පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

February 12, 2017
52,090
Things Guys Notice When You First Meet
ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි කරලා දානවා. ගැහැණු වගේ වහෙන් ඔරෝ වැඩ කතා පිරිමින්ගේ නැහැ. මේ ගතිගුණ බොහෝ පිරිමින්ගේ තියෙනවා වුනාට, එහෙම නැති පිරිමිත් ඉන්නවා.

එදිනෙදා ජීවිතයේදී අපිට විවිධ විදිහේ පිරිමි මුණ ගැහෙනවා. පිරිමියෙක් දැක්කහම ගැහැණු ඉස්සෙල්ලාම බලන්නේ මොනවා දිහාද? ඒකට උත්තරයක් දෙන්න පුළුවන් ද?
පිරිමියෙක් ගේ ආකර්ෂණය ඉස්සෙලම දිනාගන්න ගැහැණියකගේ අවයව මොනවාද?ඔබට එක එක දේවල් හිතෙනවා ඇති..

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා...

1. සිනහව

හිතාගන්න අමාරුයි නේද? හැබැයි ගැහැණියකගේ ලස්සන හිනාවට තමයි මුලින්ම පිරිමියෙක්ගේ හිත යන්නේ. අවංක ලස්සන සිනහවකට පිරිමින් විශේෂ කැමැත්තක් දක්කවනේ එවැනි ගැහැණු එක්ක ඉතා ඉක්මනින් හිතවත්කමක් ඇති කරගැනීමට එය ඔවුන්ට ශක්ති ජනකයක් විදිහට කටයුතු කරන නිසා. ඉතින් හැම විටම අවංකව හිනා වෙන්න කව්ද දන්නේ, ඔබේ ඒ ලස්සන සිනහවට පිස්සු වැටෙන පිරිමියා කොයි මොහොතේ ඔබේ ඉදිරියට එයි ද කියලා.

2. ඇස්

කෙනෙක්ගේ ආත්මය කියාපාන කැඩපත ඔහුගේ හෝ ඇයගේ ඇස් දෙක කියලා කතාවක් තියෙනවානේ. ඉතින් 70%ක් ම පිරිමින්ගේ මුල්ම ආකර්ෂණයට ලක් වෙන්නේ ගැහැණුන් ගේ ඇස් දෙක ලු. ලස්සන ගැහැණු ඇස් වලට පිරිමි කැමති නිසාම ඇස් විරුද්ධ ලිංගිකයන් එකිනෙකාට ආකර්ෂණය කරන කාන්දම් වගේ ලු.

3. කොණ්ඩය

සැලෝන් එකට ගිහින් පැය ගානක් නාස්ති කරන එක අපතේ යන්නේ යන්නේ නෑ. ලස්සන නිරෝගී පෙනුමැති දිගු හිසකෙස් වලට පිරිමි හරිම කැමතියි. කාන්තාවකගේ හිසකෙස් වල පිළිවෙල ලස්සනට ඔවුන් මුලින්ම ආකර්ෂණය වෙනවලු. ඒ සෞඛ්‍ය සම්පන්න බවත් තරුණ බවත් එමගින් නිරුපනය වෙනවා කියලා ඔවුන් හිතන නිසා.

4. ශරීර බර

හිතා ගන්න බැරි වුනත් පිරිමි කාන්තාවක් දැක්ක ගමන්ම ඇගේ ශරීර බර ගැනත් සැලකිල්ලක් දක්වනවා. පිරිමි බොහොමයක් වැඩි කැමැත්තක් දක්වන්නේ පිරිපුන් ශරීර හිමි ගැහැනුන්ට ලු.

5. ලැම

මොන පිරිමියා වුනත් මුලින්ම බලන්නේ කාන්තාවන්ගේ ලැම දිහා කියලා කතාවක් තිබුනට ඒ ඇත්ත නෙමෙයි. පිරිමියෙක් ගැහැණියෙක් ගේ ලැම දිහා බලන්නේ ඇගේ සිනහව, ඇස් දිහා බැලීමෙන් අනතුරුවලු. තරුණ බවත් ජනක ශක්තියත් නිරුපනය කරන නිසාලු ගැහැණු ලැම ඔය තරම්ම පිරිමින් ආකර්ෂණය කරන්නේ. නමුත් ඉතින් එක එක්කෙනාගේ රුචිකත්වය එකිනෙකාට වෙනස් කියලත් කතාවක් තියෙනවනේ.

6. කෘතීම බව

ඔබ කොයි තරම් කෘතීම ද කියලා පිරිමින් ඉක්මනින්ම තේරුම් ගන්නවා. අද කාලේ බොහොමයක් දෙනා කෘතීම ඇස් පිහාටු, නියපොතු වගේ දේවල් පාවිච්චි කරනවා ලස්සන වැඩි කර ගන්න. ගැහැණුන්ගේ කෘතීම ලස්සන කියන්නේ පිරිමින්ට විය හියදම් වැඩි ගැහැනියක් කියන එක. ඒක නිසාම පිරිමි වැඩියෙන් කැමති ස්වභාවික ලස්සන ඇති ගැහැනුන්ට.

7. පාද

දිග, නිරෝගී පෙනුම ඇති ගැහැණු පාද දිහා පිරිමි මුලින්ම බලනවලු. ඒ වගේම ශක්තිමත් උකුලක් හිමි ගැහැණු වෙතත් පිරිමින්ගේ ඇස් යනවා. එයත් වැඩි ජනක ශක්තියත් නිරුපනය කරනවලු.

8. සම

පැහැපත් නිරෝගී සමක් දිහා මුලින්ම පිරිමි බලනවා ලු. ඉතින් සම නිරෝගිව සුමුදුව තියාගන්න මහන්සි වෙන එක හොඳයි.

9. ඇඳුම්

ගැහැණු අඳින පළදින විදිහත් මුලින්ම පිරිමින්ගේ ආකර්ෂණය දිනාගන්නවා. ඕනෙම දේක රහස් තනියම හෙළි කරගන්න පිරිමි කැමතියි. ඒ නිසාම නිරාවරණය වුණු ඇඳුම් වලට වඩා ශරීරය නිවැරදිව ආවරණය වන විදිහට විලාසිතා කරන ගැහැනුන්ට පිරිමි විශේෂයෙන් කැමතිලු.

මේ කාරනා කොහොම වුනත් කලින් සඳහන් කළා වගේ එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස්.

තොරතුරු : අන්තර්ජාලය ඇසුරෙන්


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   71,011
   26

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,593
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,501
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,015
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed