Mouthwash වලින් කරන්න පුළුවන් ඔබ නොදන්නා වැඩ ගොඩයි

May 2, 2017
8,264
07 Surprising Uses for Mouthwash You Didn't Know About
සාමාන්යෙන් අපි Mouthwash එකක් භාවිතා කරන්නේ අපේ මුඛ සෞඛ්‍ය රැකගන්න. මේ නිසා කවුරුත් හිතන්නේ නැහැ Mouthwash වලින් කරගන්න පුළුවන් වෙනත් වැඩ ගැන. ඇත්තටම අපි හිතනවට වඩා දෙයක් අපිට Mouthwash වලින් කරගන්න පුළුවන්. බලන්නකෝ ඔබත් මේ ටික දැනගත්තම ඇත්තටම පුදුමයට පත්වේවි.

1. දුගද නැතිකර ගන්න

ළුණු, සුදු ළුණු, මාළු, කරවල වගේ දේවල් කැපුවට පස්සේ අපේ අත් කොච්චර සබන් දාලා හේදුවත් සමහර වෙලාවට ගදයි. මේ වෙලාවට Mouthwash ටිකක් අතේ ගාලා මද වේලාවක් හොදින් අත්දෙක පිරිමදින්න. ඔබේ අතේ දුගද ඉවත් වෙලා තියේවී.

නෑවට පස්සේ රෙදි කැබැල්ලකට Mouthwash ටිකක් දමාගෙන ඔබේ කකුලේ යටිපතුල් වල අලේප කිරීමෙන් සපත්තු පැළදීම නිසා ඇතිවෙන දුගද නැතිකර ගන්න පුළුවන්.


2. කකුලේ සහ අත්වල ඇගිලි සහ නියපොතු පිරිසිදු කර ගැනීමට

විනාකිරි සහ Mouthwash සමාන ප්‍රමාණ වලින් අරගෙන හොදින් කවලම් කරගෙන දවසට දෙතුන් පාරක් ඇගිලිවල සහ නියපොතු වල අලේප කරන්න. සතියක් යනවිට ඔබටම බලාගන්න පුළුවන් ප්‍රථිපල.

3. හිස්හොරි වලක්වා ගැනීමට

වතුර සහ Mouthwash සමාන ප්‍රමාණ වලින් අරගෙන කවලම් කරගන්න. ඔබ භාවිතා කරන සාමාන්‍ය shampoo වර්ගය භාවිතා කර හිස සෝදාගන්න පසුව මෙම මිශ්‍රණය හිස් කබලේ අලේප කරන්න. විනාඩි 5 ක් පමණ තබා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.

4. මදුරුවන් සපාකෑම නිසා ඇතිවෙන කැසීම සමනය කිරීම

මදුරුවන් සපාකෑම නිසා ඇතිවෙන කැසීම පාලනය කරගැනීමට Mouthwash ස්වල්පයක් එම ස්ථානයේ ආලේප කරන්න. ඔබට ඉක්මණින්ම සහනයක් දැනේවි.

5. facial toner එකක් ලෙස භාවිතා කල හැකියි

Mouthwash වලට හැකියාවක් තිබෙනවා කුරුලෑ වැලැක්වීමට. මේ නිසා ඔබට පුළුවන් facial toner එකක් ලෙස Mouthwash භාවිතා කරන්න.

6. දහඩිය දුගද නාශකයක් ලෙස භාවිතා කල හැකියි.

ඔබේ කිහිලි ප්‍රදේශයේ Mouthwash ස්වල්පයක් අලේප කිරීම මගින් ඔබට පුළුවන් දහඩිය දුගද වළක්වා ගන්න.

7. උකුණන් මර්දනය කිරීමට

Mouthwash හොදින් හිසේ අලේප කර shower cap එකකින් හිස ආවරණය කර විනාඩි 15 ක් 20 ක් පමණ තිබෙන්නට හරින්න. පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 254 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:46 AM
Script:/article/254/07-surprising-uses-for-mouthwash-you-didnt-know-about.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:46 AM
Script:/article/254/07-surprising-uses-for-mouthwash-you-didnt-know-about.html