සම සඳහා ස්කින් කෙයාර් රූටීන් එකක් සකස් කරගන්නේ මේ විදිහටයි

November 20, 2021
15,698
This is how to make the best skincare routine
කාන්තා ඔබ ඔබගෙ සම සඳහා විවිධ රූපලාවන්‍ය නිශ්පාදන භාවිතා කරනවා.. නමුත් ඔබ එම නිශ්පාදන නිශ්චිත පිළිවෙලකට භාවිතා කරනවාද.. එසේ නොමැතිනම් සමේ රැකවරණය සඳහා ස්කින් කෙයාර් රූටීන් එකක් සකසා ගැනීමට අදහසක් තිබුණත් එය කෙසේ ආරම්භ කරනවාද ඒ සඳහා නිෂ්පාදන කීයක් භාවිතා කිරීමට සිදු වේද..? ගැලපෙන නිශ්පාදන මොනවාද? එම නිෂ්පාදන යෙදිය යුත්තේ කුමන අනුපිළිවෙලකටද? එම නිශ්පාදනයන්ගෙන් සමට සිදුවන්නේ කුමක්දැයි යන ගැටළු ඔබටත් ඇති..

ස්කින් කෙයාර් රූටින් එකක් කියන්නේ මොකක්ද?

චර්ම රෝග විශේෂඥයන්ට අනුව ස්කින් කෙයාර් රූටීන් එකක් යනු සම පිරිසිදු කිරීම (cleanse), ප්‍රථිකාර කිරීම (treat) සහ මොයිස්චරයිස් කිරීම (moisturizing) යන පියවර තුනයි. පිරිසිදු කිරීම සහ මොයිස්චරයිස් කිරීම පිළිබඳව ඔබ දැනටමත් දන්නවා ඇති.. සමට ප්‍රථිකාර කිරීම යනු විටමින් සී, රෙටිනෝල්, ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය වැනි සමට සත්කාරයක් වන දෑ අඩංගු ආලේපන භාවිතා කිරීමයි.

ආලේපන තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා

එක් එක් පුද්ගලයාට අනුව සම වෙනස් වනවා.. එය වියලි, තෙල් සහිත හෝ සාමාන්‍ය ලෙස හඳුන්වන අතර එමගින් ඔබගේ සම කුමන ඛාන්ඩයට අයත් වනවා දැයි හඳුණාගත යුතුයි.

වයස අනුව සම වෙනස් වන බැවින් වයස් ඛාණ්ඩයන්ට අනුව ආලේපන තෝරා ගත යුතුයි.


දිවා කාලයට සුදුසු සම රැකවරණ පියවර

1. Cleanse - සම ආරක්ෂාව සඳහා ඇති පළමු පියවර සම හොඳින් පිරිසිදු කිරීමයි. ඒ සඳහා සමට ගැලපෙන, රසායන ද්‍රව්‍ය අවම ලෙස අන්තර්ගත මෘදු ක්ලෙන්සර් වර්ගයක් තෝරා ගත යුතුයි.

2. Tone - සම ක්ලෙන්ස් කිරීමෙන් පසු ඔබට සමේ pH අගය සමබර කිරීම සඳහා ටෝනර් වර්ගයක් භාවිතා කල හැකියි.. එය අත්‍යවශ්‍ය නොවන අමතර පියවරකි. ඔබේ සම කුරුලෑ සහිත සමක් නම් ටෝනර් වර්ගය ඒ සඳහා විශේෂ වර්ගයක් විය යුතුයි.. එසේ නොමැතිව ඔබගේ සම අධි සංවේදි හෝ වියළි සමක් නම් hydrating ටෝනර් වර්ගයක් තෝරාගත යුතුයි.

3. Vitamin C Serum
චර්ම රෝග විශේෂඥයන්ට අනුව බාහිර පරිසර සාධක හේතුවෙන් සමට වන හානිය අවම කිරීමට විටමින් C අඩංගු සීරම් එකක් දිවා කාලයේදි භාවිතා කිරීම සුදුසු වනවා.. විශේෂයෙන් ඔබ hyperpigmentation හෙවත් අඳුරු ලප ඇතිවීමෙන් පීඩා විදිනවා නම් එය මගහැරීමටත් විටමින් C උපකාරි වනවා.

4. Eye Cream
ඇස් වටා සංවේදි සම නොයෙක් හේතූන් නිසා රැළි වැටුණු සහ අවපැහැවීම සිදුවනවා.. එමනිසා ප්‍රමිතියෙන් යුත් ඇස්වටා ගල්වන ආලේපනයක් භාවිතා කල යුතුයි.. ඔබගේ සුළැඟිල්ල භාවිතයෙන් ඇස් වටා මෘදුව ක්‍රීම් වර්ගය ආලේප කල යුතුයි.

5. Moisturizer
මොයිස්චරයිසර් මගින් සමේ තෙතමනය සුරකින අතර සම වියළීමෙන් වළක්වාලනවා.. විශේෂයෙන් දිවා කාලයේ භාවිතයට සැහැල්ලු මොයිස්චරයිසර් වර්ගයක් තෝරාගත යුතුයි.

6. Sunscreen
සමේ රැකවරනය සඳහා ඔබ ගත යුතු වැදගත්ම පියවරකි.. සම ඉක්මනින් වයසට යාමට හේතුව වන්නේ හිරු එළියට නිරාවරණය වීමයි.. එමනිසා සමට ගැලපෙන් හිරු ආවරණ ක්‍රීම් වර්ගයක් භාවිතා කල යුතු වනවා.


රාත්‍රී කාලයට සුදුසු සම රැකවරණ පියවර

නින්දේදි ඔබගේ සම අලුත්වැඩියාව සිදුවන බැවින් සම සඳහා ප්‍රථිකාර කිරීමට සුදුසුම කාලය වන්නේ රාත්‍රී කාලයයි. එමනිසා ඔබේ සමට හැකි තරම් පෝෂ්‍ය පදාර්ථ හා ක්‍රියාශීලි ද්‍රව්‍ය ලැබෙන බවට වග බලා ගැනීමට රාත්‍රී කාලය සුදුසුම වේලාවයි. නමුත් සම පිරිසිදු කිරීම, මොයිස්චරයිසින් කිරීම වැනි මූලික පියවර අනුගමනය කල යුතු වනවා.

1. Cleanse
දිවා කාලයේදි ඔබ මුහුණේ ආලේප කල රූපලාවන්‍ය ආලේපන සහ මුහුනේ සමෙහි තැන්පත් වී ඇති කුණු දූවිලි, තෙල් වැනි දෑ ඉවත්කල හැකි ක්ලෙන්සර් වර්ගයක් භාවිතයෙන් මුහුණ සහ ගෙල ආශ්‍රිත සම හොඳින් පිරිසිදු කල යුතුයි. ඔබට අවශ්‍ය නම් ජලය අඩංගු ෆේස් වොෂ් වර්ගයක් සහ ක්ලෙන්සර් ව‍ර්ගයක් භාවිතා කල හැකියි.

2. Tone
මුහුණ පිරිසිදු කිරීමෙන් පසු ටෝනර් වර්ගයක් ඔබට අවශ්‍ය නම් භාවිතා කල හැකියි.

3. Serums and Treatments

මැරුණු සෛල ඉවත් කර සම පැහැපත් කිරීමට සහ කොලජන් නිපදවීමටත් සම දීප්තිමත් කිරීමටත් සීරම් ප්‍රථිකාර ක්‍රම වැදගත් වනවා.

4. Eye Cream
ඇස ආශ්‍රිත සම ඉක්මනින් අඳුරු පැහැ වන අතර එය වැලැක්වීමට ඔබ භාවිතා කරන සීරම් ආලේපන හෝ අයි ක්‍රීම් වර්ගයක් ඇසවටා මෘදුව ආලේප කල යුතුයි.. පසුව එම ඇස් වටා සමට මෘදුව ඇගිලිවලින් තට්ටු කරන්න.

5. Acne Spot Treatment
කුරුළෑ ප්‍රථිකාර සඳහා සුදුසුම වේලාව රාත්‍රී කාලයයි. කුරුළෑ හටගත් පසු ඒ සඳහා අවධානය දෙනවාට වඩා කුරුළෑ මතුවීම වළක්වා ගැනීමේ පියවරයන් අනුගමනය කල යුතුයි. සමේ රැදෙන කුණු තෙල් වැනි දෑ කුරුළෑ ඇතිවීමට මූලික හේතුව වන බැවින් හොඳින් සම පිරිසිදු කල යුතුයි.

6. Moisturize
සමේ තෙතමනය රැක ගැනීමට රාත්‍රී කාලයේදි සමට හොඳ මොයිස්චරයිසින් ආලේපනයක් භාවිතා කල යුතුයි.

7. Face Oil
රෙටිනෝල් සහ ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල අඩංගු ෆේස් ඔයිල් වර්ගයක් රාත්‍රී කාලයේ මුහුණේ, සමෙහි ආලේප කිරීම මගින් සමේ තෙතමනය හොඳින් ආරක්ෂා කරගත හැකියි වගේම සමට සුමුදු බවක්ද ගෙන එනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2099 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:20 PM
Script:/article/2099/this-is-how-to-make-the-best-skincare-routine.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:20 PM
Script:/article/2099/this-is-how-to-make-the-best-skincare-routine.html