බිත්තියේ ඇති පැල්ලම් ලේසියෙන් මකා ගන්න පුළුවන් ක්‍රම

January 11, 2019
11,125
Easy ways to remove wall stains
ඔයාගේ ගෙදරත් පොඩි දරුවන් ඉන්න ගෙදරක් නම් බිත්ති වල කුරුටු ගී අඳින එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට දරුවාට බනින්න යන්න එපා. සමහර වෙලාවට කාලයත් සමගම ඔයාගේ ගෙදර අත් වල කිළුටු පැල්ලම්, පාවහන්වල කිළුටු පාරවල් ඇති වෙනවා. ඔයාට ඔයාගේ ගෙදරත් ඔයා වගේම ලස්සනට තියා ගන්න කැමති නිසා අද හැඩකාරී අපි ඔයාට ගෙදර අවලස්සන කරන පැල්ලම් ලේසියෙන් මකා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන කියලා දෙනවා.

සබන් කුඩු මගින් 

මද උණුසුම් ජලය ඇති භාජනයකට එක සමානව විනාකිරි ස්වල්පයකුත් සබන් කුඩු ස්වල්පයකුත් දමා එකට මිශ්‍ර කර බිත්තියේ පැල්ලම් ඇති ස්ථාන වල බ්‍රෂ් එකක් ආධාරයෙන් අලේප කර වක්‍රාකාරව සෙමින් අතුල්ලමින් සෝදා හරින්න. මෙම සබන් කුඩු ක්‍රමය ඉතාමත් පහසු වන අතර ඔයාගේ ගෙදරත් ලස්සනට තියා ගන්න පුළුවන්.

දන්තාලේප මගින් 

කුඩා පැල්ලම් පහසුවෙන් යවා ගැනීමට දන්තාලේප ක්‍රමය වඩාත් යෝග්‍යයි. බිත්ති මත ඇති කුඩා පැල්ලම් මත සුදු පැහැ ඇති දන්තාලේපනයක් අලේප කර මිනිත්තු 10කින් පසුව ගොරෝසු රෙදි කැබැල්ලක් ආධාරයෙන් පැල්ලම් මත සෙමින් අතුල්ලන්න. අවසානයට තෙමා ගත් රෙදි කැබැල්ලකින් දන්තාලේපනය ඉවත් කර ගන්න. ඔයාට අදහා ගන්න බැරි වෙන්නත් පුළුවන් බිත්තිය මත ඇති පැල්ලම තිබ්බ නැතක් හොයාගන්න බැරි වෙන්නම මැකිලා ගිහිල්ලා තියෙයි.
 
වැලි කඩදාසිය මගින්  

කාලයත් සමග බිත්ති වල ඈති වෙන සමහර පැල්ලම් බිත්තියෙන් උඩට ඇවිල්ලා ඝන වෙලා අතින් ඇල්ලුවමත් ඒ පැල්ලම අතට ඝනව දැනෙනවා.  මේ වගේ අවස්ථාවක පැල්ලම පසහුවෙන්ම මැකීමට නම් වැලි කඩදාසියක් අවශ්‍ය වෙනවා. ඔයා මතක තබා ගත යුතු කාරණාවක් තමයි වැලි කඩදාසිය මගින් සීරිමේදී  බිත්තියට හානියක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩේ පරිස්සමට කරන්න ඕනා. තවද මෙම ක්‍රමය මගින් මුළු පැල්ලමම ඉවත් කරන්න බැරි නිසා ඉතිරි පැල්ලම මැකීමට දන්තාලේපනයක් නැති නම් බේකින් සෝඩා භාවිතා කිරීම යෝග්‍යයි.

බේකින් සෝඩා මගින්

බිත්තියේ පැල්ලමක් ඇති අවස්ථාවක උණුසුම් වතුර භාජනයකට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව සදා ගත් මිශ්‍රණය පැල්ලම ඇති ස්ථානයේ අලේප කර ඝන රෙදි කැබැල්ලකින් හොඳින් අතුල්ලන්න. මේ ක්‍රමය මගින් ඔයාගේ ගෙදර ඇති හැම පෑල්ලමක්ම මකා ගන්න ඔයාට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1224 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:09:29 AM
Script:/article/1224/easy-ways-to-remove-wall-stains.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:09:29 AM
Script:/article/1224/easy-ways-to-remove-wall-stains.html