙලාවට ලෑස්ති වෙන්න පටන් ගන්න. ඔක්කොම ටික කලින්ම ලෑස්ති කරලා තිබුනොත් ඉක්මනට ලෑස්ති වෙන්න හරිම පහසුයි. විනාඩි 10 ක් 15 ක් කලින් ලෑස්ති වෙන එක හොඳයි පරක්කු වෙනවට වඩා. ඒ නිසා වෙලාව එනකල්ම ඉන්නේ නැතුව ටිකක් කලින් ලෑස්ති වෙන්න පටන් ගන්න. එතකොට කලබලයක් අඩුපාඩුවක් නැතුව ලස්සනට වෙලාවට ලෑස්ති වෙන්න පුළුවන්.

ඔයා හැම දෙයක්ම හරියට match කරලා පිළිවෙලකට ලෑස්ති කරගෙන හිටියොත් ඉක්මනට ලෑස්ති වෙලා කලබලයක් නැතුව හිතේ නිදහසෙන් party එකට යන්න පුළුවන්. එතකොට ඔයාගේ ලස්සන ඇත්තටම අනිත් අයට දකින්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed